“ආයෙත් එහෙම වුණොත් ඒ විදියට හිතනවාද?”
“නැවතත් ඒ විදියට හැසිරුණොත් ඒ කරන්නෙ ඕන කමින්”
“එහෙම උණොත් ඔයා මොකද කරන්නෙ?”
“යමෙකුගේ අවශ්‍යතාවයක් ආශාවක් ප්‍රතික්ෂේප කරන්නට තරම් මගේ හිත ගලක්
නොවෙයි.”
එහෙම
කියා කට ගන්න බැරිවුණා. කුමාරි පිස්සියක සේ ඇඟෙ වෙලෙමින් විවිධ විප්‍රකාර
කරන්නට පටන් ගත්තා. ඒවාට ප්‍රතික්‍රියා නොදක්වන ලද්දේ බෝසත් ගුණය ප්‍රදර්ශනය කරණ
අටියෙන්. එහෙත් ‘නංගී එයි දැන් ඇති’ කියා හුනස්නෙන් නැගී සිටියේ මාතෘත්වයට ගරු
කිරීමක් වශයෙන්.
ආහාර
බෙදූ විමලා කෑමට කතා කළා. ඔවුන්ටත් ආහාර ගැනීමට කතා කළත්, ‘පස්සෙ කන්නම්’
කියා මඟ හැරියා.
“හරි නේන්නම් පිට මිනිහෙකුත් එක්ක
ආහාර ගැනීමේ සිරිතක් තියෙනවද? නේද?”
“අනේ .... එහෙම එකකට නොවෙයි අපිට හුරු බත් පිඟාන අතේ තියාගෙන ඔහෙ කොතැනක
හරි ඉඳගෙන කන එක”
“ඒක ඇත්ත මටත් මේ මේස පුටුවල කනවට වඩා හොඳයි කකුලන් පිට කකුලක් දාගෙන
නිදහසේ කන එක”
ඒ
දෙදෙනාත් කෑම ගැනීමෙන් පස්සෙ මං කාමරයට යන්ට ලෑස්ති වුණා.
“අනේ අපිට තනියෙන් මේකෙ ඉන්ට බෑ. අයියත් නැති එකේ අර කාමරයේ නිදාගන්ට.
ඒකෙ ඇඳ මං හදල තියන්නෙ” විමලා කිව්වා.
“ඔව් අයිය මෙහෙ නිදා ගන්ට මහත්තයත් නැති එකේ.”
“අන්න එතන තමයි කොස්ස. මහත්තයත් නැති අල්ල පනල්ලෙ ගෑණු දෙන්නෙක් විතරක් ඉන්න
ගෙයක නිදා ගැනීම හරි වැඩක්යැ. ඔයගොල්ලන්ට තනිම නම් එහා පැත්තෙ තියෙන බූරු ඇඳ මෙතන
ශාලාවෙ දාගෙන නිදා ගන්නම්”
“මේ හීත හුළං වැදි වැදී ශාලාවේ නිදා ගන්ට ඕනයැ. අයියා මුකුත් හිතන්නෙ
නෑ. මෙන්න මෙහේ නිදා ගන්න.” විමලා නැවතත් කීවා.
“කැලයේ
ඇවිදින්ට ගියා මිනිහෙක්. ඌ පස්සෙ එළවගෙන ආවා අලියෙක්. අලියගෙන් බේරෙන්ට අර මිනිහා
පැන්නා ළිදකට වැලක් අල්ලගෙන. කරුමෙට ඒක කර වැලක් - කටු තියන වැලක්. අත පතුරු යමින්
ලේ ගලනවා. මීට වඩා ළිඳ ඇතුළටම පනිනවා කියල බැලුව ළිං පතුල. අඩෙ අප්පා ඒකෙ ඇතුළෙ නයෙක්
ඉන්නවා පෙනය පුප්පාගෙන. ගොඩට ගියොත් අලිය ගහනව. වැලේම එල්ලිලා හිටියොත් කටු වලට අත
පතුරු ගැහෙනවා. ළිඳට පැන්නොත් නයා ගහනවා. මොක දෑ දැන් කරන්නේ කියල වට පිට බලනකොට
දැක්ක දඩුවැල්ලා මීයක් පැණි බේරෙන. ඒක අනිත් අතින් කඩාගෙන පැණි බීව වගේ වැඩක් තමයි
මටත් උණේ. ඔන්න ඔය කාරණේ කවියෙන් ලියලා තියෙන්නේ මෙහෙමයි.”