“හා
හා කෝරාළ ඉදිරිපිට සණ්ඩු වෙන්ට එපා. ඉතින් ඊට පස්සෙ?”
පහුව
දා සුපුරුදු පරිදි රාජකාරී පටන් ගත්තා. “සර් මවලනෙ තියෙන්නෙ.
කොහොම ද හැබෑට මෙහෙම කළේ!” මිස් ගීතා පාසල් පිරියත
දෙස බලා විෂ්මයට පත් වෙමින් ඇසුවා. අනිත් අයගේ දෙනෙත්වලත් එම කීමට අනුරූපව
විමසුමත් දැක්කා. පාරේ යන එන්නන් සතුටු මුහුණෙන් පාසල දෙස බැලීමෙන් මා වින්දේ අපූරු සුවයක්.
එදාත්
පසු දිනත් ගත වුණේ සුපුරුදු පරිද්දෙන්. අක්කා නඟුන් වුව පෙර දිනවල මෙන් ඇඟට ආවේ
නෑ. එහෙත් සෙවුම් බැලුම් සැලකුම් උසස් ලෙස පවත්වා ගෙන ගියා. පසුදා රෑ යාමයේ කුමාරිට
තදින් අවවාද කළා.
“ඔයා ගුරුවරියක්. මහත්තයා විදුහල්පතිවරයෙක්. පවුලේ අසීමිත ලෙස ප්‍රශ්න
තියෙන්ට පුළුවන්. ගේ ගින්දර පිටට දෙන්ට එපා, පිට ගින්දර ගෙට ගන්ට එපා
කියලනෙ තියන්නෙ. මාත් එක්ක කීවා මිස මීට පස්සෙ පවුලේ තොරතුරු කාටවත් කියන්ට එපා.
අනවශ්‍ය නම් නීතියෙන් වෙන් වුණාට කමක් නෑ. අනික ඔයා දරු දෙදෙනෙකුගේ අම්ම කෙනෙක්.
ඔයාගෙ හිතේ ඇති වෛරය ක්‍රෝධය ජාන ක්‍රියා කාරීත්වයන් දරුවන්ටත් බලපානවා.” මෙසේ පැයක් විතරම කුමාරිට අවවාද කළා. ඇය පූසියක මෙන් අසාගෙන
සිටියා. මං හෙට හවස ගමේ යනවා. එන්නේ ඉරිදා හවස නැත්නම් සඳුදා උදේ. මහත්තයා
සිකුරාදා ඒවි.
කල්
ඇතිව දිවා ආහාරය ගැනීමෙන් පසු පාසලෙන් පිට වුණා ගෙදර යන්න. ගුරුවරියන්ගෙන්
පුද්ගලික ලිපිගොනු සැකසීමට අවශ්‍ය අයදුම් පත් අධ්‍යාපන කාර්යාලයෙන් ලබාගෙන ගෙදර ගියා. දරුමල්ලන් සමග එක්වීමේ
අසීමිත සුවය සති අන්තයේ වින්දා.
ඉරිදා
නො ගොස් සඳුදා පාසලට ගියා. වික්‍රමසිංහ සිකුරාදා අවුත් ඉරිදා ආපසු ගමට ගොස්
තිබුණා. පැමිණීමේ අත්සන් පොත සම්පූර්ණ කරලා. පාසල් පරිසරය වෙනස් කිරීම හා වෙනත්
රාජකාරී කීපයක් ලොග් පොතේ සටහන් වෙලා. නව වැඩ සටහටහන ක්‍රියාත්මක කිරීමේ බලය මා
වෙත පවරා තිබුණා.
සිසු
පිරිස දිනෙන් දින වැඩි වී ඇත. පන්ති කටයුතු ද මැනවින් සිදු වෙයි. හවස විමලාගෙන්
අයියාගේ තොරතුරු විමසුවා.
“බිං නැගුම අවසන් කළාලු. නියර සැදීම පටන් ගත්තා කීවා.”
“පාසල ගැන මොනවද කීවෙ?”
“මේ දවස් දෙක තුනට මේ මනුස්සයා කොහොම ද මෙච්චර විපර්යාසයක් කළේ කියල
පුදුම වුණා.”
“මං ගැන ...”
“හොඳට කතා බහ කරල ඉන්නවද කියල තමයි ඇහැව්වෙ.”
“මොනවද ඔයා කීවෙ?”