“පිස්සුද මං කීවා දිල්ලියෙදි බලා ගමු කියලා”
“ඒකෙන් ප්‍රශ්නය නිරාකරණය වෙනවැයි.”
“ඒක දිල්ලියෙ ද බලා ගනිමු. එතකල් වල් පල් නො කියා තවත් වටයක් යමු.”
උදේට
ලැබෙන කඩල පැකැට්ටුව තරම් දිවා හා රාත්‍රි ආහාර වේල ප්‍රිය ජනක නොවේ. ලුණු ඇඹුල්
මිරිස් පැත්ත පලාතකවක් නැති රෝගීන්ට ගැළපෙන දෙයකින් පලක් නැත .
“මුන්ගෙ මලදානෙ කාල මට එපා වෙලා
තියෙන්නෙ!”
“අපි හෙට ඉදන් නවාතැන් ගන්නා හොටල් වලින් කෑම කමු.” මම කීයෙමි.
“අර මනුස්සයා පිටින් කන්ට එපා කියල කීවා නේද?”
“ඉතින් අපි පාර අයිනෙ තියන ජරා කඩවල් වලින් නො වෙයි නෙ කන්නෙ. නවතින තරු
හොටලයකින්නේ.”
“ඒකට මෙහෙම කරමු. හෝටලයට ගිහින් කෑවොත් අහුවෙන්ට පුළුවන්. අපි පාර්සල්
අරගෙන වෙනදා විදියට කමු.”
රාත්‍රි
ආහාරයට පොල් නැති කිරි හොද්දක් ගෝවා මල් හා බදින ලද හාල්මැස්සන් පහක් ලැබිණි.
හාල්මැස්සන් කීප දෙනා හපමින් බත් පත කුණු බක්කියට හලනු ලැබිණ. මෙය කොහේදෝ සිට
සංවිධායක වරයා බලා සිටියේය. ඔහු ළඟට ආවේය.
“ඇයි කෑම හොඳ නැද්ද?”
“කෑම හොඳයි - මේ කෑම කන්ට බෑ”
“රස නැද්ද?”
“කෑම වල මොකෝ රස නැත්තෙ - ඒත් මේ කෑම වල ලුණුත් නෑ මිරිසුත් නෑ ඇඹුලුත්
නෑ. අපි දන්නවා වෙනත් රටකදී ගෙදරින් වගේ කන්ට බෑ. ඒත් අඩුගණනේ යහමින් මිරිස් දාලා
කරවල ව්‍යංජනයක් හැදුවානම් ඇති. අනික දෙතුන් සීයකට උයන කොට කොහොමටවත් රසට මාලුවක්
පින්නක් හදන්ට බෑ. ඒත් අඩුගණනේ යහමින් මිරිස් කරවල ව්‍යංජනයක් හැදුවනම් ඇති. කරුණා
කරල මීට පස්සෙ ඔය අය ගමන් සංවිධානය කරණ කොට තමන්ගේ ප්‍රයෝජනය සඳහා වියළි කරවල
බැදුමක් සීනි සම්බෝලයක් අච්චාරුවක් වගේ දින කීපයක් තියා ගන්න හැකි දේවල් හදාගෙන පැමිණිම
වඩාත් හොඳයි කියල දැනුම් දීමක් කළොත් මේ ප්‍රශ්නය විසැදෙනවා” විදුහල්පති විපුලෙ කියා ගෙන යයි.
“හරි හරි තව තියන්නෙ දවස් තුන හතරක්නෙ. ඒ ටිකත් කොහොම හරි ගෙවා ගනිමු”
ය කියමින් කතාවට මම තිත තැබීමි.
“නෑ බලපං මචං මේක දවසක් දෙකක් නො වෙයි නේ. බත් එකත් මෙරි වෙලා. ඒ මැදට හොඳි ගොඩක් වක්කරලා”
“එයත් කන්නෙ මේවම නේ”
“ඒක තමයි උන්ගෙ කපටි කම; ඒක දකින අය හිතා ගන්නවා අනේ සංවිධායක උන්නැහෙත්
කන්නෙ මේවමනේ අපි කෑවහම මොකෝ කියල”
“මිලිනා කෑවද දන්නෙ නෑ” මම විමසීමි.
“කන්ට බැරිනම් මකබෑ වෙච්චදෙන්” කියමින් අතර මග
නො නැවතී ගොස් ඇඳේ දිගා විය.
නින්ද
වෙනදා මෙන් සුවදායක නොවීය. එකක් බඩ හිස් වීමය. අනෙක මදුරු කරදරයයි. මත් බව නිසා
මුල් පැය තුන හතරක් නින්ද ගියත් රාත්‍රි දෙකේ සිට වින්දේ පුදුම වදයකි. විපුලේ
ගොර දෙමින් නිදයි. මාපිලෙකු ඇඳ කණුවක් දිගේ නඟින්නට උත්සාහ ගනු දැකීමෙන් බියට පත්
මා වට පිට බැලීමේදී දුටුවේ කොස්සකි. දෑත බදා දුන් පහරින් ඇඳ කකුලේ සිටි සර්පයාත්
කොස්සත් දෙකඩ විය. පහරේ ශබ්දයටත් මගේ කෑ ගෑසීමටත් බොහෝ දෙනෙක් අවදි වූහ. වෙන්නට
ගිය විපතින් පුද්ගල ප්‍රාණයක් බේරා ගැනීමට හැකි වීම ගැන මා සතුටට පත් වූ අතර
සෙස්සන්ගෙන් නො මද ප්‍රශංසාව ද හිමි විය.