“මේ
මේ ඔය දෙන්නා කුළල් කා ගන්න එපා. මිලිනාගේ
තියෙන්නෙ අහිංසක බලාපොරොත්තුවක්නේ. පවුල් පන්සල් කඩා ඉහිරවන්න නොවෙයි නේ. ඒක ටිකක්
තේරුම් ගන්ට.” කියමින් විපුලේ මගෙ ඇඟට අනිමින් කීවා.
උදේ
පාසලට ආ ළමයෙකු කිරි බොතලයක් ගෙනාවා. කුමාරි කොළුවාට කථා කළා.
“කාටද ළමයෝ කිරි?”
“අළුත් සර්ට දෙන්න කියල අම්ම දුන්නා.”
“ඇයි සර් ගේන්ට කීව ද?”
“නෑ ඊයෙ රෑස්වීමට ඇවිත් ගෙදර ගිහින් අම්මට කිව්වා අළුත් සර් කෙනෙක් ඇවිත්
ඉන්නවා. උන්නැහේට හැමදාම කිරි බෝතලයක් අරින්ට සල්ලි දුන්නට ගන්ට එපා කියල
තාත්තා.”
“හොදයි පුතේ අම්මටයි තාත්තටයි කියන්ඩ අළුත් සර් ස්තූතියි කිවුව කියල”
කුමාරි කිරි බොතලය රැගෙන
කුස්සියටගියා. නගත් සමග මොන මොනවදෝ කියනව ඇහුණා. මං එනව දැකපු කුමාරි “යකඩො පුදුම වැඩක්නෙ! අපි මෙච්චරකල් හිටියට එකෙක් කිරි තියා හුණු විටක
දෙයක් දුන්නෙ නෑ. මේක එහෙමයැ පන්සලට පේරු දානෙ අරන් යනවා වගේ වෙයිද දන්නෙ නෑ.”
“ඒක තමයි අක්කෙ පින කියන්නෙ. මේ අයියා ආවට පස්සෙ අපිටත් නිකන් අළුත්
කමක් වගේ ඇති වෙලා නැද්ද?”
“අනේ ඔව්, ඇතිවෙලා ඇතිවෙලා. ඒකෙ විස්තර මොකට
කියනව ද?”
“කතාව ඇති, ඔන්න ඔය කිරිටික පෙරලා උණු කරන්ට. නංගී ඔයා බාගයක් විතරම
බොන්න. බබාටයි ඔයාටයි දෙන්නටම හොදයි.”
උදේ
ආහාර ගැනීමෙන් පසු සීණුව නාද වුණා. ළමයි මිදුලේ බෝ ගස යටට රැස්වුණ අතර, මුල් ගුරු
නැතිව සෙසු ගුරුවරියන් පැමිණ සිටියා. එතෙක් නො පැමිණි සිසුන්ගෙන් විශාල පිරිසක්
පාසැලට අවුත් සිටින අයුරු පැහැදිලිව දැක්කා. ආගමික කටයුතු වලින් පසුව ළමයින්ගේත්
ගුරුවරියන්ගේත් හිත් සතුටු වන ලෙසට කතාවක් කරමින් කාලයක් නො පැමිණ සිට අද ආ ළමයින්ට
විශේෂයෙන් දැන්වුවා - ඒ දරුවන්ගේ දෙමාපියන්ට නො සෑහෙන ලෙස ස්තූති කළ බව කියන්න. ඒ
දෙමාපියන්ට දැනුම් දෙන ලෙස කීවා. වැඩක් පලක් නැති දවසක දවසේ ඕනෑම වෙලාවක අවුත් මාව
හමුවන ලෙස. උදේ කිරි ගෙනා ළමයා ළඟට කැඳවා ඔහුගේ
හා ඔහුගේ දෙමාපියන්ගේ නම් අසා දැන
ගෙන ඒ අයටත් විශේෂ ස්තූතියක් කළා.
සිසුන්
පන්ති වලට යැවීමත් සමග මහා වැස්සක් - ධාරා නිපාතයක් සිදු වුණා. සෑම ගුරුවරියකගේ ම
මුවෙන් පිට වූයේ අලුත් වැඩ පිළිවෙළට වැස්ස වළාහක දෙවියන් පවා ආශීර්වාද කරණ බවයි.