301. ප්‍රින්සිපල් Grade One | සත්‍ය කතාවක්

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


එපා. මට දැන් ඒ වැඩේ ගැන ආසාවක් නෑ. මං වෙන කොහෙන් හරි හොයා ගන්නම්

ළමයින් බලාගෙන සිටියා මේ හබය. ඔවුන් කීවා ‘කොහෙ හරි ගිහින් මුගුණු වැන්න හොයාගෙන එන්නම්’ කියල. මං ඒකට ඉඩ දුන්නෙ නෑ. අතර මගදී ඔවුන්ට කරදරයක් වුණොත් විශාල වගකීමක් වන නිසා. ළමයිනට ගෙවල්වලට යන ලෙස උපදෙස් දී මං පාසලට ආවා. ළමයින්ගේ පියවරුන් දෙතුන් දෙනෙකු පාරේ දී හමු වුණා. ඔවුන්ට සිද්ධිය කෙටියෙන් කීවා. ඒ එන ගමන් වැව් තාවුල්ලට ගියා. පිඩැලි කපන්ට සුදුසු තැනක් බලන්ට. ලැබුණේ නෑ. පෑවිල්ලට තණකොළ නෑ - ඔක්කෝම පරඩැල් වෙලා. අඩි දෙකේ ලී කෝටු කපා කතිර වැටක් හැදීමට හිතේ සනිටුහන් කරගනිමින් පාසලට ආවා.

අපි සොයාගෙන ආවා සර් - ගෝණි තුනක් තියනවා.කොල්ලන් ජයග්‍රාහිකව කීවා.

එහෙනම් හෙට උදේ හිටවමු

බෑ බෑ සර් අදම හිටවමු

මේ වන විට ළමයින් 17 දෙනෙකු පැමිණ සිටියා. ඔවුන්ට නූල ඇද දී අඟල් තුනක ප්‍රමාණයේ රිකිලි කෝටුවක්  ඇන එම වලට දමා අතින් පස් තද කරණ හැටි කියා දුන්නා. පරතරය වියතක් බවද මතක් කළා. සීනි රාත්තලක් තේ කොළ පැකට්ටුවක් හා විස්කිරිඤ්ඤ පැකට්ටුවක් ගෙන එන ලෙස විමලාට කීවා. ඒක අණක්. ඒ ශබ්දයෙන් තවත් ඇයගේ භීතිය වැඩි වූ බවක් පෙනුණා. කඩිසර ලෙස ක්‍රියාත්මක වූ සිසුන් තේ පානය කළේ හැම පාත්තියක ම මල් මුගුණුවැන්න සිටුවීමෙන් පසුවයි. සිසුන් ගෙවල්වලට යවා තවත් කුමක් කළයුතුදැයි සිතමින් සිටියදී කුමාරි ආවා.

ලස්සනේ බෑ ...

මොනව ද ?”

කරල තියන වැඩෙයි, වැඩ කරවපු කෙනයි”

ඊයෙ වෙච්ච දේ අරයා දැනගෙන නේද?”

ඉතින් මොකෝ එයා කළදේත් මං දන්නවනේ

ඔය වැඩේ නවත්තමු

එහෙම කියන්න එපා අනේ! ළඟට වෙලා හිටපු එකත් මට මහමෙරක් තරම් වටිනවා

මොනවා හරි හේතුවකට ඔයා ගැන අරයා අයියට කිව්වොත්?”

අනේ කීවා කියල මාව උල තියන්ටයැ! ගහල පන්නන්නෙ තිරිසනා

ආ මොකෝ අනේ එහෙම කියන්නෙ?”

මං තව එයාගෙ කැරැට්ටුව ගැන කට ඇරියෙ නෑ. මං ඔයා ළඟට වෙලා ඉන්නවටත් කැමති නැද්ද?”

අකමැත්තක් නොවෙයි. ප්‍රශ්නයක් වෙයි කියල බයයි.

 



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll