“ඒ කියන්නෙ මං වල් ගෑණියෙක් කියන එක?”
“නෑ නෑ වරදවා වටහා ගන්ට එපා. දුටු මතින් යමකට ආසාවක් ඇතිවෙන එක
ස්වභාවයක්. ඒ ආසා කරපු වස්තුව ලබා ගන්ට උත්සාහ ගන්නවා. ඒකට ආගමානු කූලව කියන්නෙ “රාගය” කියල. රාගය නිසා ඇදෙනවා, බැදෙනවා, ඇලෙනවා. ඒක ස්වභාවයක්. ඔයාගෙ හැසිරිල්ලයි විමලගෙ හැසිරිල්ලයි
ආකාර දෙකක්. ඔයා කිසිම ලාභ ප්‍රයෝජනයක් නො බලා අවස්ථාවට අනුව නො දැනුවත්ව ම ක්‍රියාත්මක
වුණා. විමලා සමහර විට එයාගෙ සහෝදරයාගේ පෙළඹවීම මත කටයුතු කරණවා වෙන්ට පුළුවන්.
ඔයා වල් ගෑනියෙක් කියල නිකමටවත් හිතන්න එපා. අපි හිතන්නෙත් නෑ”
දිවා
ආහාරයෙන් පසු මහපාරට ගියේ රන්සො නෝනාගෙන් විමලා හා මුල්ගුරු ගැන තව
දුරටත් කරුණු දැනගන්ට. ඒත් විමලා ප්‍රශ්න ගණනක් ඇහැව්වා ‘ඇයි යන්නෙ?’ වගේ.
සිගරට්ටුවක් අරං එන්නම් කියා තමයි යන්තම් පිටත් වුණේ. ගුරු පාරෙන් මහ පාරට වැටෙන
කොට දැක්කා වෙද මහත්තයා.
“මගේ අප්පා කොහෙද මේ ගිනි කූටෙට යන්නෙ?”
“වෙද මහත්තයො මං යනවා සිගරට්ටුවක් ගන්ට”
“මේ
කඩේ කොහෙද සිගරට්, යන්ට ඕනෑ දඹව කඩමන්ඩියටම නොම්මර එකහමාරක් විතර තියනවා”
“සිගරට්
එකක් බොන්ට ඔච්චර දුරක් පලයන්කො. මගෙ බල්ලටවත් බෑ. මං එහෙනං ආපහු යන්නම් ...”
“මෙතෙන්ට ආව එකේ ගෙදරට ගොඩ වෙලා ම යමු. නෝනත් ඉන්නවා මොන වාදෝ කියන්ටත්
තියෙනවා කියල”
ඉබ්බා
දියට දැම්ම වගේ තමයි වෙදාගෙ යෝජනාව. මාත් ගිහින් ඉඳගත්තා. රන්සොත්
සිරික්කිය දමාගෙනම ආවා.
“මං සර්ට කියන්නමයි හිටියෙ ...”
“මේ අක්කෙ ඔය ‘සර්’ - ‘බර්’ ඕන නෑ. කට ඇරල මල්ලි කියනවා. ඒක මට සැපයි.
ලෙංගතුකම කියන්නෙ ඒකට ...”
“මේ SSC අපි වගේද පුහුණු උපාධි ගුරුවරු!”
“මේ වෙද මහත්තයෙක්. අසනීපයකට බෙහෙත් ගන්න ආවහම තමයි බුලත් අතක් දෙන්නෙ.
නිකන් එන වෙලාවටත් දෙනවද?”