285. ප්‍රිංසිපල් ග්‍රේඩ් වන් | සත්‍ය කතාවක්

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


වැහි වතුර ලැබුණොත් තමයි කුඹුරු වැඩ. මේ නිසා හේන් ගොවිතැන් කරණවා. හේන දිහා බලාගෙන ඉඳල බෑ එදිනෙදා ජීවත් වෙන්ට සල්ලි ඕනෑ. ඒ වෙනුවෙන් කුළියක් මලියක් කර ගත යුතුයි. ඔය ප්‍රශ්ණයේ  දී තමයි ගෙදර ඉන්න කුඩා එවුන් රැක ගන්ට එහෙම නැත්නම් හේන රැක ගන්ට ළමයි නවත්වා ගන්නේ. ඇත්ත සිද්ධිය ඕක නේ. නමුත් දෙපාර්තමේන්තුවට ඒවා ප්‍රශ්න නො වෙයි. ප්‍රමාණවත් ශිෂ්‍ය සංඛ්‍යාවක් නැත්නම් ඒ පන්ති නවත්වනවා. එතකොට ඉඳහිට හරි පාසලට එන ළමයට සිදු වෙනවා ඈත එපිට පාසැලකට යන්ට. එදාට ඔය අයට තේරේවි අලුත් ඇදුම් කලිසම් සපත්තු පොත් පත් සොයා ගැනීමේ දුෂ්කරතාව. දැනට එකේ සිට පහ දක්වා පන්තිවල සිටින ළමයින්ටත්  ඔය කරදරේට මුහුණ පාන්ට සිදු වෙනවා. මේ කරුණු ගැන හොඳට කල්පනා කර බලලා හෙට ඉඳන් ම පාසැලට ළමයින් එවන්ට කියල හැම දෙනාට ම මතක් කරණවා. ඉගැන්වීමේ ක්‍රියා දාමය අපි හරියට කරන්නම්. එහෙම නැතිව උගන් වන්නටත් බෑ. අද ඉන්න එකා හෙට නෑ. හෙට ඉන්න එකා ඊ ළඟ දවසෙ නෑ. ඉතින් කොහොමෙයි උගන්වන්නෙ. ගුරුවරුන් මන්දෝත්සාහී වෙනවා. මං මේ කතා කළේ විදුහල්පති තුමාගේ නියෝගය පරිද්දෙන්. එතුමාට විශේෂ රාජකාරී පැවරිලා තියෙනවා. අද කන්තෝරුවට වාර්තා කරන්ට ඕනෑ. ඒ නිසා වචන ස්වල්පයක් කතා කර දෙගුරුන්ට සමු දෙන්න කියා මං ආරාධනය කරණවා.

මුල්ගුරු වික්‍රමසිංහ උන්නැහේ වැඩි වෙලාවක් සිය කථාව කළේ නෑ. මොකද ඔහු කතාවට නැගී සිටි මොහොතේ සිට දෙමාපියන්  නො රුස්නා  බැලුම් හෙළන්නට පටන් ගත් නිසයි.

විපුලසේන මහත්තයා දීර්ඝ කතාවක් කළා. එම කතාවෙහි කිවයුතු සියල්ලක්ම සඳහන් වුණා. මේකත් ව්‍යාපෘතියක්. ඒ ව්‍යාපෘති සංවිධානයට මාව කලාවැව ප්‍රදේශයට යොමු කරලා. මේ පාසැලට එවා තියෙන්නේ විපුලසේන මහත්තයා. උන්නැහේගේ උපදෙස් අනුව හරියට වැඩ කළොත් මේ පාසැල  ලබන වසරේ සිට නවය දහය දක්වා පන්ති පවත්වන කණිෂ්ඨ ද්විතීක විද්‍යාලයක් බවට පත්වෙනවා. එහෙම නො වුණොත් පස්වන ශ්‍රේණිය දක්වා පන්ති ඇති කණිෂ්ඨයක් වේවි. වශයෙන් ඔහු කතා කළා. ඒ සෑම වචනයක්ම දෝංකාරය වූයේ තමන් හරිහැටි වැඩ නො කළ නිසා පාසැල පිරිහෙන්නට පටන් ගත් බවයි.

මා සමගම ගුරු නිවාසයට ගිය වික්‍රමසිංහ තම බිරිඳ හා නැගණියත් එක්ක කතා කළා.

මං සතියේ ඉතිරි දවස් තුනේ පාසැලට එන්නෙ නෑ. කොහොමද නිවාඩු

අසනීපයි වැඩ කරගෙන යන්නකියලා ලියුමක් ලියලා යන එකනෙ ඇත්තෙ. ඒ දවස් තුනට කාටවත් නො දැනෙන්ට අත්සන් පොත ඉඩ තියන්නම්. විශේෂ අවශ්‍යතාවයක් උණොත් මං ගමට එන්නම්. නෝනාට නංගී ඉන්නවනේ.”

කියූ විදියටම ලොක්කා පලච්චි. නෝනත් ගුරුවිදුහලට ගියා. තප්පදෝරුව ගෙදර. දෙමාපියන් හත් අට දෙනෙකු පැසැල පැත්තේ කැරකුන නිසා ඔවුන් හමුවන්ට ගියා. එයින් එක්කෙනෙක් කීවා අනේ අපෙ මහත්තයෝ අපි හිටියෙ කට ඇරගන්න බැරුව. ලොකු මහත්තයගෙ චාරෙ හොද නෑ. ඒකයි අපි වැඩියෙන්ම ළමයි එවන්නෙ නැත්තෙ.” තව කෙනෙකු කීවේ උන්නැහෙගෙ හේන්වල වැඩ කරන්ට වෙන්නෙ අපෙ ළමයින්ට කියලා. මං ඒ අයට පොරොන්දු උනා මින් පස්සෙ එහෙම වෙන්ට දෙන්නෙ නෑ කියල. කවුරුත් පහුවදා සිට ළමයින් පාසැලට එවන බව කියා පිටත් වී ගියා.




"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll