මුල්ගුරු
වික්‍රමසිංහ මහතා පිටවී ගියා.
පාසැළට
ළමයින් නො පැමිණීම ගැන ඒ අයගෙන්ද කරුණු විමසුවා. එක එක්කෙනා නොයෙක් අදහස් කියන්ව
පටන් ගත්තා.
“ලොකු මහත්තයාගෙ අක්කර දෙකක විතර හේනක් තියනවා. ළමයි ඒකෙ වැඩට අරන්
යනවා. දෙමාපියන් ඒ අයගේ හේන්වලටවත් ළමයින් යවන්නෙ නැතිව ඉස්කෝලෙට එවපුවහම මෙහෙන්
යවනවා හේනට. ඉතින් මිනිස්සු කැමතිවේයැ!”
“මිනිසුන්ගෙ නැති බැරි කම් වලට කිරි වදින කුඹුරු ලොකු මහත්තයට බදු
දෙනවා. බදු මුදල් ගෙවනකල් හතරෙන් එකකට. ඊලඟ කන්නයේ කුඹුරු වැඩ නො වුණොත් වැඩ වෙන කන්නට ගෙවන්නට ඕනෑ දෙකෙන්
පංගුවක් අස්වැනෙන්.”
“සමහර බදු කාරයන්ගෙ ගෙවල්වලටත් යනව කියල ආරංචිය”
“අර මොකට ද ?”
මගේ
ප්‍රශ්නයෙන් ගැහැණු බිම් බලාගෙන හිනා වුණා.
“දැන් සර් උයාගෙන ද කන්ට ලෑස්ති?” එකියක්
ඇසුවා.
“එහෙම තමයි හිතාගෙන හිටියෙ. ඒත් ලොක්කා ඒක එයාට මදි කමක් කියල ගුරු
නිවාසයෙන්ම කෑම ගන්ට කීවා.”
“සර් එහෙන් කෑම කයි. ඒ අය සර්ව හූරගෙනම කයි. අර ඉන්නෙ තප්පදෝරු මල්
බලියක්. එයා තමයි ඇමට දාන්නෙ”
“ඊයෙ ඉදන් මේ වෙනකල් මට තවම එයා හරියට දැක ගන්නවත් බැරිවුණා”
“පුදුමයි.”
“ඇයි එහෙම කියන්නෙ?”
“ඕන නෑ අපි මොකටද කේලම් කියන්නෙ. සමහර විට අදම දැන ගන්න පුළුවන්”
“අනේ
මන්ද - අප්ප, අන්තෝ ජටා බහිජටා - කො ඉමං විජටයෙ ජටං”
ලෝකය
විවිධයි විෂමයි කියල අපි අහල තියෙන වා. ඒත් මේ තරමට ම ගුරු වෘත්තිය තුළ විෂම සතුන්
සිටී යැයි කවදාවත් විශ්වා කළේ නෑ. හැම විජ්ජාවට ම වැඩිය ගැල විජ්ජාව ලොකුයි
නේ. ඒ හන්දා මිනිහට අහු නො වෙන්ට කළ යුත්ත කළ යුතුයි කියන ස්ථාවරයේ මං හිටියා. ඊයෙ
ආපු මනුස්සයට වැඩ භාර දුන්නෙත් ලොක්කගෙ කපටි කමක් වශයෙන් බව මට වැටහුණා. දවල් කෑමට
ගියාට පස්සෙ විමලා නො දැනුවත්ව වගේ කීප වරක්ම ඇඟේ හැප්පුණා. පෙරැත්ත කරමින්
කෑම බෙදුවා.