266. ප්‍රිංසිපල් Grade One | සත්‍ය කතාවක්

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


උඹ දේශපාලන ව්‍යාපාරයක් කරනවලු

මොකාගෙ දේශපාලනය එක්ක ද?”

එහෙම නමක් නියමයක් නෑ. කොහොම වුණත් මන්ත්‍රී තුමාගේ දේශපාලන ව්‍යාපාරයට විරුද්ධව. ඒ කියන්නෙ උඹේ වැඩ පිළිවෙළ නිසා එයාට ප්‍රශ්නවලට මුහුණ දෙන්ට වෙයිලු.”

මං මොකද ඒකට කරන්ට ඕනෑ?”

උඹ ගිහින් මන්ත්‍රී තුමාගෙන් සමාව ගනින්

යකාගෙ කතාවක්නෙ මං අහවල් වැරැද්දක් කෙරුවට ද ඒ මී හරකගෙන් සමාව ගන්නෙ?”

“එහෙම නෙවෙයි මට එන්ට කියල කරුණු කාරණා ඇහුවොත් සිද්ධිය පහදා දෙන්ට පුළුවන්. ඒකෙන් පස්සෙ මන්ත්‍රී යම් තීන්දුවක් දුන්නොත් ඒක පිළිගන්ට ලෑස්තියි.

හොඳයි මං කියල බලංනං කෝකියමින් පුස්තකාලයාධිපති සිය රාජකාරියට පිට මං වුණා.

පුස්තකාලයාධිපති මන්ත්‍රීගේ රියැදුරු කමට අමතරව චර පුරුෂ සේවාවේ යෙදෙන බව කණෙන් කොනෙන් කණට වැටිණ. විවේක වේලාවේ තේ පානයට ආපණශාලාවට රැස් වෙන ගුරු මණ්ඩලය ඉදිරියේ මන්ත්‍රී නිවසේ සිදුවීම් හා පුස්තකාලයාධිපතිගේ යෝජනාව ද වැමෑරුයේ එන හැටියකට මුහුණ දෙන අටියෙනි. කොහොම නමුත් ආසන්න ඉරිදාවේ තමන් හමුවන ලෙස කර තිබුණ මන්ත්‍රිගේ දැනුම් දීම මා දැනුවත් කළේ ද පුස්තකාලයාධිපති විසින්. වරදක් නො කළ බැවින් බියක් නෑ. ඔහු හමුවන්නට යා යුතු ද නො යා යුතුදැයි සිත දෝළායමාන වුණා. නො ගොසින් සිටීම වරද පිළිගැනීමක්. එ බැවින් මන්ත්‍රී හමුවන්නට යාමට තීරණය කළා. වෙන දෙයක් වෙච්ච දෙන් කියා නියමිත දිනයේ ගියා.

මාව දැක්ක ගමන්  මන්ත්‍රී කුළු-මීහරකෙකු වගේ ඇගට කඩා පැන්නා. ඡන්ද දායකයන් දහ පහළොස් දෙනෙකුත් පාසැලේ ගුරුවරුන් දෙදෙනෙකුත් එතැන හිටියා.

මට ආරංචියි තමුසෙ ඉස්කෝලෙ නටනවා කියලා. ඒවා මෙහෙ හරියන්නෙ නෑ.” කීවා ඒ මන්ත්‍රී.

හරි මං නටනවා තමයි; මට නටන්ට බෙර ගහන්නෙ තමුසෙගෙ චක් ගෝලයෝ. හිතුණ වෙලාවට ඇවිත්, හිතුණ වෙලාවට යමින්, පන්ති කටයුතුත් පැහැර හැරලා; දේශපාලනයට සහ මුලින් විනාශ කරල තියන්නෙ තමුන්ගෙම සහචරයන්. ඔයෙත් ඉන්නෙ දෙන්නෙක්. මං අභියෝග කරණවා පුළුවන් නම් හෙට ස්කෝලෙට ගිහින් මේ ගොල්ලන්ගේ කාල සටහන් අනුව පන්තිවල වැඩ කෙරිලා තියෙන්නෙ කොහොම ද කියල පරීක්ෂා කර බලන්ට. නමුත් කොහොම ද ඒවා හොයන්නෙ යාරයේ රෙද්ද අඟල් තිහට කපා විකුණුවා මිසක් කියන ගමන් ම එතැනින් පිට වුණා.

උකුණ  හිසක් තරම් වත් මොළේ තිබුණා නම් මන්ත්‍රී දැන ගන්ට ඕනෑ කොට්ඨාශයේ පමණක් නො වෙයි පළාතේම කප් ගසා තිබුණ පාසලක් පරිහාණියට යා නො දී රැක ගන්ට. ඒ සඳහා මුල් වුණේ මොකා වුණත් ඔහු පිට බර පටවා ලැබෙන ගෞරවය තමන් ගන්ට. නමුත් සිදු වුණේ පසු දින සඳුදා විදුලිය පුවතකින් කෝණ වැව විදුහලට ස්ථාන මාරු කිරීම.




"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll