වනේ ගිජිඳාය දුටුවොත් වනසාය
ළිඳේ පණිදාය වැටුණොත් ඌ කාය
අතකින් කරවැලකි අතකින් දඬුබෑය
මරණ තුනක් ඇති මිනිසෙක් පැණිකෑය
පැත්තකින්
ලොක්කා, පැත්තකින් කුමාරි; ඒ මදිවට විමලා. දත් තිස් දෙකට මැදි වුණ
දිව වගේ තමයි හක්කලං කරන්ට සිදුවුණේ. මේ නිසා ගෙතුළ නිදා ගැනීම සහමුලින් ප්‍රතික්ෂේප
කළා.
“ඉතිං කවුද රෑ යාමයේ දුක සැප බලන්ට ආවේ කුමාරිද විමලාද?”
ඒ මිලිනා ගේ පැනයක්.
“ඒවා රාජ්‍ය රහස් කැබිනට් රහස්”
අලුත්
දවසකට තම සේවාව ඉටු කිරීම සදහා සූර්ය දිව්‍ය රාජයා පෙර ගිරෙන් නැග ආවා. නිදා සිටි
තැන සකස් කිරීම සඳහාත් නො මතකව ගිය තිසරපට ගෙන යාම සඳහාත් අරුණැල්ලේ විමලා
පියවර තැබුයේ තේ ජෝග්ගුවක් සමගයි. ඇගේ දිලිසෙන දෑස එක එල්ලේ බලා සිටිය නො හැකිව ගුරු
නිවාසය දෙස බැලුවා. දඟකාර හිනාවකින් මුව සරසා ගත් කුමාරි දෙතොලතර ඇගිල්ලක්
තබා අනෙක් අතින් “එපා” යන්න
පළ කෙරුවා. සුළගින් නො සැලෙන කන්දක් වගේ සිදු වන සියල්ල මහා කරුණාවෙන් යුතුව
තුෂ්ණීම්භාවයෙන් ඉවසා වදාළා.
“ඒක කියන කැත විතරක්. යකාගෙ තුෂ්ණීම් භාවය. මගෙ මිනිහා නම් දනී කරණ වැඩේ”
“ඇයි මොනව කරන්න ද?”
“ඒක එතකොට බලාගන්න තිබුණා ”
“හරියට ඔයා කතා කරන්නෙ විපුලෙ කසාද සැමියා කියලා වගේනෙ”
“කසාදය කියන එක පොතකට සීමාවූ එකක්. ආදරය අධ්‍යාත්මයට ම කිඳා බැස්ස දෙයක්
”
“ඔය කොයි කිඳා බැසිල්ලටත් පුළුවන් ඉන්දියාවෙ ඉන්න කල් විතරනෙ. කටුනායකට
පය තැබුවම සියල්ල අවසානයි.”
“එහෙම නෑ කසාදය ඒ දරු පවුල නීත්‍යානුකූලව තියෙයි. මගේ ආදරයට වැට කඩොලු
බඳින්ට නීතියට බැහැ නේ.”