286. ප්‍රිංසිපල් ග්‍රේඩ් වන් | සත්‍ය කතාවක්

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


ගුරුවරියන්ට කීවා “මගෙ අම්මලා වෙනදා සුකුරුත්තං බෑ. හරියට වැඩ කරන්ට ඕනෑ. ඔය ගොල්ලො මොනම හේතුවකට හරි ලොකු ඉස්කෝලෙට ගියොත් ලොකු අමාරුවක. මේ අවුරුද්ද ගෙවෙන්ට තියෙන්නෙ තව හය මාසයයි. මේ කාලය තුළ ඉහළ ම පාසැලක පවතින ඇවතුම් පැවතුම් ගැන අවබෝධයක් ලබා ගන්නට මං උදවු කරන්නම්. කැමති ද මාත් එක්ක හවුල්වෙන්න.” සියල්ලන්ම එයට කැමැත්ත පළ කළා. හිටිය සියලු දෙනාම ආ.පො.ස. සමත්ව ගුරු වෘත්තියට ආ අය. පරිපාලන නීති රීති ආයතන සංග්‍රහය වගේ  ඒවා ගැන වගේ වගක් වත් දන් නෑ. සියල්ල දත් එහෙම නැත්නම් සර්වඥයෙකු වශයෙන් කටයුතු කළේ මුල්ගුරු. එයාට ඕන හැටියට ගුරුවරියන් නටවලා. එදා දවසෙම කළේ පන්ති සකස් කිරීම. ප්‍රමාණයටත් වඩා උපකරණ තිබීම නිසා ඕන හැටියට පන්ති සකස් කර ගන්ට පුළුවන් වුණා. පන්ති කාල සටහන් සකස් කර එල්ලුවා. පන්ති පිරිසිදු කරණ අයගේ සටහන්, උදේ ආගම ඇදහීම සඳහා බෝ ගස ලඟ වතාවත් කළයුතු අය, නාම ලේඛන ගෙනයාම ගෙන, ඒම සිසුන්ගේ ප්‍රයෝජනය සදහා වතුර සැපයිම, දිනපතා මිදුල් අතුගෑම වගේ අත්‍යවශ්‍ය ක්‍රියා කාරකම් සටහන් සකසා ප්‍රදර්ශනය කළා. 6-7-8 ශ්‍රේණිවල සිසුන්ගේ පැමිණිම බලා, පන්ති නායකයන් හා ශිෂ්‍ය නායනකයන් පත් කරන්නට සුදුසු අය තේරීම ගුරු මණ්ඩලයේ සෙස්සන්ට භාර කළා. සපත්තු ප්‍රශ්නයක්  එන නිසා කරපටි පැළදවීම අනාගතයට කල් තැබුවා. පුදුමය කියන්නේ ගුරුවරියන් මේ කටයුතු වලදී පුදුම සහයෝගයක් දුන්නේ. ඒ අයටත් මේක අලුත් අත් දැකීමක්.

එදා පාසැල විවේක කිරීම සඳහා සීනුව වැදුන වහා ම ළමයින් සී සී කඩ පැනලා ගියා. මේ නිසා ගුරු මණ්ඩලයට කීවා ඡත්තමානවක ගාථා ගායනා කරන්න පුහුණු කරවන ලෙස. පිට වී යාමට පොත අත්සන් කිරීමට පැමිණි ගුරුවරියනට හද පත්ලෙන්ම ස්තූති කළා. දෙන්නෙක් මගේ දෑතින් අල්ලා ගෙන මේක නම් අපිට අලුත් අත්දැකීමක්!කියා කීවේ පුදුම සෙනෙහසකිනි.

බොහෝ විට ගුරුවරුන් ගැන කතා කිරීමේදී කියන දෙයක් තමයි ‘අයිස් ගසන්නෝ’ ‘පඩියට වහල් වෙලා ඉන්න උදවිය’ කියන කාරණය. ඇත්ත, මානසික වශයෙන්  උත්තේජනයක් නො ලැබෙන කොට, දේශපාලන ඔල මොට්ටලයන්ගේ ග්‍රහණයෙන් මිරිකෙන කොට, ආයතන ප්‍රධානියාගේ භූමිකාව ආකූල ව්‍යාකූල වෙන කොට, දෙමාපියන් ගේ  සෙවීම් බැලීම් එල්ල වෙන කොට, ‘අපට මොකෝ මකබෑවිලාම පලයන්’ කියල තමන්ගෙ වැඩක් කර ගෙන තමයි ඉන්ට වෙන්නෙ. පරිපාලනයේ දී, සංවිධානයේදී විශිෂ්ට ප්‍රතිඵල වල දී නිවාඩු නො ගෙන සිටීමේ දී ගුරු දෙගුරු සහ සම්බන්ධතා වලදී සමාජ ක්‍රියා කාරකම් වලදී ‘මේ ගුරුවරයා, මේ ගුරුවරිය විශිෂ්ටයි’ කියා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සම්භාවනාවට ලක්වෙනවද? උසස් වීමක් එපා, ස්ථාන මාරුවකදී හරි විශේෂයක් දක්වනවද? නෑ. ඒවට ඉන්නවා වෙන ම පිරිසක්. තාන්න මාන්න ලබා ගන්ට, පිටරට සවාරි යන්ට, අධ්‍යක්ෂ විතරක් නොවෙයි ජනරාල් තනතුරු ලබා ගන්ට, ඒවා දකින කොට නම් මේ රටේ අධ්‍යාපනය පල්දෝරුවක් කියලයි හිතෙන්නෙ.




"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll