විමලා
පිළිස්සී අළු-දූවිලි වී යන තරම් බැල්මක් මං ම හෙළු බව මට ම තේරුණා. විමලා
බියෙන් තැති ගත්තා. තෝරා ගත් උපකරණ කීපය රැගෙන ගුරු නිවාසයෙන් පිට වුණා. උදේ කුමාරි දෙතොල මත ඇඟිල්ල
තබා දෑසින් කියු කතාවත් විමලාගේ කතාවත් එකට ගැනීමේ දී මහත් බියක් ඇති වුණේ
කිනම් වෙලාවක හෝ උන් දෙදෙනා කෙස් වලු පටලවා ගතහොත් තෙල් හිදින පට්ටලයකට දැමූ මී ඇට
පැසක ඇට කුඩු වන්නා සේ මාගේ ගෞරවය සිදී බිදී යන වග වැටහුණ බැවින්. ‘සියළු දහමන දෝෂ
තොටයි තොගේ අඹුවටයි නගාටයි වැළදියන්!’ කියා හිත දමනය කරගෙන නිසි මැනුම් කටයුතු කර,
වට රවුමක් හා ශාලාවලට යන මාර්ග ලකුණු කළා. අදින ලද ලණු දිගේ නූස් නො මිටි නියරවල්
හැදෙන සේ දෙ පැත්තෙන් පස් එක් කළා. මුගුණු වැන්න ඇතැයි කියන පන්සලට මා යන බව කී
විට 7-8 වසර සිසුන් කීප දෙනෙකුම ඊට කැමැත්තෙන් එක් වුණා. ඔවුන්ට මං දැනුම්
දුන්නා සවස තුනට පන්සලට එන බවත්. ඒ ළමයිනට තම නිවෙස්වලට ගොස් කා බී ඒම සදහා එක්
කාල ඡේදයක විවේකයක් දී නිවෙස් වලට යැවුවා.
එදා
පාසල විවේක කළාට පස්සෙ ගුරු වරියන් අතුරෙන් රන්සො නෝනා මට ඇරයුමක් කළා.
“සර් අරගොල්ලන්ට විනාඩි දහයකට සර්ව හම්බ වෙන්න ඕනැලු”
‘හරි මං ඇයි කියල අහන්නෙ නෑ. යං වට පිට පෙනෙන තැනකට මං එන්නම්”
ගුරුවරියන්
වටපිට හොදට පෙනෙන තැනකට රැස්වෙලා හිටියා. මං ඒ අයගෙන් ඇසුවා ඇයි කියල. සෝමවතී
නෝනා පටන් ගත්තේ “අපි කේළමක් කියනවා එහෙම නො වෙයි. සර් ගැන අපිට හරි ආදරයක් පැහැදීමක්
ඇති වුණා. ලොකු මහත්තයලෑ ගෙදරත් එක්ක සම්බන්ධය ඕනෑවට වැඩිය තියාගත්තොත් ...”
“ඔළුව උත්සන්න හම්බවෙන් නෑ” කියා ඉතිරි කොටස මං
අවසාන කළා. නැවතත් කතාව පටන් ගත්ත මං, “මෙන්න ඒකට හේතු ලොකු මහත්තයා නරක මිනිහෙක්
අහළ පහළ ගෙවල්වලට බඩ ගානවා. මිනිසුන්ගේ කුඹුරු බද්දට අරං උන්ට හිරි හැර වෙන ලෙස
ගනු දෙනු පියවනවා. පාසැලේ ළමයින් ලවා හේන්වල වැඩ ගන්නවා. පාසැලේ රාජකාරී හරියට
කරන්නේ නෑ. ඒ නිසා අධ්‍යාපනය අඩාල වෙලා. ගුරු මණ්ඩලයේ අවශ්‍යතා හොයා බලන්නේ නෑ. ඒ
නිසා ගුරුවරුනුත් මන්දොත්සාහී වෙලා. පාසලට එන පිරිමි ගුරුවරුන් ගුරු නිවාසය භාරයට
ගෙන නගා ඇමට දී ජාම බේර ගන්නවා. එම ගුරුවරුන්ට අරක්කු පොවා හැම සතයක්ම අත ගා
ගන්නවා. විවාහක ගුරුවරයෙකු පවා තම අඹු දරුවන් අමතක කර විමලා සමඟ දීග කන්ට
පටන් ගත්තා. ලොක්කගෙ ගෑණිත් හොද එකියක් නො වෙයි. මොකාගෙ වුණත් බෙල්ලෙ එල්ලෙනවා”
මීට
අමතරව අක්කලා නංගිලාට තව මොනවද කියන්ට තියෙන්නෙ? ඔවුන්
දෙස විමසුම් දෑසින් බැලුවා.
සියල්ලන්ගේ
දෑස්වල පුදුමය නළියනවා. සමහරුන් අතින් කට වසා ගත්තා. ඇතැමුන් උනුන් දෙස බැලුවේ
විෂ්මයෙන්.
අපි
අවුරුදු ගණනක් ගිහින් දැනගත්ත ඒවා දවස් තුනෙන් දැනගත් එකනෙ පුදුමෙ. අනිත් එක අපි
නො දන්නා කරුණකුත් අද දැන ගත්තේ.