“මං කියන්නෙ බොරු ද බලන්ට කොහොම හරි එතෙන්ටත් විමලා ගෑවුණා”
මිලිනා කියයි.
“බොරුවක්යැ එක ගෙදර ඉන්නකොට නො ගෑවී තියේයැ. මේ කදිමට ගෑවි ගෑවී ඉන්නෙ”
“මං කියන්නෙ එහෙම එකක් නොවෙයි අනේ.”
“එහෙනම් කොහොම එකක්ද?”
“එයා ඔයාගෙන් හැම එකක්ම ඉගෙන ගන්නවා කීවෙ?”
“ආං ඒ ඉගෙන ගන්නවා කීවෙ උයන හැටි, රෙදි මදින
හැටි, වළං පිඟන් හෝදන හැටි, ළමයි
හම්බවෙන හැටි ...”
“හා හා ඇති ඇති නවත් වන්න ...”
කට ඇරියොත් කියන්නෙම වල් කතාමයි .
“මිලිනා
ඕක නවත්තන්නකෝ; මෙච්චර රස කතාවක් කියනවා මොනවා හරි කරල ඒක ජෝන් බාස්ට අරිනවා.
‘ඉතින් විපුලෙ බීල කාල ලොක්ක ගියා?’” මම ප්‍රශ්න කළා.
කෑවට
පස්සෙ මුගුරා ගුරුවරුන්ගේ ගුරු සහතික දුන්නා. ඒවාට ‘සතුටුදායකයි’ කියන සටහන
තැබුවා. ඊළඟට මුගුරගෙ සහතිකය දුන්නා ඒකට ‘ඉතා සතුටුදායකයි’ සටහන යෙදුවා. මේ
අලුත් වැඩ පිළිවෙළ ගෙන යන්නෙත් ආහාර පාන සැකසුවෙත් විපුලෙ මහත්තයා. මේ
එයාගෙ සහතිකය කියල දුන්නා. කිසි කතාවක් නෑ ගැහුව නේද ඒකටත් ‘ඉතාම සතුටුදායකයි’
කියල. ලුණු ගොරක දමා පඩංගුවක එතූ මස් රාත්තල් පහක් පමණ කව්පි මුං අබ සේරු පහක් හයක
මල්ලකුත් ඔසවා ගෙන ම.අ.නි. සමග මහ මගට ගිය මුල්ගුරු හෝරාවකින් පමණ පාසලට ආවේ රටක්
රාජ්‍යයක් අත් කරගත් රජෙකු විලාශයෙනි.
ඉතිරි
කාලයත් පෙරසේම ගෙවී ගියා. වාරාවසානයයි වර්ෂාවසානයයි එකට ආ නත්තල් නිවාඩුව ලැබුණා.
නිවාඩු ම පොදි බැඳගෙන සියල්ලන්ම සතුටින් තම නිවෙස් කරා ගියා.
නිවෙස්වල
ඇතිකරණ බලු බැල්ලන් ඇතුළු සතුන්ට හැර අන් සියල්ලන්ටම ආභරණයක් වී ඇති ජංගම දුරකතනය
එදා නො තිබීම නිසා හොඳක් හෝ නො හොඳක් දැන ගන්නට තිබුණ එක ම මාර්ගය තැපෑල හරහා
කෙරෙණ ලියුම් ගනු දෙනුවයි. හැබැයි එදා දෙවුන්දර තුඩුවෙන් දමන ලිපිය පසු දාට
පේදුරු තුඩුවට ලැබෙන අයුරක් බාහිර තාක්ෂණ ශිල්ප වලින් තොරව බස් හා දුම්රිය
උපයෝගී කර ගෙන ක්‍රියාත්මක විය. ඒ එදා ගමනා ගමන සේවයත් තැපැල් දෙපාර්තමේන්තුවත්
භාරව සිටි මැති ඇමැත්තන් හා ප්‍රධානියන් ඒ ඒ සේවාවන් සඳහා සුදුසු ක්‍රියාධරයන් හා
බුද්ධිමතුන් වීමයි. එහෙත් අද ලිපියක් ලැබෙන්නට යටත් පිරිසෙන් ගත වෙන කාලය දින
තුනකි. මරදානේ සිට කොටුවට නියමිත කාලය තුළ දුම්රියක් ධාවනය කැරවීමට
තරම්වත් කුශලතාවන්ගෙන් හෙබි වුන් දුම්රිය දෙපාර්ථමේන්තුවේ නැත. එහෙත් හිටි අඩියේ ‘ස්ට්‍රයික්’ කිරීමට නම් ඔවුන් දක්ෂය. හේතුව
අනෙක් සේවාවක් වැඩ වැරුවොත් ඔවුන්ට සිදුවන හිංසා පීඩා ගැන සිතා කටයුතු කළයුතු යැයි
සිතන්නට තරම් බුද්ධියක් නැති වීමයි.