300. ග්‍රේඩ් වන් Principal | සත්‍ය කතාවක්

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


ආවෙ ඇයි කියල විමසලා නේද කාරණා දැන ගෙන කළ යුත්තක් නො කර කිව යුත්තක් නො කියා රට පහක අනං මනං විමසන්නේ මේ යකුන්ට අමු කැවිල දැයි සිහින් කෝපයක් ආවා. ඒ කෝපයෙන් පස්සෙ තමයි අදාළ කාරණයට බසින්ට “තමුන්නැහැ මේ පැත්තෙ ආවෙ?යි විමසුවේ.

අපෙ හාමුදුරුවනේ මං පාසැලේ වට රවුම් පාරවල් වගේ දේවල් ටිකක් හදල ලස්සණ කරන්ට හිතා ගත්තා. මට දැනගන්නට ලැබුණා මෙහෙ මල් මුගුණුවැන්න තියෙන බව ...

තියන එක නම් තියෙනවා මහත්තයෝ, වැඩේ තියෙන්නෙ අපට ඔය ස්කෝලෙන් දානයක්වත් ලැබෙන්නෙ නෑනෙ!

දුන්නොත් ලැබෙන්නෙ, එහෙම නේ ද හාමුදුරුවනේ?”

අන්න මහත්තයට වැටහුණා

ඉතින් හාමුදුරුවනේ ඔයදීම කියන ධර්මතාවය පන්සලෙන් ආරම්භ කළොත් අනිත් අයත් පුරුදු වෙයි නේ ද දෙන්ට

එහෙම නොවෙයි මහත්තයෝ, පින් ලබාගන්ට පන්සලටයි දෙන්න ඕනෑ. පන්සලෙන් දුන්නම පින් ලැබෙන්නෙ නෑ

එහෙනම් හාමුදුරුවනේ පබ්බජිතස්සපි උපකාරණි පුඤ්ඤාණිකියල බුදුහාමුදුරුවෝ කියල තියන්නේ පැවිද්දා පින් ලබාගන්ට මොන මඟුලක් කළ යුතුයි කියල ද? ලබන දෙපෝය දාට මං ම පාසලේ බණක් කියනවා. පුළුවන් නම් සංඝ ගෞරවය ආරක්ෂා කර ගන්ට වැඩ පිළිවෙලක් යොදා ගන්ටකියමින් අවාසයෙන් පිටවුණා.

“මහත්තයෝ මහත්තයෝ” කියමින් භික්ෂුව පිටු පසින් ආවා. “තරුණ කාලයේ ඔච්චර තරහ ගන්ට හොඳ නෑ මහත්යෝ. මේ තියන්නේ මේවා ඔක්කොම හරි ගලවා ගෙන යන්ට මහත්තයෝ

(ක්‍රිස්තියානි පූජක වරුන් කන පත හරි අනුන්ට දෙනවා. ලෙඩුන් හොයාගෙන යනවා. උන්ට පිහිට වෙනවා. ඒ වුණාට කාක් මිස දීක් වචනය භික්ෂූන් ලඟ නෑ.)

හාමුදුරුවනේ මේ රටේ භික්ෂූන්ගෙන් බහුතරයක් ම කරන්නේ ශාසනය දියුණු කිරීම නො වෙයි, තමන්ගේ සුඛ විහරණය සඳහා ආගම දඩමීමා කර ගැනීම පමණයි. කවුරුහරි මැරුණහම ඒ පුද්ගලයාට සදිව්‍ය ලෝකවලට බ්‍රහ්ම ලොකවලට යන්ට වීසා හා පාස්පෝට් ලබා දෙනවා. හත් දවසේ තුන් මාසයේ දානයට ගිහින් එතැන තියෙන පිරිකර අනුව තමයි උතුම් වූ නිර්වාණ සම්පත්තියට වීසා ලබා දෙන්නේ. ඔය ගම්බද පන්සල්වල ඉන්න අය. නගරයේ දැන උගත් යැයි සම්මත අයගෙ යටත් පිරිසෙන් හිරි ඔතප් ඒ කියන්නෙ ලජ්ජා භය කියන දෙකවත් නෑ.”

අනේ මහත්තයො ඔය ඕන තරම් තියන්නෙ මුගුණුවැන්න. ගලවගෙන යන්න




"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll