273. ග්‍රේඩ් වන් ප්‍රිංසිපල් | සත්‍ය කතාවක්

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


ඒයි, මලයා  මොනවද ඔච්ච්ර කල්පනා කරන්නෙ.ඔහු බයිසිකලය මත නැගීගෙනම මගෙන් ප්‍රශ්න කරයි.

නෑ විශේෂයක් නෑ. මුන් එකෙක් දෙන්නෙක් මරන්නෙ කොහොමද කියල.

මරණවා නම් ඔය එකෙක් දෙන්නෙක් නෙමෙයි. ඔය හැත්ත බුරුත්තම කම්බස් කරන්ට ඕනෑ. වරෙන් යන්ට මට හම්බ වුණා ඌරු ගාතයක්. රෑට කන්ට උයමු

හරි මං එන්නම් මහත්තයා

‘මහත්තයා’ කෑල්ල ඉස්කෝලෙදි තියා ගනින්. අනිත් වෙලාවෙ ‘මචං’ බැරිනම් ‘අයිය’වත් කියාපන්. අපි ඔක්කොම එක මල්ලේ ලුණු කන අය.

හොදයි ‘මචං’ උඹ පලයං. මං එන්නම්

ආන්න එහෙම වරෙන්!කියා ගෙන ඔහු බයිසිකලයෙන් ගුරු නිවාසය  බලා ගියාය.

වික්‍රමත් සමඟ කතා කරමින් සිටියදී මැදිවියේ කෙනෙකු නො දුරෙහි බලා සිටියා. ඒ සමඟ ම ඔහු නිවස දෙසට අත වැනුවා. ඒ මනුස්සයා මං ළඟට ආවේ සිනා සීගෙන.

අපෙ නෝනත් වැඩ කරන්නෙ ඔය ඉස්කෝලෙම තමයි. තමුන්නැහැ  අද ආපු මහත්තය ද?”

ඔව් කම්මැලි කමට මෙතෙන්ට වෙලා හිටියා.

අනේ ආයුබොවන් යං අපේ ගේ පැත්තෙ

ඈතද ගෙදර?”

නෑ අර අතන පලු ගහක් තියන්නෙ එතන

යමු එහෙනම්කියමින් හුන් තැනින් නැගිට්ටා.

පොල් අතු පිට පිදුරු සෙවිලි කළ වහළය. තැන තැන පතුරුගිය හුණු බිත්ති. වරිච්චියෙන් එළියට ආ  කූරටියා කෝටු. ගොම මැටි ගැළවුණ බිම. දැළි වැකුණ දෑතේ වතුර පිස දැමූ ලකුණු ඇති කිමෝනාවක් හැඳගත් ඇය තේ කෝප්පයක් අතැතිව මා වෙත ආවාය. ඇය තේ එක දුන්නෙ ටිකක් ඈතින් ඉදල. මාළු සුද්ද  කරමින් ඉන්ට ඇති. ඒකයි  සිනි ගඳ. තේ එකෙත් සිනි ගඳ.

අපෙ මහත්තයො මං වෙදකම කරණවා. නෝනා ස්කෝලෙ යනවා. පොඩි එවුන් බලාගෙන මං ගෙදර ඉන්නවාරන්සො නෝනාගෙ සැමියා ඔන්න ඔහොම කීවා. මං යන්ට නැගිට්ටා. කම්මැලි හිතෙන ඕනම වෙලාවක මෙහෙ එන්ටයි වෙදා විශේෂ ඇරයුමක් කළා.

ආපසු යාමට පාරට බහිනකොට ලොක්කා මාව හොයා ගෙන එනවා. කොහේ ද බං මකබෑවුනේ?” කියල සයිකලයේ එමින් ම ඇහුවා. වරෙන් වරෙන් අර ඌරගෙ කකුල කැලේට පනින්ට හදනවා

 



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll