“ඒ මොකක් ද?”
“කුමාරි නෝනා ගැන ...”
“ෂහ්, මසුරං කෑල්ල - බඩ නො තිබුණා නම්!” විවාහක
අවිවාහක බවෙන් තොරව සියල්ලෝම කොක් හඬලා සිනා සෙන්නට වූහ. මාව තම්බන්ට ඒ ගොල්ලන්ගෙ
ලුණු ගොරක මදි. නමුත් ඔය ගොල්ල ටිකක් අවධානයෙන් ඉන්ට. හැබැයි කවුරුවත් කේළම් කියන්ට
එපා. අපේ ආයතනයට කාගෙන් හරි වරදක් සිදු වෙනවා නම් ඒ ගැන නො බියව කතා කරමු. ලොක්කයි
එයාගෙ නෝනයි නංගියි ඕන ජවුසමක් නටා ගත්තදෙන්. දැන් මෙහෙ ඉදල වෙන තැනකින් කෑම කන්ට
යන්ටත් බෑ. සාමාන්‍යයෙන් ලෝකයේ පවතින ගාස්තුවක් තියෙනවානේ තුන්වේලට කෑම කන අයගෙන්
අය කරණ ඒක දීල හිටියම අහවරයි.
“ලොකු මහත්තයා කලා වැවේද වැඩ?”
“මොන කලා වැවක් ද මිනිහා ගමේ කුඹුරු හානවා. මට ඉස්කෝලෙ ඕන හැටියට
හදාගන්ට ඕන නිසයි මිනිහා යැව්වෙ. හැබැයි ආපුදාට මිනිහට තරු විසිවෙයි”
“නෑ එහෙම නො වෙයි - එයා කැමති නෑ ස්කෝලෙ ඉහළ යනවට මොක ද එයා පස්වන ශ්‍රේණියේ
කෙනෙක් නේ. පාසල ඉහළ ගියොත් එයාට යන්ට වෙනවා. මං කීවෙ, මොන උප්පර වැට්ටියක් හරි
දාල මේ වැඩ පිළිවෙල කඩාකප්පල් කරණවා.”
“ඒක හරි සෝමක්කා කියපු දේ මං පිළිගන්නවා. වැඩක් කරණ කරපු බව ගුරු
මණ්ඩලයයි ළමයිනුයි දෙගුරුනුයි පිළිගන්නවනේ. කඩාකප්පල් කළොත් එයා ඒකෙ විපාකය විඳියි”
“මොන විපාකයක් ද කන්තෝරුවම අල්ලා ගෙන ඉන්නෙ. මස් ගාත් පිටින් ලොකු
ලොක්කන්ට යවන්නෙ. මාණ්ඩලික නිලධාරී සමහර විට මෙහෙ නැවතිලා යන්නෙ”
සියල්ලෝ
ම පාසලෙන් පිටව ගියහ. මා ඇඳුම් මාරු කර මුහුණකට සෝදා කොට කලිසමක් ඇඳ ගුරු නිවාසයට
ගියේ දිවා භෝජනයට. පරිප්පු කොළ මැල්ලුමක් සමග කරවල බැදුමක් මේසය මත වසා තිබුණා. විමලා
ගැන නො සොයා කටට දෙකට බත් ගුලි හත අටක් ගිල ගත්තා. ඇයටත් නො දන්වා ම පන්සල බලා
යන්නට බොරළු පාරට වැටුණා. ඒ වන විට ළමුන් හත් අට දෙනෙකු පැමිණ සිටියා. පන්සලේ
අධිපති හිමියන් බෝගස දෙසට වැඩම කළා. උන්වහන්සේට සිසුන් සමග වැඳ නමස්කාර කළා. එතුමා
කවරෙකුදැයි නො දන්නා නිසා, හඳුනා ගැනීම් වස්, එක එල්ලේ මුහුණ බැලුවා.
“අවසරයි අපෙ හාමුදුරුවනේ, මං මේ පාසලට අලුතෙන්
ආපු ගුරුවරයා. ”
“හරි හරි හරි, මං විස්තරේ දන්නවා. එමුකො පන්සලට
ම”
උන්වහන්සේ
අනුව ගියා. පැදුරක් දුන්නා වාඩි වෙන්ට.
“ඉතින් තමුන්නැහැ කොයි පලාතෙද?” කියා පටන් ගෙන
වංහුං මහ රාශියක් ඇසුවා.