“මේ ළඟක කෙසෙල් වත්තක් නැද්ද?” මං දෙදෙනා දෙස
බලමින් ඇසුවා.
“ඔය පාවුල කෙහෙල් වතු තියන්නෙ” ඒ කීවෙ විමලා.
“එතකොට අර මල් මුකුණුවැන්න? ”
“ඒවා
තියනවා පන්සලේ” ඒ කීවෙ කුමාරි.
“අර මොකටද ඒවා මැල්ලුම් කන්ටද?” විමලා කට බෙරි කරමින් ඇසුවා.
මං
ගේට්ටුව ලඟ සිට ශාලාවලට යන තෙක් පාසල් පිරියත සකස් කරණ අයුරු කියා දුන්නා.
“හරි ලස්සනට හිටී නේද නංගී?”
“අක්කෙ මේ අයියා මෙහෙන් යන්ට නොවෙයි වගේ අදහස.”
“අහවල් කෙංගෙඩියකටෙයි මං යන්නෙ. තමන්ගෙ ගෙදර ඉන්නවා වගේ ඉන්ට පහසුකම්
තියෙද්දි. නේද නෝනෙ”
“කියල වැඩක් නෑ. ඔන්න ඔහේ අපි ඉමු, නංගී අයියගෙ වැඩ ඔක්කොම කරල දේවි”
කුමාරි ඇසක් වසා කීවා.
“අහ්! මට අහන්ට බැරි වුණා. ඇයි නංගි කතා කළේ?”
“රෑට උයන්නෙ මොනවද කියල අහන්ට”
“මට කෝකත් කන්ට පුළුවන්. මේ අයියා ගෙන් අහන්ට.”
“අනේ මේ ඔය ගොල්ලන් කැමති දෙයක් කියන්ට මං ගෙනැවිත් දෙන්නම්”
“එපා එපා උයන පිහන බඩු ගේන්ට කඩේ යන්න. නංගී ගිහින් අරන් එන්න”
අක්ක
නගුන් දෙදෙනා ගුරුනිවාසයට ගියා. කාමරයට ගොස් රුපියල් සියයක් ගෙන ගොස් මේසය මත
තැබුවා.
“ඉදා!
අර මක්කටැයි සල්ලි දුන්නෙ! කුමාරි අර තරං සිද්ධිය කියා තියෙද්දි?”
වේදනාවෙන්
ඇඹරෙමින් මිලිනා ප්‍රශ්න කළා.
“මාත් කල්පනා කළේ ඒක තමා” මාත් පොහොර ඇබිත්තක්
දැම්මා.
“රාත්‍රියේ
ලොක්ක කීව මතකනේ, මෙහෙ යන එන කොට උයන පිහන දෙයක් ගෙනාවොත් ඇති කියල. ඒ එයාගෙ
නම්බුව රැක ගන්ට. කුමාරි සම්පූර්ණයෙන් රෙදි ගලවලා කීවේ නැති බැරි කමයි ඒකට හේතු. බඩු ගේන්ට කඩේට යන්න එපා කීවේ අහවල්
දේ ගේන්ට කියල කියන්ට බෑ කෝකත් කුස්සියේ
නැති නිසා. කඩේට යන්ට නංගීට පංගාර්තු කළේ ඕනෑ කියන අඩුම කුඩුම ටික ගෙන්වා ගන්ට
ඕනෑවෙන්. පැහැදිලිද සිද්ධිය?”