267. ප්‍රිංසිපල් Grade One | සත්‍ය කතාවක්

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


ඇයි මං යන්නෙ. විදුලිය පුවතක් කියන්නේ නිල රාජකාරී ලිපියක් නොවෙයි. අපි නිවාඩු ගන්නකොට විදුලිය පුවතක් එවනවා. ඒක දැනුම් දීමක් පමණයි. විධිමත් නිවාඩු අයදුම් පත්‍රයක් දුන්නොත් පමණයි රාජකාරිය ඉටු වෙන්නෙ. ස්ථාන මාරුව ගැන දැනගත් ළමයින් උද්ඝෝෂණයක් කරන්නට අර ඇද්දා. මං කොහොමට වත් ඊට ඉඩ දුන්නෙ නෑ. හැබැයි මං ළමයින්ට ඉගෙනීමේ අගයත් තමන් වෙනුවෙන් දහ දුක් විඳින දෙමාපියන්ගේ තත්වයත් පහදා දෙමින් කියා සිටියා යම් කිසි ගුරුවරයෙකු තමන්ගේ යුතුකම් නිසි පරිදි ඉටු නො කළොත්  දෙමාපියන්ට කියා ඔවුන්ගේ මාර්ගයෙන් කළ යුතු දේවල් කරන්නට කියා. නමුත් පසු දින දෙමාපියන් විශාල පිරිසක් ඇවිත් කෝලාහලයකට සූදානම් වුණා. යන්තං සන්තං වැඳල පුදල උන්නැහේලා පිටත් කර ගත්තා. නමුත් මං ප්‍රසිද්ධියේ ම කියා හිටියා මේ කන්නෙ විතරයි උන්දැට මන්ත්‍රී කම, මොන බල්ලෙකුගේ හරි පය අල්ලලා ඊළඟ කන්නයේ උන්දාට මන්ත්‍රීකම නැති කරණ බව.

සිකුරාදා විධිමත් ස්ථාන මාරු ලිපිය ලැබුණා. ඒ ගමන් ම පාසැලෙන් පිට වුණා. ඔය කාලය වෙන විට හැම එකකට ම පෝලින්. එම පෝලින් යුගයට මුහුණ දෙන්නටත් ඕනෑ. දරු පවුල ජීවත් කරවන්නටත් ඕනෑ. රස්සාව කරන්නටත් ඕනෑ. කොයිකටත් සඳුදා අලුත් පාසැලට ගිහින් ම කළ යුත්ත නො කළ යුත්ත තීරණය කළ යුතුයි හිතුණා.

එකෙක් දෙන්නෙක් මරන්ට ඔයාට හිතුණෙ නැද්ද?” මිලිනා විපුලගෙ අත පිරිමදිමින් අසයි.

මොකෝ නැත්තෙ දෙතුන් දෙනෙකුගේ බොකු බඩවැල් එළියට ගන්ට හිතුණා. කවදා හරි ඇත්ත ජය ගන්නවා. නමුත්  බොහොම පරක්කුයි. අනිත් එක, ජාතියක් ජන්මයක් ඉන්ඩ හිටින්ඩ තැනක් නැති අය නො වෙයිනෙ අපි. අපිට හොඳ පරම්පරාවක් තියනවා. දරු මල්ලන් ඉන්නවා. ඒ ගැනත් කල්පනා කරන්ට එපායැ.”

මා ද ගුරුවරයෙකි. නමුත් කිසිම දවසක පරිබාහිර කරදරයක් ඇති නො විණි. හේතුව බාහිර සමාජය ගැන නො සිතා තමන්ගේ කටයුතු පමණක් බලා කියා ගෙන සිටීම විය හැකිය. විපුලසේන වැන්නන්ගේ ලෙයම වරද දුටු තැන නැගී සිටින්නට සූදානමින් සිටියාක් මෙනි. එක් පසෙකින් බලන කල නීතිය දැනීම ද විනාශයට හේතුවක් බව මට වැටහෙයි. විපුලෙගෙ සෑම සිද්ධියක ම අඩිතාලම වැටී ඇත්තේ නීතිය රීතිය මතිනි. නීතියට අනුව කටයුතු කරන්නට යාමෙන් සිදුවන ප්‍රතිඵලයයන් නීතියේ දේවතාවියගේ කෝපයට හේතුවේ. එසේ ම තමන්ට වඩා දැන උගත් බුද්ධිමත් අයෙකු සිටිය නො හැකියි යන උපකල්පනය කරණ අමන දේශ පාලනඥයන් නිසා සමාජ ක්‍රමය ම උඩු යටිකුරු වී ඇති බව මෙම සිද්ධි වලින් හෙළිදරව් වන කාරණය යි.

මොකද ධර්මෙ තුෂ්ණීම්භූතව ඉන්නෙ  මොනව හරි කියනවකෝවිපුලෙගෙ ඉල්ලීමයි.

නෑ මේ මං කල්පනා කළේ දේශපාලනඥයන් ගැන, උන්ගේ චර්යාවන් ගැන




"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll