“අද වැස්සනෙ, හැන්දෑවෙ ෂුවර් එකටම වෙල්යායෙ
වැව් තාවුල්ලේ හාවෝ මී මින්නෝ ඉන්නවා. සමහර විට මුවනුත් හදි ගැහෙන්ට පුළුවන්. හවස්
කරේ යමු දඩයමේ”
“හරි මං එන්නම්”
“ඒයි මචෝ අර බෝතලයෙන් චුට්ට චුට්ට දාගෙන යමු ද?”
“ෂැඃ! ඒක වටිනවද? කඩාපු බොතලයක් දික් කරන්ට
පුළුවනැ!”
“එයාට විෂ්කි නොවෙයි කසියා බෝතලයක් තිබුණ නම් ඒත් ඇති”
“මහත්තයට ඕන නම් බෝතලයක් ගේන්ට. ඊට පස්සෙ දඩයමේ යමු.”
“අපි යන පාරෙ වකාරෙට තියෙනවා; එහෙන් ගනිමු.”
“හැබැයි අරක්කු තියෙන තැනට මං එන්නෙ නෑ. මං බොන බවක් අඟවන්නත් බෑ.”
“දිව කැපුවට.”
මං
කොට කලිසම ඇඳ තොප්පිය දාගත්තා. විදුලිය පන්දමක් කුඩයකුත් කසිප්පු වලට සල්ලිත්
ගත්තා. තුවක්කුවයි පතරොම් පහකුයි අතට දීලා කිව්වා ඔය අඩිපාරේ පලයං. ගිහින්
වැටෙන්නේ වෙල් යායට. මං බඩුත් අරන් අර පැත්තෙන් එන්නං කියලා. මාත් ගියා කෝකටත්
කියල නොම්මර හතරේ පතොරමක් තුවක්කුවට ලෝඩ්
කර ගත්තා. වෙල් යායට වැටුණා විතරයි දුන්නෙ නැතෑ ඇස් ටෝච් එළියට හා තඩියෙක්. දුන්නා
එයාට කළුකුඩු බස්නය. හාවාගේ දෑතින් එල්ලාගෙන ඉදිරියට ගියා. ආවා වික්‍රමසිංහ.
“මොකට ද ගැස්සුවෙ?”
“හාවෙකුට”
“කෝ?”
“මේ ඉන්නෙ”
“උඹත් දඩ මුඩයං දන්නවා එහෙනම්”
“හැම එකක් ම ටික ටික හරි කරල තිබුණහම
තමයි සාර්ථක ජීවිතයක් වෙන්නෙ.”
නියරක්
පිට ඉදගත් දෙන්නා එක පැකට්ටුවක් අවසන්
කළා. “මෙතන වෙඩි සද්දෙ හින්දා සතුන් පනිනවා. යමු වැවට. ටෝච් ගහන්ට එපා, හොඳට
කන් දීගෙන යමන්” යැයි ඔහු මට නියෝග කරණවා.
“මෙහෙ දියන් තුවක්කුව”
“ඇයි? ”
“ඌරො ඌරො, කෝ පතරොම්?”