290. ප්‍රිංසිපල් ග්‍රේඩ් වන් | සත්‍ය කතාවක්

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


යකඩ කතාවක්නෙ, දරුවො දෙදෙනෙක් වඩාගත්ත මට මෙයා මොන මහන්සියක් ද?”

ඒ ඉතින් තමන්ගෙ දරුවොනේ

දරුවො කියන්නෙ තමන්ගෙ අනුන්ගෙ කියල බේදයක් නෑ. හය හතර නොතේරෙන කිරි සප්පයෝ. අපි පඩියක් ගන්නවා තමා. ඒත් පාසැලේ ළමයින් වෙනුවෙන් අපි මහන්සි වෙන්නේ තමන්ගෙ ළමයි කියා හිතාගෙන නේ

මං වැඩියෙන් ම මෙතෙන්ට  අවේ කාරණයක් කියන්නකියමින් ඕ දරුවා වඩා ගත්තා. එහි දී ඇය පමණ ඉක්මවා සිරුරට ළං වූ බවක් දැනුණා. එය වඩාත් තහවුරු වුනේ සුරතින් පපුව හූරා ගනිමින් බබා වඩා ගත් නිසයි. එය මං සැලකිල්ලකට ගත්තෙ නෑ.

“මොකක් ද කියන්ට තියෙන කාරණය?”

ඔයා හිතයිද දන්නෙ නෑ තමන්ගෙ ගෙදර ප්‍රශ්න පිටට දෙන නරක ගෑණියෙක් කියල

අපෝ නෑ. මං අලුත් කෙනෙක් වුණත් අපි දෙගොල්ල අතරේ හරි ඉක්මන් සහ සම්බන්ධතාවයක් ඇති වුණා. ළෙංගතු බවක් හිතවත් කමක් ඇති වුණා. ඒකනෙ ලොකු මහත්තයත්  කිසිම බයක් සැකක් නැතුව ඔය ගොල්ලො මට බාර දීල ගියේ.

අන්න කවුරුත් වරද්දා ගන්න තැන ඔතන තමයි.

ඒ කිව්වෙ! ඒ ප්‍රශ්නය මං ඇසුවේ විෂ්මයෙන් පුදුමයෙන්.

කුඹුරු අක්කර තුනක් තියෙනවා. ඒකට උරුම කාරයන් හත් දෙනයි. එක නගෙක් විවාහ වෙලා දරුවො තුනයි. මිනිහා ඇරිල මේ නගා මෙහෙ. පවුලෙම බරට කර ගහන්ට වෙලා තියෙන්නෙ අපේ උන්දැට. අම්ම තාත්ත වයසයි. ඒ  මදිවට ලෙඩ පිට ලෙඩ. අනිත් සහෝදරයන් හතර දෙනා උදේ ඉඳන් රෑට රෑ වෙනකල් කරන්නෙ බොන එක. උන්ගෙ පවුල්වල දාහතරක් ළමයි. මේ මිනිහා මලයලාගේ ගෑණුත් එක්කත් සම්බන්දයි. උන්ටත් කඹුරනවා. අයිය දැක්කනේ අපෙ කුස්සිය. අහවල් දේ තියෙනවා කියලා නෑනෙ. ඉතින් මගේ පඩියෙන් තමයි ඔය ටිකවත් පිරිමහ ගන්නෙ. ස්කෝලෙට එන එන ගුරුවරයා කොහොම හරි මල්ලට දා ගන්නවා. අපෙන් කන්ට කියනවා සල්ලි ගන්නෙ නෑ උයන පිහින දේවල් ගේන්න කියනවා. වැඩි වැඩියෙන් ඒවා ලබා ගන්ට නගාව උසිප්පුට්ටු කරණවා. ඒකි දීග දෙකක් ගිහින් ඇරිල ඔය ඉන්නෙ.  බොරුනං බලන්න අද අයියට නිදා ගන්න මැදින් දොර තියෙන මෙහා කාමරේ ලෑස්ති කරාවි.”

අක්කේ ... ... ...

අක්කේ ... ...විමලාගේ හඬ ගෑමයි. එයින් නො නැවතුණ ඇය අප අසලට ආවා. මඳහසක් සමඟ නොරොක්කුවකුත් මුහුණේ ඇදී තිබුණා.

නංගියෙ විපුලෙ අයිය මේ පැත්ත ගැන තොරතුරු අහනව.

 



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll