“බඩු ගේන්ට උන් ලඟ සල්ලි නැති නිසා ඔයා දුන්නා.” ඒ මිලිනාගේ තීරණයයි. ‘ඔව් ඒකත් හරියි’ මාත් කීවා. ඔය සිද්ධිය වුණේ
හැත්තෑවේ දසකය මුල. ඒ කාලයේ ඉඳුම් හිටුම් සහිතව තුන් වේලේ කන්ට ගියේ රුපියල්
හැත්තෑපහක්. හැටපහේ මං බෝඩිං වෙලා පිරිවෙණක උගන්වන කොට මාසෙට ම ගියේ රුපියල් විසි
පහයි. ඒක නොවෙයි ලස්සන කෑල්ල අහනවකෝ. මාත් පාර පැත්තට යන්ට නැගිට්ටා. මෙන්න බොලේ කුමාරි
ආව ගමන් මාව බදාගෙන ඉඹගෙන ඉඔගෙන ගියා. කරුමෙට බඩක් ආවනෙ. මීට ඉස්සර ආවනම් ඔය මූණ
තියෙන එකෙක්නෙ මේ බඩේ ඉන්නෙ කියාපි.
“ඉන්දකින් විතරක් මෙහෙමත් ගෑණු! විලිසංගයක් නැති කම” යි මිලිනා නිශ්ශෝප වූවා. ඒ
ගමන් ම විපුලෙ කීවා. “ඇත්ත නෙන්නම් මෙන්න ගෑණු!”
කියමින් ඇන්නා හොක්කට මිටි ගුලියෙන්. එයින් නො නැවතුන විපුලෙ
ගාථාවක් ලස්සණට කීවා.
සබ්බා නදී වංක ගතා
සබ්බේ කට්ඨ මයා වනා
සබ්බිත්ථියො කරෙ පාපං
ලභමානා නිවාතකෙ
“දන්නවද
ඕකෙ තේරුම? සෑම ගංඟාවක්ම එහාට මෙහාට ඇද වෙවී ගලන්නේ. කැලයක් කිව්වොත් එහි කටු
තියෙනවා. ඒ වගේ තමයි අවස්ථාවක් ලැබුණ හැටියෙම සෑම ස්ත්‍රියක් ම මොනවා හරි පාපයක්
කරණවා. තේරුණා ද මෙයා?”යි කියමින් විපුලේ
මිලිනාගේ මුහුණ බැලුවා.
“හොඳයි එතකොට පිරිමි වැරදි කරන්නෙ නැද්ද?” මිලිනා තර්කයට ආවා.
“පිරිමි කියල නිකන් හැල්ලුවට කතා කරන්ට
එපා. ‘පුරුෂෝත්තම’ කියල තමයි ලොකු ලොකු පොත් පත්වල හැඳින් වෙන්නෙ. බලනවකො ඒ
වගේ පොත්. සිය ගණං ගැහැණු හිටිය අන්තඃපුර තිබුණා. සිද්ධාර්ථ කුමාරයාටත් ඒ ඒ
සෘතුවලට ජීවත් වෙන්ට සුදුසු මාළිගා තිබුණා රම්‍ය සුරම්‍ය සුභ කියල. මොක ද ඒක
වැරදියි කියාපු එකා. අපි හිතන්ට ඕනෑ බඩේ දරුවෙකුත් ඉන්න ගැහැණියක්; සැමියා ඉන්න
එකියක් අවස්ථාවාදීව ඒ විදියට හැසිරෙන එක හරිද? නූගත් නම්
ඒත් අනුකම්පා කළ හැකියි. නමුත් මේකි ගුරුවරියක්. ‘කාමේසු මිච්ඡාචාරා’ කියන්නේ එය
වගේ දේවල් වලට. මිනිහා මැරුණ, එහෙම නැත්නම් දික්කසාද ගැහැණියක් ඔය විදියට
හැසිරුණාට කමක් නෑ. එත් පවුල් පන්සල් ඉහිර වන්ට වස්තුව වළදුව කඩා බිඳ ගන්ට නොවෙයි.
එය ශාරීරික අවශ්‍යතාවයක් නිසා. කුමාරිගෙ ප්‍රශ්නෙදි ඇයටත් සමාව දිය හැකි
හේතුවක් තිබුණා. ඇගේ සැමියා සොයුරන්ගේ බිරිඳන් හා පැවති සම්බන්ධය. පාසල අසල
පැල්පත් වලට රිංගී ම. නමුත් කුමාරි මාතෘත්වයේ ගෞරවණීය සන්ධිස්ථානයක සිටීම -
ඒ කියන්නේ ගැබ්බරව සිටීම නිසා සමාවක් දෙන්ට මගේ නීති පොත් වල ඉඩක් නෑ. පහළ වූ ධර්ම
සංවේගය නිසා හදවත කීරි ගැසුණා. කළ යුතු දෙයකුත් නෑ. රන්සොගෙ ගෙදර යන්ටත්
බෑ. සැතපුම් එක හමාරකට එපිටින් පිහිටි ටවුමට ගියා. ගන්නට දෙයකුත් නෑ බලන්ට දෙයකුත්
නෑ. ආපසු හැරුණා. කෙහොම නමුත් පාසලට ආවේ ගොං මං වෙලාවෙ. කුමාරි බබත් සමග
සාලයේ වාඩි වී සිටියා. අතේම දරුවා නිදි.”