“කොහෙද ගියේ?” කුමාරි ඇසුවා.
“ටවුම පැත්තෙ ගියා කම්මැලි කමට”
“තරහෙන් නේද ගියේ?”
“නෑ ...”
“නංගී” ඇය ගෙතුළට හඬ ගෑවා. ආ මේ ඉන්නෙ ඇවිත්”
“මොකද මං රට ගම අත්හැරල ගියා කියල හිතුව ද?”
“අපි කාටවත් නොකියාම කොහේද ගියේ කියල අපි බයේ හිටියේ”
“මොකෝ මං පුංචි බබෙක් යැ අතරමං වෙන්ට?”
“නංගී
තේ එකක් හදල දෙන්ට”
“එපා දැන් තේ බීවොත් කන්ට බෑ”
“අලයි වේලපු මසුයි එකට උයල තියෙනවා. තව මොනවද හදන්නෙ?”
“කිරි හොද්දක් සම්බොලයක් වගේ තිබුණොත් මදෑ.”
“එහෙනම් සම්බෝලයක් හදන්නම්” කියමින් විමලා
කුස්සියට ගියා. තද උණුසුමෙන් මිදෙන්නට පුටුවක් තබා මිදුලේ වාඩි වුණා. වීදුරු
ලාම්පුවේ එළිය මිදුලට වැටිලා. එළිය මුවා කර කරුවලේ මා සිටියේ. මෙන්න අර යෝදි කුමාරි
එතෙන්ට ආවා.
“තරහ වෙන්ට එපා අනේ මට ඉවසුම්
නැතිව ගියා. තරහ ද?” යි අසමින් දකුණු උරහිසෙන් අල්ලා
සෙලෙව්වා.
“තරහ වෙන්ට තරම් දෙයක් වුණේ නෑනෙ”
“ඇයි මං කරපු දේ?”
“ඒක අනපේකිෂිතව හැඟීම් බරවීමෙන් සිදුවුණ අහිංසක ක්‍රියාවක් පමණයි.”
“ඔය තරම් සැහැල්ලුවට ඒ ගැන හිතන්න පුළුවන්ද?”
“ඇයි බැරි”