“ගෙදර අවශ්‍ය දේකට ගන්ට, ඇයි?”
“නෑ මං ඇහුවෙ අක්කට නාන්ට වතුර අදින්ට”
“ඉතින් මේක නා ගන්ට කියන්ට”
ඇය
මං දිහා ටිකක් වෙලා බලාගෙන ඉඳල යන්ට ගියා.
කාමරයට
එන විට ශාලාවේ පුටුවක් උඩ සාගත මල්ල.
ඇතුළේ පැකට් දෙකක්. වටින් පිටින් අදුර වැටීගෙන එනවා. විදුලිය පන්දම ඉනේ ගසා ගත්තා.
කුප්පි ලාම්පුවක් හදා ගන්ට සිතා සිටියත් අතුරු රාජකාරිය නිසා ඒක කර ගන්ට බැරි වුණා.
“මචං ෂොට් එකක් දාමු. තව අල තමිබලා නෑ. උඹ ගිහිං අර කරුක්කලේ බලල වරෙන්.”
“ඇයි මැඩම් ඉන්නවනේ”
“අනේ
මේ එයයි මායි දන්න කරුක්කලේ; ඉඳා වීදුරුවක් චුට්ටක් දාගෙන පලයං.”
“ඒක
නෙවෙයි දැන් අල තම්බනවානේ. මං අල කන්ට
කැමතියි. දවල්ට උයපු බත් තියෙනවා පරිප්පුයි කරවලයි තියනවා. මැටි කෝප්පයකට දාගෙන
ගිහින් දෙන්ට ද?”
“එහෙනං ඕව විසිකරන්ටයැ, මං හරි කනවා. ඕං බලපන් බොරුද කියල අපෙ නෝනා ඕක
ගිල දානවා.”
බත්
මාලු පිනි අරගෙන ගුරු නිවාසයට යන කොට ලොකු මැඩම් නාගෙන ඇවිත් තේ බොමින් විමලත්
එක්ක බර කතාවක්. මා දුටු ඇය කතාව නවතා මිහිරි සිනහවක් පෑවා.
“ලොකු මහත්තයා අද අල කමු කීවා. මේවා මං දවල්ට උයාපු බත් - ව්‍යංජන.
අපරාදෙ වීසි කරන්නෙ. ගෙනැල්ල තියන්ට කීවා, මහත්තයා කන්නම් කියල. මං ලිපේ තියෙන
ඒවත් බලල යන්නම්”
කරුක්කලය
ගණනට පදම් වී ඇත. සුප් මුට්ටිය ලුණු ටිකක් දැම්මා. අල මුට්ටිය වහලා.
“මඤ්ඤොක්කා තම්බනකොට වහන්න හොද නෑ. විෂ ඇතුළෙ කරකැවෙනවා. ඇරල තම්බන්ට
ඕනෑ. උපදෙසක් ද දුන්නා. විදුලි පන්දමේ එළියෙන් මං යනකොට වික්‍රමසිංහ කාරයා
ගේ ඉදිරිපිට ඇති අරලිය ගස මුල වාඩිවෙලා බාලාංශෙ පුටුවක. තවත් පුටුවක් එතැන තිබුණා
ඒ මට.”
“කෝ අල ...”
“මං ගෙනාපු අලයක් නෑ ...”
“පුදුම මිනිහෙක්නෙ මං යැව්වෙ අල ටිකක් අරන් එන්ට. මෙතැන අත වන වන ආව ද?”
“මට පුළුවන්ද යකඩො අර ගෑණු දෙන්නෙක් බලාගෙන ඉඳිද්දී අල ගෙන්ට”
“උන් උඹව කන්නෙ නෑ ගිහින් ගෙනෙන්”