271. ග්‍රේඩ් වන් ප්‍රිංසිපල් | සත්‍ය කතාවක්

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


හරි මලයා උඹට කැමති කාලයක් කැමති විදියකට මෙහෙ ඉන්ට පුළුවන්. මෙහෙට දෙන්නෙක් අතිරික්තයි; දැන් උඹත් එක්ක තුනයි. මට මොකෝ කන්තෝරුවෙන් එවනවා නම් මං වැඩ බාර දෙනවා. හැබැයි කරන්ට වැඩක් නෑ පාළු කපන එක විතරයි එකම රාජකාරිය

මට නවතින්න තැනක්?”

ඉතින් මේ ගුරු නිවාසයේම නැවතියන්

අපෝ බෑ එක අපි දෙන්නගේම නිදහසට බාදාවක්

එහෙනං යන්කෝ කැඩිච්ච පුටු බංකු දාල තියන කාමරයක් තියනවා. ඒක බලන්ට

ළමුන් කීප දෙනෙකුන් කැදවා ගෙන ආ මුල් ගුරු මහතා ඔවුන්ට යම් යම් උපදෙස් දෙනු ලැබීය. බිත්තියට යාව ඇති කනේරු ගස පිටට යන සේ ඉවත් කළ කළු ලෑලි හරස් කර ලිපක් තනන ලෙස මං කීවා. විදුහලේ කාර්යාලයට ගොස් වැඩ භාර ගැනීමේ ලිපි ලේඛන සකස් කරමින් ම ෂඃ, හරි ක්‍රමානු කූලයිනෙ කන්තෝරුව ...

ඔන්න ඕක තමා මුන්ට ඕන එකම දේ. කාර්යාලය ක්‍රමවත් වෙන්ට ඕනෑ. ඇයි උන්ගෙ කාමරවල A.C. කැරකෙන පුටු. ඊට සමපාත වෙන්ට එපායැ මේවත්. පහසුකම් ගාස්තු පොත, රේල් වොරන්ට්, පාසැල් සංවර්ධන සමිතියේ බිල් පොත්’, ‘ඉන්වෙන්ටරිය’ හරියට තියනවා. කෝකා ආවත් බලන්නෙ ඒවා නේ.”

ඇයි පන්ති වල ඉගැන්වීම් පරීක්ෂා කරන්නෙ නැද්ද?”

සමහරවිට බලනවා. බලලා මොනවා කරන්ටද? අද එන එකා හෙට නෑ. ළමයි තුන්සිය ගණනක් පොත් වල හිටියට දිනපතා පැමිණීම සීයයි එකසිය විසිපහයි. කොල්ලො කෙල්ලො හේන්වල රිලව් එළවනවා - ගිරවු එළවනවා

හරි අපරාදයක්නෙ ...

ඕකට මං දවසක් ගුරු දෙගුරු සමිතිය කැදවලා ලොකු දේශනයක් දුන්නා. ඒකට උත්තර වශයෙන් එක එකා කීවෙ මෙහෙම:”

මහත්තයෝ අපිත් දන්නවා ඉගෙන කියාගන්න එකේ අගය. ඊට වඩා ලොකුයි බඩ රැක ගැනීම.

අපි අන්ත අසරණ දුප්පත් මිනිස්සු. හේන් වපුරලා දාලා කුලී වැඩ තියෙන තැන් හොයා ගෙන යනවා. ඒක නිසා කොල්ලො කෙල්ලො හේන් වලට දොක්කනවා. අපිත් කැමතියි මහත්තයෝ අපේ දරුවන් නෝනලා මහත්තෑන්ලා කරන්ට. කොයි ඒකට අපිට හයියක්!

ඔන්න ඕකයි තත්වෙ. අපි මොනවා කරන්නද?” මුල් ගුරුතුමා මගෙන් ඇසුවා.

 



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll