හරියට
තමන්ගේ බිරිඳ සමග අනාචාරයේ හැසිරුණෙකු දෙස බලන අවඥා සහගත බැල්මක් පිට කරමින් විපුලේ
කීය.
“මං ගිය ඇති රෝන්දයක් නෑ. කන්ද නැගල හති දම දමා ඉන්නව දැකල වත්තන් කර
ගෙන ආවෙ” මම කීමි.
තාවකාලික
හො උත්තේජනයකින් සපත්නීරෝෂයක් මෙසේ ඇති විණි නම් විපුලේගේ බිරිය සමඟ ඇයි
හොදැයියක් තිබුණොත් කුමකින් කමක් වෙයි දැයි සිහියට නැගුණි. කිසිත් නො දෙඩූ මිලිනා එක එල්ලේම ගොස් බසයට නැංගාය.
“මචං
මං කියපුදේට උඹට තරහ ගියා ද?”
“නෑ එහෙම තරහ ගන්ට හේතුවක් නෑ”
“මට ඕනෑ උනේ මං ඇත්තටම එයාට ආදරෙයි කියල හැගීමක් දෙන්ට”
“ඉතින් එහෙම හෑගීමක් දීල ලංකාවට ගියාට පස්සෙ දරුපවුල අයින් කරල මෙයාව එක්ක දිගට ම ඉන්නවා ද ?”
“මොන පිස්සුද ඕකුන්ට
බලාපොරොත්තු දීල දීල අන්තිමට ලබ්බ ගලේ ගැහුව වගේ කරන්ට ඕනෑ”
“තමන්ගෙ ආසාවන් ඉටු කර ගන්න එක වෙනම කාරණයක්. ඒත් ඔය විදියට අපිත් එක්ක
ජවුසන් නටනවා නම් එහෙදි කොහොම ඇද්ද? සමහර විට එයාගේ හිතෙත් ඇත්තේ අපිව අන්දවලා කඩා
වඩා ගන්ට වෙන්ට පුළුවන්”
“මේ වෙනකොට විපුලෙ එයාට කීයක් විතර වියදම් කරල තියෙනවාද”
“ඕනෑනම් රුපියල් හාර පන්දාහක් ඇති. ඒක ගියාට පාඩුවක් නෑ. මං ඒකට වැඩ
ගන්නවානේ”
“එතකොට එයා නොකියා කියන්නෙ විපුලෙට පුරුෂ ධෛර්යයක් නෑ කියල”
“ඒ උඹව අල්ල ගන්ට. එයා සුදනා වෙන්ට. උඹ දන්නෙ නෑ ඕකිලාගෙ හැටි”
“අනේද කියන්නෙ මඤ්ඤොක්කා. කෝක නැතත් ඔයාගෙ
කතාව මං දැනගන්ට ඕනෑ. මං පොතට නමකුත් හිතාගෙන ඉන්නෙ.”
“මොකක් ද නම?”
“Grade One Teacher”
“ඒක නොවෙයි; නම වෙන්ට ඕනෑ ‘Grade One Principal’ කියල. තව එහාට කතාව කරගෙන යනකොට ඔයාටම හිතෙයි එක්කෝ “ග්‍රේඩ් වන් ප්‍රින්සිපල්” හරි “ප්‍රින්සිපල් ග්‍රේඩ් වන්” කියල හරි දාන්ට.”