නිලධරයෙකු
ආවොත් ඔහුට පෙන්වන්නට නිල මට්ටමෙන් යමක් තිබිය යුතුයි නේ. ඒ නිසා මෙහෙම ලොග් ඇන්ට්‍රියක් ගැසුවා. දිනය නො දමා.
“මුල්ගුරු මහතා හදිසියේ රෝගාතුර වූ බැවින් ප්‍රතිකාර ලබා ගැනීමට වෛද්‍ය
වරයෙකු හමු වීමට ගිය නිසා, ඔහු එන තෙක්
රාජකාරි කටයුතු ආවරණය කරමි.”
“එහෙම තමයි, හොඳ හිතකින් යමක් කළොත් පරිසරයෙන්
පවා ආශිර්වාද ලැබෙනවා. දැන් මේ ගුරු මණ්ඩලයේ එක එක්කනාගේ මුහුණු බලලා මං වැඩ කළොත්
අනිත් අයගෙන් සහයෝගය ගන්ට බෑ. එහෙම කරන්නේ පෞද්ගලික වාසි තකා ගෙන. මට කාගෙන්වත්
පුද්ගලික උපකාර එපා. හැබැයි පොදුවේ රාජකාරියට සහයෝගය දක්වන්න. රාජකාරී මට්ටමෙන් එන
ඕනෑම ප්‍රශ්නයකට මං මුහුණ දෙනවා. පෞද්ගලික ලිපිගොනු සම්පූර්ණ කරලා ලියා පදිංචි අංක
ලබාගෙන ඉන්න අය අත උත්සන්න. කිසිවෙකු හිටියේ නෑ. වැන්දඹු අනත්දරු ලියාපදිංචි අංක
ලබාගත් අය කවුරුත් නෑ. ඒ අංක තමයි අපි විශ්‍රාම යනකොට හරි හදිසියේ මරණයක් සිදු
වුවහොත් නැත්නම් ආපදාවකට ලක් වුණොත් අපට
පිහිට වෙන්නේ. හොදයි නියමිත අයදුම් පත් කන්තෝරුවෙන් ගෙනැත් දෙන්නම්. ඒවා සම්පූර්ණ
කරල දුන්නහම ලියාපදිංචි අංක ලබා දෙන්ට මං කටයුතු කරන්නම්. ඒ වැඩේට මට කිසිම
පුද්ගලික සැලකිල්ලක් එපා. නමුත් පාසල් රාජකාරිය අකුරට නීතියට නීට් එකට කෙරෙන්න
ඕනෑ. කරුණා කරල දැන් පන්තිවලට යන්න.” කියා කාර්යාලයට ගියා.
මහ
වැස්සකින් පොළොව පොඟා ඇත. කෙසෙල් පිති
අධාරයෙන් මුගුණු වැන්න වැවීම අවශ්‍ය නැත. ලණු කීපයක් සොයා ගතහොත් හිතේ සනිටුහන් වී
ඇත පාසැල් පිරියත සැකසීමේ කාර්යය ආරම්භ කළ හැකිය. අවශ්‍ය උපකරණ සොයා ගන්නට ගුරු
නිවාසයට ගියා. විමලා කුඩා දැරිය අසළ තද නින්දේ. කට ඇරගෙන නිදා සිටි
ඉරියව්වෙන් වස අපුලක් දැණුනා. එහෙත් ආ කාරණය ඉටු කර ගත යුතුයි. එ බැවින් දණ හිසෙන්
පස්සට පහරක් එල්ල කෙරිණි.
“අනේ මං බය වෙච්ච තරමක්!”
“ඇයි යකෙක් ගැහැවුවා කියල හිතුව ද?”
“ඒ කියන්නෙ මං යකෙක් තරම්වත් වටින් නෑ”
“කැමති විදියකට හිතා ගන්න එකයි ඇත්තෙ”
“තමුසෙගෙ සමයං තියා ගන්නවා. මෙහෙ තියෙනවද මිටියක්, වක් පිහියක්, ලණු?”
විමලා
ඉස්සර වූවා. ස්ටෝරු කාමරයේ අවශ්‍ය සෑම දෙයක් ම තිබුණා. ඒවා තෝරද්දී ඇඟට හේත්තු වුණා.
“මේ මේ අයින් වෙනවා, මේක මගේ රාජකාරී වෙලාව. නාඩගං නටන්න හදන්ට එපා.”
“වැඩේමයි නාඩගං නටන්ට. එහෙම නටයි බඩ දරු අම්මන්ඩිලා.”