“මට බෑ තමුන්නැහෙම යන එකයි තියෙන්නෙ”
“අඩේ මෝල් වහන්සෙ, මං ගියොත් අර ගෑණි යක්ෂණියක් වගේ කඩා පනිනවා. අනේ මගෙ
අප්පා හොඳ එකා වගේ ගිහින් අරන් වරෙන්”
විමලා
ශාලයේ එහා මෙහා යනු පෙනුණා. පුරුෂ ධෛර්යය අරන් ගියා.
“නංගියෙ මෙහෙ එන්ටකෝ ...”
“කෝ ලොකු මැඩම්?”
“බබාට කිරි දෙනවා ....”
“අනේ රත්තරන් අර මනුස්සය ගෙන් බේරෙන්ට බෑ. ඔන්න ඔහෙ පොල් කට්ටකට අල කෑලි
දෙක තුනක් දාල ගනින්.”
“අපේ ගම්වල තියෙනවා කතාවක් මේ තැනට නො වෙයි අර තැනට බෙදන්ට කියල”
“හුහ් බොල දන්න මහප්ප්‍රාණ ...”
ඇය
වට මලුවක් වගේ පස්ස කරකවමින් කුස්සියට ගියා. අල කෑලි කීපයකුයි කරුක්කල් කෑලි කීපයකුයි
බෙලෙක් පිඟානකට දමාගෙන ආවා. “මේ හැමදාම මේ වැඩේ බෑ හරිද?” ඇය ආපසු ගියේ මගේ අත කොනිත්තමින්ය. නිදා සිටින සිංහයා නැගිට වන්නට
දගලන දැඟලිල්ලක් කියා මට හිතුණා. බාගයක් ඉවර වුණා දැන් ඇතියි ඔහුට කීවත් අනිත්
පැකැට්ටුවත් කැඩුවා. ගෑණුන්ට බයේ ඉන්ට ඕනැයි බං ඔන්න ඔහෙ මේකත් ඉවර කරමු. එපා එපා
අර දෙන්නගෙන් මට විසුමක් නැති වෙයි. ඔහු තවත් වඩියක් දා ගත්තා. මාත් වීදුරුව අරන්
කලුවරේ බිම හළා චුට්ටක් තොලේ ගා ගත්තා.
“මං ළිඳ ළඟට ගිහින් මූණ කට හෝදා ගෙන එන්නම්. එතකොට අපෙ ගෑණිට ගාණක් නෑ.”
ඔහු
ළිඳ ළඟට ගියා. මං ගුරු නිවාසයට ගියා. දෙ නෑනෝ මාව පිළිගන්න වගේ ඉදිරියට ආවා. ඒ
සමගම ලොක්කත් ආපි.
“අනේ අයියෙ මේ අපේ මනුස්සයා එක්ක නම් වැඩි ආශ්‍රයට යන්න එපා. බොන්ට පටන්
ගත්තහම අයියත් නරක් වෙයි.”
“මට තේරුණා - මට තේරුණා. කදිමට හිටි මං නෙ මේකට මේ පටලව ගත්තෙ.”
“ඈ බොල දැන් වරද මං පිටින් අරින්ටද හදන්නේ. උඹ නො වෙයි ද කීවේ ‘මයියොක්කා
වලට මොනව හරි තිබුණොත් හොඳයි’ කියල.”
“ඒ මං කීවෙ කොච්චි සම්බෝලයක් වගේ එකක් හිතාගෙනනේ”
“උඹත් මං වගේ ම ගල් ආදෙක් බං. හා හා කන්ට තියන දෙයක් ගන්නවලා”