සංචාරයේ
තවත් අළුත් දිනයක්. උදෑසන තම තමන්ගේ හිත මිතුරු කම් අනුව ආසන සොයා ගනිමින් ගමන ඇරැඹීම
සඳහා බසයට වන්දනා කරුවෝ ගොඩ වූහ. මෙම නඩයේ වැදගත්ම කාරණය වූයේ කිසිදු අඬදබරයක්
නැති වීමයි. සියල්ලෝ ම පණටත් වඩා නායකත්වයට ගරු කරමින් සාමුහික හැගීමෙන් හැසිරුණහ.
අපේ විදුහල්පති වරයා ඉඳ හිට අදින වලියක් වුව දිගින් දිගට ගෙන නො යාම කැපී
පෙනුණකි. අපේ රටේ සැතපුමක් පමණ දුර යන විට
විවිධ දර්ශන නෙත ගැටේ. එහෙත් ඉන්දියාවේ දී අප සංචාරයට යොමු වූ ප්‍රදේශය ගව
මහීෂාදීන්ගෙන් හා මිනිසුන්ගෙන් ශූන්‍ය වීම කුතුහලය දනවන්නකි. ඉන්දියාවේ දකුණු දිග
ප්‍රදේශය මෙසේ වුවත් සෙසු ප්‍රදේශ ජනාකීර්ණ විය හැකි යැයි උපකල්පනය විය.
මිලිනා විපුලේ
කෙරෙහි වඩාත් ලෙංගතු වන බවක් පෙනේ. එහෙත් මා වෙත දෑසින් කෙරෙණ ඇරයුම් වලින් හදවතට
දැනෙන්නේ අමුතු ම මිහිරකි. විදුහල්පති භූමිකාවේ තොරතුරු දැන ගැනීමේ පිපාසයෙන් පෙන
මම, මිලිනා කෙරෙහි ආශක්ත නො වී විපුලෙගෙ
අවධානය කතාවට යොමු කෙළෙමි.
“මලය උඹ එන කල්ම මං මග බලාගෙ හිටියේ. වරෙන් වරෙන් මටත් ඕනෑ ඔය වගේ අය
තමයි. යමු යමු ගුරු නිවාසෙට. මාත් තව උදේට තේ බීවෙ නෑ. අපෙ නෝනා ගුරු පුහුණුවට
යනවා. එයා පාරට ඇරල මේ ආවා විතරයි. නංගී මේ තේ ලෑස්ති කරන්ට.”
අටයි
දහයේ මස් පර්වතයක් කඩා පාත් වෙච්චි. කොහොම නමුත් එයාගෙ පිහිට ඉදිරියට ලැබිය යුතු නිසා
මදහසක් පෑවා. එයත් ඒකට ලෙංගතු ව පිළිතුරක් දුන්නා.
“ඊයෙ මං කන්තෝරුවට ගියා. එතැන එකම බර බරේ උඹ ගැන. නාහෙට නහන මහ
අමාරුකාරයෙක් කියල තමයි කතාව. කෝ එහෙම බවක් පේන්නෙ නෑනෙ, බලපංකො උඹෙ මූණෙ තියන
සීදේවි පාට.”
“එක මෙහෙමනේ ලොකු මහත්තයා, මූණ එකක් - මොළේ එකක්. නීති රීති මොළේට,
යුතුකම් අයුතුකම් පපුවට, පැවැත්ම මූණට. අපි කවුරුත් ජීවත්වෙන්නෙ අනුන්ගෙන් ලැබෙන
වැටුපකින්නේ. ඒ ගන්න මුදලට හරියන්ට සීයට සීයක් නො වෙයි යටත් පිරිසෙන් සියයට හැටක්
වත් අපෙනුත් සේවයක් වෙන්ට ඕනෑ. නැත්නම් අපේ දරු මුනුබුරන් පවා ලෝකෙට කඹුරනවා. ඒක
හරියට වටහා ගෙන කළොත් මූණයි පපුවයි මොළයයි එකට ගමන් කරණවා. දැන් බලන්ට දරු මල්ලන්
දාලා හැතැප්ම පණහක් පමණ දුරට මාව දාල තියනවා. ඔය අතර මග පාසැල් පණහක් විතරම
තියනවානේ. මොකෝ මාව විශේෂඥ ගුරුවරයෙක් ද? මේ පාසැල විශේෂඥයකුගේ
සේවාව ඕන කරණ තැනක් ද? බල්ලෙක් බලු කමට මිදුලේ කැත කළාම
ඒක හීන් සීරුවේ ඉවත් කරණ එකනෙ බුද්ධිමතකුගෙන් වෙන්න ඕනෙ. මේක එහෙම නෙවෙයි අර කැත
ගොඩ ප්‍රදර්ශනය කරණවා. මොක ද දේශපාලනඥයාගේ
හිත දිනා ගන්ට. පෝන් කරල කියනවා ‘ඔන්න සර් මං මිනිහව යැව්වා ඔලුව උත්සන්න බැරි
තැනකට’ කියලා. මං මෙතන වරදක් කරණවා නම් ඒක ගැන කළයුත්ත නො කළයුත්ත කියා දිය යුත්තේ
මුල් ගුරුවරයා. ඒක නො පිළිගන්නවා නම් මා.අ.නි. ඒත් නැත්නම් ප්‍රධාන අධ්‍යාපන
නිලධාරී. ඔය එක පැත්තක්. හිටපු තැනින් මාරු කරන්ට මන්ත්‍රී කීවා දිස්ත්‍රික්කයේ ප්‍රධාන
අධ්‍යාපන නිලධාරිට. එයා හොයන්ට එපායැ ඇයි මේ මනුස්සයා මාරු කරන්නෙ කියල. වරදක් කරල
තියනවා නම් තූත්තුකුඩියට යනවා නෙමෙයි සේවයෙන් පහ කරණ එකනෙ තියන්නෙ. මිදුලෙ පහරපු
බල්ලට හපන් ඒවා හත් පොලේ ගා ගන්න එවුන්.”
Edit or delete this