278. ග්‍රේඩ් වන් ප්‍රිංසිපල් | සත්‍ය කතාවක්

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


විමලා අල මස් සමඟ සම්බෝලයක් ද මෙසේ මත තැබුවා.

කෝ බත් එක?” වික්‍රම අසයි.

ඒක මං කෑවා. පරිප්පුව හරිම රසයි නේද නංගී?

අපිටවත් ඒ රහට උයන්න බෑ

ඈඃ!  කෙළියෙන් කවට කමින් උඹලා මේ මනුස්සයා ලවා උයවා ගන්ට ද හදන්නේ?”

මචං තුන්වේලට ම මෙහෙන් කාපන්. උඹ අතන තනියෙන් උයා ගන්නකොට අපිට ඒක මහ මොකක්දෝ වගේ. අපිට ඕන තරම් වී හාල් තියෙනවා. උඹට නිකං මදි පුංචිකමක් වගේ හිතෙනවනං ඔය යන එන කොට මාලුවට පින්නට මොනව හරි ගෙනැත් දාපන්.

ඒක එසේම විය යුතු බව කුමාරි”  ඒ කියන්නෙ විදුහල්පති බිරිඳත් අනුමත කළා. විමලාගේ දෑස් දියමන්ති ලෙස දිලිසුණා.

වන රොදට ඉහලින් අලුත් ඉරක් පායා ගෙන එයි. නැවුම් අදහස් ගොන්නකින් සිත කිති කැවෙයි. හිතේ හැටියට වැඩක් කරන්නට මෙම පාසැල් භූමිය සුදුසු යැයි සිතේ. හේතුව මුල් ගුරුවරයා ද වැඩක් කරන්නට උත්සාහ ගෙන එය හරි නො ගිය තැන තමන්ගේ වැඩක් බලා කියා ගෙන සිටීම වඩාත් සුදුසු යැයි සිතා ගෙන සිටියෙකු බව ඔහුගේ කතා බහෙන් සිතුන බැවිණි. මෙය සිතේ තබාගෙන උදේ ආහාරයට සකසා තිබුණ කිරිබත් ගුලියක් කටට යවමින් වික්‍රම ඇමතීමි.

හය හත අට පන්තිවල ළමයින්ගේ දෙමාපියන්ට  හෙට උදේ ඉස්කෝලෙට එන්න කියමුද?”

ඇයි මොකක්ද වැඩ පිළිවෙළ?

පන්ති තුනේ ළමයි හැත්තෑවක් විතර ඉන්නවාඑයින් දවසකට එන්නෙ දහයක් පහලොවක්

ඔව් ඉතින් ...

අපි දෙමාපියන්ගෙන් අහලා බලමු ළමයි පාසැල් නො එන්නට හේතුව

ඉතිං උන් කියාවි හේන් රකින්නට අරිනවා කියල

ඉතිං අපි ඒකට විසදුමක් හොයමු

අටං ගෙඩි විසදුම්. මොකෝ කොල්ලො කෙල්ලො ඉස්කෝලෙට එවල උන්ගෙ මෝලත් එක්ක අපි ගිහින් හේන් රකින්න ද?”

එහෙම නො වෙයි. කරුණාකරල මං කියන දේත් ටිකක් හිතන්ඩකෝ

 



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll