“ඇයි මනුස්සයෝ ම.අ.නි.ට කන්ට බොන්ට දීල මේවා ඔක්කෝම කළේ විපුලෙ
කියල අර මනුස්සයා ලවා උඹව මාරු කරවන්න. හැබැයි අපි කියන්නෙනෑ දුක් විඳගෙන මෙහෙම
ඉන්ට කියල මෙහෙන් යන්ට ඕන නම් ඔය වැඩේ තමයි හරිම ක්‍රමය. ”
“ඇත්තටම මං ඒ ගැන එච්චර දුරට හිතුවෙ නෑ. මාරු කරණවා නම් ඒක මට ලාභයක්.
ඇත්තම කියනව නම් මට අර ගෑණු දෙන්න ගෙන් ගැළවෙන්ට ඕනෑ. උන් එන්නෙ ඇඟටමයි” එසේ
තරයේ කියා,
“මෙයාට මොකක් ද තියෙන ඕන කම මං මෙහෙන් යවා ගන්ට?”
“පාසැලේ වැඩ හරියට කෙරෙණවා. ළමයි දෙමාපියන් ඒ නිසා ඔයාට පක්ෂ වෙනවා.
ගුරු මණ්ඩලයත් ඔයාට ලැදියි. ඔයා පුහුණු උපාධි. එයා නිකම්ම නිකම් පුහුණු. 9-10 පන්ති අනුමත කරගත්තොත් එයාට මෙහෙ ඉන්ට බෑ. මල්ලි හිටියොත් ඒ පන්ති
අනුමත කර ගන්නවා. දැන් වැටහුණා ද?”
“ඔවු තර්කාණුකූලව හරි.”
“එහෙනම් අපි යන්නම්”
“හොදයි අක්කෙ, දැනුවත් කළාට ගොඩක් ස්තූතියි.”
බොහෝ
වෙලාවක් එම සිද්ධිය ගැන කල්පනා කළ මම විපුලෙගෙන් මෙසේ ඇසීමි.
“ඒ සෝමා මිස්ට හිතුණ දේ ඔයාට හිතුණේ නැත්තෙ ඇයි ?”
“මට හිතුණෙ ඒකෙ අනිත් පැත්ත. ඒ කියන්නෙ මං ලවා වියදම් කරවල එයාගෙ තත්වය
ආරක්ෂා කර ගන්ට උප්පරවැට්ටියක් යොදනවා කියල”
“මාත් හිතුවෙ එහෙම තමයි” ඒ මිලිනා.
“ඔව් බලාගෙන යන කොට සිද්ධියේ අපේක්ෂිත ප්‍රතිඵලය සම බරයි.” ඒ මම.
“ඉතින් සෝමා මිස්ට ඔය තරම් දුරට ඔය ගැන හිතෙන්න හේතු තියෙනව ද?”
යි මිලිනා විමසයි.
කාලයක්
තිස්සේ වික්‍රමසිංහ ආශ්‍රය කරල එයාගෙ ගති ගුණ අනුව හිතෙන්ට ඇති යි මගේ අදහස
කියා දැම්මා.
පාසලේ
වාර්ෂික පරීක්ෂණයට අදාළ තොරතුරු විපුලේ තව දුරටත් කියා පෑවා.
ඒ
දින ටික අමුත්තක් නැතිව ඉක්මනින්ම ගෙවී ගියා. හෙට තමා පරීක්ෂණය. අද හවස වික්‍රමසිංහ
මෙහෙම කීවා.
“ඒයි මචං ලොක්කා කැමති මොනව හරි
කැලෑ මසක් හොයා ගමු” කියල.
“දඩයමක් වෙච්ච තැනක ආරංචියක් වත් නෑනෙ”