“හැම දෙනා ම කතා කරන්නෙ පසුගාමී මානසිකත්වයෙන් නේ. තනි පුද්ගලයෙකුගෙ
ආණ්ඩු මට්ටු කර ගන්ට සමූහයකට බැරි නම්, එයාට ම දිනුම දීලා උඩ බලාගෙන ඉන්නවා නම්
කාගෙද වරද?”
“අධ්‍යාපන දෙපාර්ථ මේන්තුවේ”
“නෑ, ඒ මිනිස්සු දන්නෙ කොහොමද මෙතැන වෙන පල හිලවු - දෙමාපියන්ගේ වරද.
ළමයි පාසලට ඇතුළත් කරන්නට විතරයි අම්ම හරි අප්පා එන්නෙ. ළමයා ඉගෙන ගන්නව ද මොනවද
තියෙන අඩු පාඩු කියල එකෙක්වත් හොයා බලන්නෙ නෑ.”
ප්‍රමාණය
ඉක්මවා යන්නට පෙර මා නැගී සිටියා.
“තව ටිකක් ගමු”
“අපෝ එපා මගේ ප්‍රමාණය හරි”
“අක්කේ මේ සර් යන්ට හදනවා” සෙනෙවි ගෙතුළ සිටි අක්කාට කතා කළා.
“අනේ කෑම ටිකක් කාලම යන්ටකෝ”
“එපා අක්කෙ අර දෙන්නා බලාගෙන ඇති. මං නො කියාම ආවෙ”
පාසලට
යන විට අක්ක නගුන් දෙදෙනා පැත්තට වී බලා සිටියා. කිසිවෙකු සමග කතා බහකින් නොවේ කෙළින් ම ගියේ කෑම මේසයට. එකෙකුවත් ළඟට නො
පැමිණීමත් කතා නො කිරීමත් හිත පුපුරුගසන්නක් වුවත්, එය නො අඟවා කාමරයට ගියා. ඇඳ
සකසා තිබුණේ නෑ.
ශාලාවේ
බූරු ඇඳේ නින්දත් නො නින්දත් අතර සිටි මාගේ ඇඟපත සොලවමින් නැගූ කෙදිරියත් සමග ඉකි
ගැසීමක් ඇසී “ඇයි?” කියා ප්‍රශ්න
කළා. “මේ වහිනවා හුළං පොද යමු අනේ ඇතුළට” ඒ විමලාගේ
අයාචනයක්. “ඔය ගොල්ලන් නිදා ගන්ට මට මෙතන හොදයි.”
“ඇයි නංගී අයිය එන්ට බෑ කියනව ද?”
“ඔව් අක්කේ මෙතන හොඳාලු” කුමාරිත් ළඟට ආවා. දෙදෙනා ම එක් වී දෑත් දෙ උරස් මතට ගෙන ගුරුනිවාසයේ ඇඳෙහි
සැතැප්පුවා. තුන්යම් රාත්‍රියක් මුළුල්ලේ විය යුතු සියළු ඇප උපස්ථාන කරණ ලෙස විමලාට
පැවරූ කුමාරි දොරත් වසාගෙන ගියා.
“මොනව ද ඉතින් කරපු ඇප උපස්ථාන?” මිලිනා අතුරු ප්‍රශ්නයක්
නැගුවා.
“ඔයා කළ ඒවට චුට්ටක් අඩුවෙන්”
“කියන ලස්සන විතරක්!”
“කරපු ලස්සන විතරක්!”