පාසැලට
ඇවිත් කොට කලිසමක් ඇඳ ගත්තා. ඌරු හංකඩය කරුක්කල් දමන්නට සුදුසු විදියට කපා
පැත්තක තැබුවා. කටුවලින් ගලවා ගත් ඉතිරි මස් අඟල් තුන්කාලට පමණ ඉරල දැම්ම දුමේ. බයිසිකලේ රිම් එකකට කුකුලු දැලක්
ගහල තමයි දුම හදල තිබුණේ. කටු බටු ටික තැලුවා පොරෝ බන්දෙන් වංගෙඩිය උඩ තියල. ඒවා
සුප් එකකට. ලොක්කයි චූටි දුවයි ගොරව ගොරවා නිදි. ලොක්කගෙ නගා ළිඳ ළඟ නානවා. අසංවර
විදියට දිය රෙද්ද එහා මෙහා කරණවා කියලයි මට හිතුණේ. හරියට මෙයා මේ ඉන්නවා වගේ.”
එවිට
මං බැලුවා ඒ දර්ශනය දණ හිසෙන් වියතක් පමණව ඇය ඇඳ සිටි සාය එසැවී ඇත .
“ඉකේයියා තියෙන වනචරකම” මිලිනා සාය පහත දමමින් කීවා.
“ඉතින් ඊට පස්සෙ?” මම ඇසීමි.
“තුනපහ තියෙන තැන් මං දන්නෙ නෑනෙ. නඟා එනකල් හිටියා සාලයේ. එයාගෙ නම විමලා
බව විනාඩි කීපයක් ඇතුළත දැන ගත්තා.”
වික්‍රමසිංහ
උන්නැහේ ආව එළියට. “නංගී නංගී” යි හඬ ගෑවා නඟාට. මං කීවා එයා ළිඳ ළඟ ඉන්නවා දැක්කා කියල. ‘එහෙනම් අපි
තේ ටිකක් බොමු’ කියල ඔහු ගියා කුස්සියට. ඔහු හඬ ගෑවා.
“ඒයි මචං උඹ නම් හැබෑ මිනිහෙක් බං”
“ඇයි මොක ද?”
“බලපල්ලකො දුම් මැස්සෙ ලස්සණ ඉතිං යකඩො රෑට උයන්නෙ මොනවද?”
මැටි
කෝප්ප දෙකක තිබුණ මස් වර්ග පෙන්වා ඒවා හඳුන්වා දුන්නා.
“මේවා සුප් එකට කටු බටු. මේවා ඌරු කරුක්කල් වලට”
“මොනව උඹ දන්නව ද කරුක්කල් හදන්ට?”
“ඔව්”
“මං දන්නෙත් නෑ මගේ ගෑණී දන්නෙත් නෑ”
විමලා
නාගෙන ආවා. ඇගේ සිරුරෙන් වහනය වන සුවඳ, සබන් වලින්
නිර්මිත වූවක් නොවන බව හිත කියයි. වරලසින් රූ රා වැටෙන හීන් දිය බිදු වලින් නිතඹ තෙත්
වී ඇත. මුලින් ම දුටු විට දැනුණ අපුල, විමලා කෙරෙහි පැය කීපයක් තුළ නැති වී
ගියේ කොහොමද කියල මටත් ප්‍රශ්නයක් වුණා.
විමලා
තේ දුන්නා. හැබැයි තේ එක මහ පලංකාඩු රහයි. ඒකට හේතුව කිවුල තියෙන ළිං වතුර.
ඒ මදිවට රතු සීනි. තේ කොළත් මහ කමකට නෑ. තේ බොන ගමන් වික්‍රමසිංහ කීවා
එයාගෙ නගාට තුනපහ ටික පෙන්නන්ට කියල. මිරිස් හාමු සරක්කු දැම්මා. ඒත් ගම්මිරිස්, එනසාල්, කුරුදු පොතු, වගේ ඒවා නෑ. මං කාමරයට ගිහින් අඩුම කුඩුම පෙට්ටිය ගෙනාවා. එහි කුස්සියට
අවශ්‍ය හැම ආම් පන්නයක් ම තිබෙනු දුටු අයිය නගාලා පුදුම වුණා. මගේ බිරින්දෑ අවශ්‍ය
හැම කුළු බඩුවක් ම සකසලා තිබුණා.
කරුක්කලයට
ගත් මස් හට්ටිය ලිප තබත්ම මුල්ගුරු බිරිඳ ආවා. මා දුටු ඇසිල්ලෙහි ඈ දෑඩියක් පසෙකට
විසිවුණා. ඇය හුරු බුහුටියි. ලස්සනයි. පෙනුමට නම් වයස විසි තුනකට වැඩි නැතිව ඇති.
එකම වරද මාස හයක් විතර මෝරපු බඩක් තිබීම.