නෙතට
ඉණූ කඳුලෙන් යුතුව ඇය ගියා. ළිඳට ගොස් හොඳ හැටි නා ගත්තා. විමලාගේ යකඩමරං
තේ බී පාර දෙසට ගෑටුවේ අර දෙන්නගේ සිත්වලට වේදනාවක් ලබා දෙන අදහසින්. රන්සොගෙ
සැමියා වෙද මහත්තයා කඩේට ගොස් එමින් සිටිය දී මා දුටුවා.
“මගෙ අප්පේ මේ බඩුටික තියල මං එහෙ යන්න හිටියේ.”
“ඇයි හදිසියක් ද ?”
“නෑ නෑ අපේ මල්ලී, ඒ කියන්නෙ නෝනගෙ මල්ලි ඇවිත් ඉන්නවා”
“ඉතින්”
“ඉතින් කියන්නෙ එයා දන්නෙ නැද්ද මොන මොනවාදෝ ගෙනැල්ල. අපේ නෝනා කීව ‘අනේ
මල්ලියෙ ස්කෝලෙට අලුත් සර් කෙනෙක් ඇවිත් ඉන්නවා උඹ වගේමයි එන්ට කියන්ට ද’ කියල. එයත්
කැමති වුණා. මං මේ පණිවුඩේ කියන්ට යන්ටයි හිටියේ.”
වෙදත්
එක්ක ගෙදරට ගියා. මලයා සිනා සීගෙනම ඉදිරියට ආවා.
“මං මේ මල්ලිව කිප වරක්ම දැකල තියනවා. චුට්ටක් ඉන්ට කව්ද කින්ද මන්ද
කියලා හරියට ම කියන්නම්. ම්...ම්.... හරි! ඔයා වැඩ කරන්නෙ C.T.B. එකේ. කලුකඹරෑව
පාසැලේ අධ්‍යාපන ගමනක් යන්ට බස් රථයක් ඉල්ලුවා. ඔයා ‘දෙන්ට බෑ’ කීවා. හේතුව ඇහුවම
කීවා ‘ජනාධිපතිගෙ රැස්වීමට බස් දාන්ට තියෙනව ඒක ප්‍රධාන අමාත්‍ය තුමාගේ නියෝගයක්’
කියල. එතකොට මං කියපු දේ මතක ද? ”
“ඔවු”
“මොකද්ද මං කීවෙ?”
“දැන් ඒ ගැන කතා කරල වැඩක් නෑ. අපි අසරණයි. දේශපාලනඥයන් කියන පාදඩයන්ගේ
අමන කම් නිසා තමයි අද හැම ආයතනයක් ම පාඩු ලබන්නේ. උන් හිතාගෙන ඉන්නේ රාජ්‍ය දේපල
උන්ගේ අම්ම අප්පගේ බූදලය කියල.”
“දෙන්නට දෙන්නා අදුන ගත්තා” කියමින් වෙදා ගෙතුළට ම ගියා. ‘චුට්ටක් ඉන්න.’
කියූ මල්ලී සෙනෙවිරත්න, මොහොතකින් ආවේ පරණ අරක්කු බෝතලයක් වීදුරු තුනක්
මුරුක්කු පැකට්ටුවක් සමඟ.
“ස්කෝලෙ අලුත් තාලයකට හදන්ට යනවා කියල අක්කා කීවා. ඒත් ලොක්කා කීයකටවත්
ඒකට ඉඩ දෙන්නෙ නෑ”
“ඔව් එහෙම වෙන්ට පුළුවන්. ඉතින් දෙමාපියන් දැන ගන්ට එපායැ කළ යුත්ත”
“අනේ ඕකුන්ට මොන ඉගෙනීමක් ද? උන්ට හේන්වලට යන්ටයි
හරක් බලන්ටයි තිබුණොත් ඒ ඇති”