305. ප්‍රින්සිපල් Grade One | සත්‍ය කතාවක්

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


එහෙම අමුතු විශේෂත්වයක් නෑ. කන්ට දුන්නහම කනවා. හවස් යාමයේත් ළමයින් එක්ක ස්කෝලෙ වැඩ තමයි කරන්නෙ කීවා. මං කීවා ගුරු නිවාසයේ අපි දෙන්නා තනියෙන් ඉන්න නිසා අර හෝල් එකේ නිදාගත්තා කියල

පාසල් වාරය අවසන් වුණා. ඊළග වාරය පටන් ගත්තා. වික්‍රමසිංහත් පරණ ක්‍රමය අතහැර අලුත් රටාවට සමාන්තරව කටයුතු කළා. මේ නිසා හැල හැප්පීමකින් තොරව රාජකාරි කරගෙන යන්ට හැකි වුණා. ගුරුවරියන්ගේ ලිපි ගොනු සකස්කර ලියා පදිංචි අංක ලබා දිමට හැකි වීම නිසා අනුලාගේ විශේෂ ගෞරවයකට මා පාත්‍ර වුණා. ඒ ගැන වික්‍රමසිංහ කීවේ මෙහෙමයි.

මටත් ඔය වැඩේ කරල දෙන්ට ඕනකම තිබුණා. එත් කාටවත් හදිසියක් නෑ. අමතක වෙවීම ගියා. ඉල්ලුම් පත්‍ර කාර්යාලයට බාර දුන්නට පස්සෙ මාත් දෙතුන් වතාවක් අදාළ අංශවල අයට ඒ ගැන මතක් කළා

ආ ඒක තමා මෙච්චර ඉක්මනින් වැඩේ කරගන්ට පුළුවන් වුණේ. නැද්ද සෝමායි රන්සො නෝනා අවඥාසහගත ඉඟියකින් සෙස්සන් දෙස බැලුවා.

ඉදිරියට එන්නේ අවසාන වාර පරීක්ෂණය නිසා ගුරුවරියන් සවස් කාලයේ අතිරේක පන්තිද පැවැත්වූයේ කාගේවත් ඉල්ලීමකට නො වෙයි. නොයෙක් ධාන්‍ය බෝග එළවළු පළතුරු පාසලට ලැබුණා. ඒවා කොටස් කර ගුරුවරියන් අතරේ බෙදා ගුරු නිවාසයට කොටසක් යැව්වා.

මේවා ඔක්කෝම  මෙහාට එපා. විපුලෙසේන මහත්තයා යන කොට කොටසක් ගෙදරත් අරන් යන්න. ඔය මුං කවුපි තල වගේ දේවල්

අනේ මට බෑ ඕව උස්සන් යන්න. මෙකෙ ඉන්නකන් කනවනේ, ඒ මදැයි

මේ වනවිට විමලා මගේ දුක සැප හොයන සහකාරියගේ තත්වයට පත් වී ඇත. එයට සුදු වැලි ඇතිරූ මාවතක් හදා දුන්නේ ඇගේ අයියාමයි. වික්‍රමසිංහ වෙනදාටත් වඩා මට ගරු සැලකිලි දක්වන්ට පටන් ගත්තා. ‘අපේ සර්’ ‘විපුලසේන සර්’ යනුවෙන් ගුරුවරුන් ඉදිරියේත් සිසුන් ඉදිරියේත් පැවසුවා. මාත් ‘ලොකු සර්’ යන ගරු ආමන්ත්‍රණයට ඔහු ලක් කළේ පාසැලේ කටයුතු මනා ලෙස කරවා ගනු පිණිසයි.

වික්‍රමසිංහ හදිසියේ ම ගුරු මණ්ඩලය කැඳවූවා. සියල්ලන් ම දෙකන් විදහාගෙන සිටියේ මෙසේ කැඳවන්නට හේතුව දැනගන්ට. විපුලසේන සර්ට වාඩි වෙන්ට ඕන්නං ළමයෙකුට කියලා පුටුවක් ගෙන්වන්න” කියා නමක් නියමයක් නැතිව ගුරුවරියන් දෙස බලා කීවා.

එපා එපා මෙහෙම හොදයි, මොකද හදිසියේ කැඳවූයේ?”  මං ප්‍රශ්න කළා.

ලබන බදාදා වාර්ෂික පරීක්ෂණයට මා.අ.නි. එනව කීවා. විපුලසේන සර්ට පිං සිදු වෙන්ට හැම දෙයක්ම හරියාකාරව කෙරිල තියෙනවා. වාර සටහන් දින සටහන් හදල තියනවා. උන්නැහේට කෑම වේලක් දෙමු. ඒක කියන්ටයි මං එන්ට කීවෙ

වාර්ෂික පරීක්ෂණයට එන මා.අ.නි.ට අපි කෑමදෙන්ට ඕනැ ද?”

 



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll