“මේකයි විපුලසේන සර් හේතුව, උන්නැහේ පරීක්ෂණයට එන්නෙ උදේ.
කාර්යාලයේ පොත් පත් පරීක්ෂා කරල ගුරු සටහන් පන්ති පරීක්ෂණ කරල හමාර වෙන විට
කොහොමටවත් එක දෙක වෙනවා. මේ ළඟක හරි හමන් කඩයක් වත් නෑනෙ. ඒකයි කෑම වේලක් දෙන්ට
හිතුවෙ.”
“ඒකනං හේතුව ප්‍රශ්නයක් නෑ. එහෙම නැතිව එයාගෙන් අනියම් වරප්‍රසාද ගන්ට,
අපේ අඩුපාඩු වහගන්ට සහතික වල ‘සතුටු දායකයි’ කියල ලියව ගන්ට නම්
මං කොහෙත්ම කැමති නෑ. මිනිහා බඩු කාරයෙක් ද? ‘අප්පා
ගුදමක්!’ කියල
ලොක්කා සහතිකයක් දුන්නා. ‘එහෙම නම් මං ගණනේ ඉස්තරම් විෂ්කි බෝතලයක්’”
“ඇත්තටමද ඔය කිවුවෙ?”
“මං කරණ දේ කියන - කියන දේ කරණ මිනිහෙක්. මාලු පිණි තුන හතරක් හදල, බත්
කටක් දෙන එක ලොකු මහත්තයට අමාරුවක් නො වෙයි නේ. අනික මීට ඉස්සර කොහොමද ඔය කටයුත්ත
සිදු වුණේ.”
“අපි ගෙවල් බෙදාගෙන ව්‍යංජන උයාගෙන ආවා.”
“චී චී ඒක මොන නව නිංගිරා වැඩක් ද? ”
“එදාට
ගුරු මණ්ඩලයේ සියළු දෙනාටම මගෙන් දවල් ආහාරය. හැබැයි මතක තියා ගන්ට, එදාට කෑම
උයන්නෙත් මං. පුළුවන් නම් කවුරුහරි එක්කෙනෙක් දෙන්නෙක් උදවුවට එන්න ඕනෑ පොල් ටික
ගාන්න,
හාල් ගරාගන්න, එළවළු කපා ගන්න වගේ දේවල්
වලට ”
“සර්ට බර ගණනක් යාවිනෙ. යන වියදම අපි අතරේ බෙදා ගනිමු” එහෙම කීවේ චාන්දනී.
“විකාරද බබෝ, මේක මගේ රස්සාව නො වෙයි. මට ඕනෙ තරම් සල්ලි එන මාර්ග
තියෙනවා. මේක මගේ හොබිය.”
පාසලේ
සිසුන් පිටවී ගිය පසු සෝමක්කා ඇය වෙත එන ලෙස සංඥාවක් කළා. වික්‍රමසිංහ ගුරු මණ්ඩලය පිට වී යන තෙක් ම විදුහලේ රැදී
සිටීම ඔහුගේ සිරිතක්. සෝමක්කා බැරෑරුම් දෙයක් ගැන කුමක් හෝ කීමට තතනන බවක්
මට ඇගේ ඉරියවු වලින් පෙනුණා. මාත් පාසලින් පිට වුණා. වැටේ යම් යම් අඩු පාඩු බලන
සෙයක් පෙන්වමින් සෝමක්කලා එනතෙක් සිටියා.
“මල්ලියේ උඹ අහල තියෙනව නේද ඌරගෙ මාලු ඌරගෙ පිටේම තියල කපන කතාවක්?”
“ඔව්”
“අන්න ඒක තමයි අරය උඹට කරන්ට හදන්නෙ”
“මට වැටහුනේ නෑ ... ...”