289. ප්‍රිංසිපල් ග්‍රේඩ් වන් | සත්‍ය කතාවක්

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


චී...ය හරි නරකයි!

ඇයි

එහෙනම් මාත් එක්ක මේ ඉන්නෙ හරි හමන් ගෑණියක් නැති කමට?”

ඔව්, ඒක තමා ඇත්ත.

ඉන්ට මං වෙන සීට් එකකට යන්නම්කියා මිලිනා නැගිට්ටා. විපුලෙ මිලිනාගේ නිතඹේ පලුවක්ම අඹරවා ආපසු ඉන්දෙවුවා. එහි වේදනාවෙන් කළ හඬගෑම ඉදිරි අසුන්වල සිටි අයටත් ඇසුණ නිසා ආපසු හැරී බැලුවා. අසුන යටට නැමුණ විපුලෙ අත මිට මොලවා ජනේලයෙන් යමක් වීසි කරණ බව අභිනයෙන් පෙන්නුවා.

කැර පොත්තෙක්

කෑ ගැහුවෙ නම් හරියට නයෙක් පොළගෙක් හිටියා වගේ නෙ”. කාන්තාවක් කීවා.

නයෙක් පොළගෙක් නම් බිම හිදියි. එහෙම ද කැරපොත්තා, දණහිසෙන් වියත් දෙකක් ඉහළට නැගල හැංගෙන්ට තැනක් හොයනවා. යන්තම් පුරුෂ ධෛර්ය දාලා, අතගාලා-අතගාලා එළියට ගත්තේ.

දෝෂාභිමුව කතා කළ කාන්තාව හිස බිමට නැඹුරු කර ගත්තාය. සෙස්සන් කොක්සන් දෙන්නට පටන් ගත් නිසා සිද්ධිය බසය පුරා පැතිරෙන්නට වැඩි වෙලාවක් ගියේ නැත.

අම්මේ ... මේ මනුස්සයගෙ කටට මේව කොහොම ගලාගෙන එනවද මන්ද!මිලිනා කියයි.

එහෙනම් මං කරපුව කියල, කෑ ගැහුවේ ඒකට කියල කියන්නද?”

ඒක කීව නම් තව හොදයි. කියපු හරුපෙට වඩා.

ආයෙත් පටන් ගත්තා මේ දෙන්නාගේ බරබරේ. කදිමට අර ස්කෝලෙ කතාව කියන්ට නො දීමං උදැල්ල දැම්මා.

මට නම් ඒක අහගෙන දිගටම ඉන්නකොට මහ මොකක්ද වගේ.මිලිනා කියයි.

ඇයි ඉඳ හිටල හරි මිරික ගත්ත නම් මොකක්දෝ එක මොකද්ද වගේ වෙනවද?”

මගෙ අප්පේ ඒ කට මේ කටට හපන්! ඉන්නෙ නම් බුම්මට්ටා වගේ.

ඉතින් බබා වඩාගෙන ඉදල ගුරු නිවාසෙට ගියාදැ”යි පූර්වාපර සන්ධි ගැළපීමක් වශයෙන් මං ඇහැව්වා.

නෑ තව ටිකක් පාසැල් වත්තේ ඇවිද්දා. එහෙම ඉන්නකොට කුමාරි තේ ජෝගුවකුත් අරගෙන ආවා.

බබා බලාගෙන ඉඳල අයියට මහන්සිත් ඇතිනේ. මේ තේක බොන්නයි දිගු කළා.




"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll