“මේ මලය, උඹ ඕන කුදයක් ගහ ගනිං. මගේ විරුද්දත්වයක් නෑ. ෆුල් සපෝට්. උඹට ඕන
නම් කොල්ලන්ගෙ අප්පලා නොවෙයි උන්ගෙ අම්මලා ගෙන්න ගත්තත් මට කමක් නෑ.”
උදේ
පාසල පටන් ගැනිමෙන් අනතුරුව 6-7-8 ශ්‍රෙණිවල සිසුන් 14 දෙනා මිදුලේ කොස්
ගස යටට ගෙන්න ගත්තා. පන්ති නාම ලේඛන පරීක්ෂා කරමින් ඔවුන් එක දිගට පාසැල් නො එන්නට
හේතු ඇසුවා.
එකෙකු
කීවේ අම්මා හේනට යන නිසා පුංචි නංගී බලා ගැනීමකි.
මෙසේ
එකිනෙකා නොයෙක් කාර්යන්හි නිරත වන බව කියා සිටියා.
“හරි ඔය ළමයින්ගේ හේතු මං පිළිගන්නවා. නමුත් දෙපාර්තමේතුවෙන් දන්වලා
තියනවා පාසල් නො එන ළමයි අස් කරන්නට. 6-7-8 පන්ති මේ
පාසලෙන් ඉවත් කළහම ඉතිරි වෙන්නේ පහේ පන්තිය දක්වා පමණයි. එතකොට ඔය ගොල්ලන්ගෙ
නංගිලා මල්ලිලාට යන්ට තැනක් නෑ. පැහැදිලිද මං කියපු දේ?”
“ඔව් පැහැදිලියි”
“එහෙනම් ඔය ගොල්ල අද ගෙදරවල් වලට ගියහම අම්ම තාත්තලත් එක්ක මේ මං කියපු
කතාව කියන්ට ඕනෑ. ඒ විතරක් නොවෙයි. අනිත් ළමයින්ටත් ඒ අයගේ දෙමාපියන්ටත් මේ පණිවිඩේ
දෙන්ට ඕනෑ. හෙට උදේ හතට පැයකට තාත්තලට ඉස්කෝලෙට එන්ට කියන්ට ඕනෑ. මතකද?”
“මතකයි.”
“මොනවද මතක?”
“ළමයි නැති නිසා පන්ති වහනවා. ඒබ ව අනිත් ළමයින්ටයි අම්මලා තාත්තලාටයි
කියල හෙට උදේ හතට පාසැලට එන්ට කීවා අලුත් මහත්තයා කියල”
“හරියට හරි එහෙනම් දැන් පන්තියට යන්න”
ලොකු
මහත්තයා පයිල් බෑගයක් අරන් ආවා. ඔහු කාර්යාලයට ගොස් ගුරුවරුන් කැදෙව්වා.
“ඊයෙ මට අලුත් මහත්තයා හදුන්වා දෙන්ට බැරි වුණා. මේ විපුලසේන
මහත්තයා උපාධි ධාරි පුහුණු ගුරුවරයෙක්. දේශපාලන ප්‍රශ්නයක් නිසා මෙහාට දාලා. අපි
බලමු උන්නැහේවත් අපේ පාසැලට අලුත් යමක් කරයිද කියල. අපිට දෙන්ට පුළුවන් උපරිම
සහයෝගය අපි දෙමු. දැන් අපි පිරිමි දෙන්නෙක් ඉන්නවා ගැහැණු නම දෙනාට. ඔච්චරකල් තනි
මං නෙ කන්ට හැදුවෙ. ඔනන දැන් කා ගනිල්ල මං යනව අනුරාධපුරේ. වැඩ විපුලසේන
මහත්තයට භාරදෙන්නම්.”
“අපෝ අපෝ මේ පරණ අය ඉන්නවා. ඒ
කාට හරි භාරදෙන්ට.”
“නෑ නෑ අපිට වැඩිය හොද ‘සර්’ තමයි” ඒ රන්සො නෝනාගේ අනුමැතියයි.