“මෙන්න!”
වහාම
පතරොමක් තුවක්කුවට දමාගත් ඔහු හොර බළලෙකු සේ ඉදිරියට පියවර මැන්නා. මොහොතක් තැනක
නැවතුණා. හෙණ හඩක්සේ තුවක්කුව ගිගිරුවා. වහාම තවත් පතොරමක් ලෝඩ් කරගත් ඔහු “හෙල්ලෙන්ට එපා ඔතන ම හිටපන්” කියා ඉදිරියට
පියවර මැන්නා. ටෝච් එළිය වැටුණ වහා ම තුවක්කු වල්ලෙන් යමකට අනිනු දුටුවා. “හා දැං වරෙන්” කියා හඬ ගෑවා.
“පේනවද මූ ඌරු රජෙක්. බලන කොට මූට පණ. මොකට ද අපරාදෙ පතොරොමක් වියදම්
කරන්නෙ කියල තුවක්කු වලල්ලෙන්ම දුන්නා මොළේ චප්ප වෙන්ට.”
“දැන් මොක ද කරන්නෙ?”
“අපිට මූව ඇන්න යන්ටත් බෑ. අරං ගියා කියල හුළු ගාල ඔය ආල වට්ටම් කරන්ටත්
බෑ. බය වෙන්න එපා ඔතනම හිටපන්. මං ටක් ගාලා එනවා” කියා
ඔහු පිට වී ගියා. පැය බාගයක් විතර ගත වුණා; වික්‍රමේ ආවා තනියෙන්ම නො වෙයි
තව දෙන්නෙකුත් එක්ක.
“ඔන්න බඩුව. කරන්ට තියෙන රාජකාරි කරල උඹලටත් තියාගෙන අරන් වරෙල්ලා
ස්කෝලෙට”
ආ
මිනිසුන්ට උපදෙස් දුන් වික්‍රම “උඹ තුවක්කුවත්
අරන් ඉස්සර වෙයං. හොඳට පාර බලාගෙන යමන්” කියා ඔහු ඉතිරි
පැකට්ටුවයි හාවයි අතට ගත්තා. පාසල ළං වෙන කොට මං කිව්වා කම්බි වැටේ එල්ලලා හාවා හම
ගහගෙන ම යං කියල. එතකොට මිනිහ කියාපි “හම ගහ ගහ ඇතිලියකටම
දාන එක ලේසියි කියල. ඒ ක්‍රමය මා නො දන්නා නිසා එය ඉගෙන ගැනීමේ පිපාසයෙන් ම කුස්සිය
පැත්තෙන් ගුරු නිවාසයට ආවා. ලොක්කා ඇතුළු වුණේ වළං මැස්සෙන් ලොකු ඇතිලියක් ද උස්සා
ගෙන. මං හාවා හෙව්වා. මෙන්න බොලේ ඌ වළඳෙ. බොකු බඩවැල් ඇතුළු අපද්‍රව්‍ය සියල්ලක්ම
ඉවත් කරලා. කරන්ට තිබුණේ අගින් කකුල් කපා දැමීමත්, හිසේ තද හම හා ඇස් ඉවත් කිරීමත්
පමණයි. ලොක්කගෙ ඒ සූර කමට තෑග්ගක් දෙන්ට වටිනවා. “හිටපන්
මං කපලම දෙන්නන් ඉතිරිහරිය උඹ කරපන්” කියා ඔහු පළ පුරුදු
මස් වැද්දෙකු සේ හාවා කැබලි කළා.
මේ
කතාව කියද්දී මිලිනා කට ඇරගෙන බලා
සිටියා. එය දුටු විපුලෙ මෙහෙම කීවා.
“ඇයි හා මස් කෑල්ලක් කන්ට ද කට ඇරගෙන ඉන්නෙ?”
“නෑ අනේ මට ම පුදුමයි ගුරුවරුන් මේ වගේ දේවල් කරණවා කියල.”
“පුදුම වෙන්න ඒකෙ ඇති ලබ්බක් නැහැ. හද්ද පිටිසර පලාතකට ගියහම ඒ ප්‍රදේශයේ
හැටියට ජීවත් වෙන්ට ඉබේ ම හුරු වෙනවා.”
“ඔයත් එතකොට දඩයම් කරන්නට?”
“ඔව් ඒක ඒතරම් රටාවක් නො වෙයි. තුවක්කු බටේ මුලයි අගයි සතයි එකට හිටිය
නම් ඉලක්කෙ හරි.”