ලොකු
මැඩම් කුමාරි ඈත සිට සිනා සීගෙන ම ආවා.
“චූටි දුවට අළුත් යාළුවෙක් හම්බවෙලාද?”
“පොඩි එකා කරදරයක් නැතිව හූ හූ ගගා ඔය ඉන්නෙ.”
“මෙලහකට එයාගෙ තාත්ත කියල රැවටිලා!”
“ලොකු අය රැවටුණත් පොඩි අය රවටන්ට බෑ”
“ඒ කීවෙ?”
“දැන් ඔයා ආවෙ බබා ඉන්නෙ තාත්තගෙ අතේ කියල හිතාගෙන ද?”
“අපො නෑ. ඒ මනුස්සයා බබා අල්ලන්නවත් කැමති නෑ; ඔයා වගේ කෙනෙක් තාත්ත වුණා
නම් මාත් හොද බිරිදක්”
“අනේ මගෙ රත්තරං අපි ඔය කතාව නවත්තමු. ‘ඇයි ඒ?’ කියල ඇහුවොත් ඔයාට
කියන්ට සිද්ද වෙනවා මේ කුටුම්බයේ ම ආ ගිය, මුල ගිය,
අල ගිය, වැල ගිය හැම එකක්ම. එතකොට
වෙන්නේ මං පවුල් ප්‍රශ්න වලට අත දැමීමක්.”
හැඬුම්
ආ මුහුණෙන් කුමාරි ගියා. දිය නෑ සුවද පතුරවමින් විමලා ආවා. තප්පදෝරු මල්
බලියක් වුණාට ඇඳුමට පැළඳුමට ශරීරයේ අංග ප්‍රත්‍යංගයන් කැපී පෙනුණා. “නිරස්ත පාදපෙ දේසේ ඒරණ්ඩෝපි දෘමායතෙ” කියල
තියනව නේ.”
“අඩෙ අප්පා ඒ හරුපෙ මොකක් ද?” මිලිනා අතුරු ප්‍රශ්නයක්
නගයි.
“මොන හරුපෙ ද?”
“ඔය කීවෙ පාද දෙසේද මොකක් ද?”
“ඒ කියන්නෙ ගස් නැති රටට එරඬු ගහත් ගහක් කියල.”
“ඒ කීවෙ?”
“ඒ කීවෙ හරි හමන් ගැහැණු නැති තැනකට නිකමට හරි ඔයත් ගැහැණියක් කියල.”