311. මාර විදුහල්පති | සත්‍ය කතාවක්

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


ග්‍රෑම් 250 මාගරින් කෝප්පයක් හැලුණ මුට්ටියට සියළු තුනපහ වර්ග වැටුණ ගමන්ම නැගී ආවේ අපූරු සුවඳක්. එයට කහ මිශ්‍ර කළ පොල්කිරිත් එළ කිරිත් එක් වී පැසෙන්නට පටන් ගත් පසු සෝදා ගරාගත් බාස්මතී හාල් එක් විය. රසකාරක වලින් තොර ස්වාභාවිකවම සැකසූ අංග සම්පූර්ණ ආහාර වේලක් පැය දෙකක් තුළ හදා හමාර කළා. කුමාරි තේ හදන තෙක් ළිඳට ගොස් මං නා ගත්තා.

අප පාසැලේ පන්ති වලට යන විට මා.අ.නි. පන්ති පරීක්ෂණයේ යෙදී සිටියා. සිසුන් බොහෝ දෙනෙකුගේ අධ්‍යාපන තත්වය අසතුටු දායක බවත් ඇතැමෙකු සාධනීය තත්වයක සිටින බවත් කීවා. එයට හේතුව ගුරුවරුන් නො වන බවත් ළමයින් නො කඩවා පාසල් නො ඒම ප්‍රධාන හේතුව වන්නේත් දෙමාපියන්ගේ නැති බැරිකම් හා ඉගෙනීමේ වටිනා කම තේරුම් නො ගැනීම බවත් කියා සිටියා. එයට එරෙහිව මා.අ.නි. කතා කරන්නට සූදානම් වීම නිසා එන පොට හොඳ නැති බව තේරුම් ගත් වික්‍රමසිංහ වෙනත් කතාවක් පටලවාගෙන ඔහුව වෙනතකට ගෙන ගියා.

ඇයි මල්ලියෙ කට පුපුරු ගහනවද?” කියා සෝමක්කා ඇසුවා. “කට විතරක් නොවෙයි අක්කේ පුපුරු ගහන්ට ඕනෑ හැම තැනැක්ම, ඒත් අර යකා දැනගෙනම කොහෙද අයින් කර ගත්තා.

දිනයට නියමිත පාසැලේ රාජකාරි අවසන් කළ මා.අ.නි. ළිඳ ළඟට ගොස් මූණ කට සෝදා ගත්තා. මුල් ගුරුතැන පිසින කඩය අතේ තබාගෙන අසල සිටියේ පූජා වට්ටියක් ලෙසින්. පපඩම් බැදීමත් සලාදය සැදීමත් කළ අයට කීවා “ලොක්කන්  දෙදෙනාට කෑම වෙනස් කර අනිත් අයත් සමග ආහාර ගෙන ගෙවල්වලට යන්න.”

මං සූදාකම් කළා විෂ්කි පාටිය. බෝතලයයි කට ගැස්මයි දුටු මා.අ.නි.ගේ නෙත් බැබලුණා. ඇයි බං වීදුරු දෙකක්  තවත් එකක් අරන් වරෙන්එහෙම ගෞරවයෙන් කීවේ මා.අ.නි.

මට ඕන නෑ ඉතිරි වුණොත් හැන්දෑවෙ බොන්නම්

ඈ මනුස්සයෝ විෂ්කි බොතලයක් දෙදෙනෙකුට බොන්ට පුළුවන් ද? පිස්සු නැතිව වීදුරුවක් ගෙනෙන්.

දෙදෙනා ඉඳගෙන වැඩ ආරම්භ කළා. මාත් හිටගෙන ම එකක් දා ගත්තා. මං අර මිස්ලට කියන්නම් කාල යන්ට. අපි කනකං හිටියොත් හැන්දෑවෙයිමං එහෙම කීවා. ඔව් ඔව් ඒක හොඳා, ඒ ගොල්ලන් යවන්ට.ඒ මා.අ.නි. කියූ හැටි.

තුන්වන රවුම ගිය හැටියේ දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්දා ගීතය ගයන්ට පටන් ගත්තා මා.අ.නි. තාලය ඇල්ලුවා මුල්ගුරා. ඔය අල්ල පනල්ලේ මං අඩුපාඩු සකසනවා. එදා වේලූ මස් ඉරුවක් ලුණුවල ඔබා ලිපේ අඟුරුමත තව් ගැහෙන්ට ඇරියා. හීන් කෑලිවලට කපා එයත් තිව්වා බයිට් එකට. යකෝ අද තමයි මෙහෙම කෑවෙ!කියා මනා කොක් හඬලනවා. අයෙත් පටන් ගත්තා දන්න වං හුන් අප කන්න සාමි රාජ ධූරයේසින්දුවෙන්. මිස්ලගෙන් ඇහුවා කෑමේ රස නීරස. ඇත්තමයි ඇස්වහක් කටවහක් නෑ හරිම රසයි. මේ උයමනට අපිට ළං වෙන්ටවත් බෑ.” ඔය අතරෙ චාන්දනී කිව්වා සර් අපේ ගෙදර එක්කරගෙන යන්ට ඕනෑ උයන්ට ඉගෙන ගන්ට” කියල. එක පාරටම විමලා ඇහුවා සර් ගෙන් වෙන මොනවත් ඉගෙන ගන්ට ආස නැද්ද?කියා එකිනෙකා මුහුණෙන් මුහුණ බලා ගත්තා. මාත් ගත් කටට ම කීවා ඒ හැම එකක්ම ඔයා මගෙන් ඉගෙන ගන්නවනේ ඒ මදෑකියල. ඒ වචනයට විමලයි කුමාරියි දෙන්නම ගල් ගැහුණා.




"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll