“ඉකේයියා මේ මනුස්සයා ඒක රසකර කර කියන හැටි විතරක්” ඒ මිලිනා.
“එහෙනං මනුස්සයෝ ඒ ගෙදර ගෑණි ආවා කියල කියන්ටද? ඊට පස්සෙ තමුසෙම අහයි එයාල ලස්සනද හැඩද අරකද මේකද? මුලින් ම කියල දැම්මම අහවරනෙ. හැරිල
බලනකොට තමා දැක්කෙ වම් පය කොර ගහන බව”
ඉතින්
අල පරිප්පු වගේ ඒවා ටිකක් දමල කටු සුප් එක ලිපේ තියල මාත් එළියට ආවා. ලොක්කා
පාසැල් වත්තේ මොකක් හරි වැඩක. ගියා මාත් එයා ළඟට. මිනිහා මඤ්ඤොක්කා පඳුරු දෙකක්
ගලවලා. කොහොම ද රෑ කෑමට හොදයිද? ඔහු අලවල මැටි ගලවමින්
ඇහුවා. “ඕකට ටිකක් තිබුණ නම් තමයි ගැලපෙන්නෙ.” මං නිකමට වගේ කීවා.
“ඒක තමයි මලයා මාත් මේ අහන්ට හිටියෙ. හැබැයි සුදුව තමයි. අනිත්වා
ගෙන්ට අනුරාධපුරේ යන්ට ඕනෑ”
“සුදුව කීයද?”
“බෝතලේ දහයයි”
“මං දෙන්නම්. අරගෙන එන්ට”
“අපි දෙන්නම යං”
“මගේ අම්මෝ ඒක නම් කොහොමටවත් බෑ.”
“හා හා හරි හරි මං ම යඤ්ඤං කෝ” කියු ඔහු අල
කැබලි ටික එල්ලාගෙන ගුරු නිවාසය දෙසට ගියා. මං කාමරයට ගිහින් සල්ලි ගෙනැවිත්
දුන්නා. අල ටිකක් සුද්ද කරල මුරුංගා රිකිලි කීපයකුයි කහ ස්වල්පයකුයි ඒකට දාලා විමලාට
කීවා ලිප හිස් වුණාහම අල මුට්ටිය ලිපේ තියන්ට.
ලොක්කා
සාගත මල්ලක් සයිකලයේ එල්ලාගෙන
කොහේදෝ ගියා. මාත් සරමත් සබන් පෙට්ටියත් අරන් ඇවිත් ළිඳෙන් නා ගත්තා. ළිඳ ළඟ
තිබුණ ලොකු බේසමට වතුර බාල්දි විස්සක් ඇදල එය පිරෙවුවා.
ඇඳුම්
මාරු කරණකොට විමලා ආවා. එයා බේසම දිහා බැලුවා.
“ඇයි මේ වතුර පුරවලා තියන්නෙ ? ”