කොහොම
නමුත් නිවාඩු කාලය පුරා ඔවුනොවුන්ගේ තොරතුරු දැන ගැනීමට මගක් තිබුණේ නෑ. අළුත්
අවුරුද්දෙ නව පාසල් වාරය පටන් ගත්තා. එදා මං ගියේ සවස ආපසු ඒමේ බලාපොරොත්තුවෙන්.
හේතුව මගේ සොයුරාගේ දියණියක් පසුදා විවාහ වීම. පැමිණීමේ පොත අත්සන් කළා.
ගුරුවරියන්ගේ මුහුණු හැඬුම් බරව තිබුණා. මාත් ඉතින් වැඩිපුර විසාරච්චියකට
ගියෙ නෑ. ලොක්කා හමු වෙන්ට ගියා ගුරු නිවාසයට. විමලා පෙරැත්ත කර කර
අමුත්තෙකුට කෑම බෙදනවා. මා දෙස බැලීමක්වත් කළේ නෑ. මුගුරා කාමරයෙන් එළියට
ආවා.
“ආං විපුලසේන මහත්තයා ඔන්න ඔයාගෙ වැඩේ හරි. ගම ළඟම ඉස්කෝලෙකට
මාරුව දීල අපේ මා.අ.නි. සර්. ඔව්වා හිතේ තියෙන්ට ඕනෑ”
“කවද්ද ලියුම ආවෙ?”
“දැන් සතියක් ඇති. මේ රණබාහු මහත්තයා ඔයා වෙනුවට මෙහාට එවලා”
“හැබෑ ද?”
“එහෙනම් ඉතින් මං යන්නම්”
“ඔව් ඉඳල තේරුමක් නෑ නෙ?”
ගුරු
මණ්ඩලයේ සෙස්සන් හමු වුණා. සෝමක්කා තරහ වේදනාව දුක දොම්නස තද කර ගෙන ළඟට
ආවා.
“මං කීවෙ නැද්ද ලොක්කා ඔය
කරන්නෙ ඌරගෙ මාළු ඌරගෙ පිටේ තියල කැපීමක් කියල.”
“කිව්ව කිව්ව මොකද නැත්තෙ. නමුත් එයාට සිද්ද වෙනවා මං ඇති කරපු ක්‍රමය
ඉදිරියට ගෙන යන්ට.”
“ඉඳා කියල හරියට ම ගෙන යයි. තිබුණටත් වඩා ඔය යකා මේ ස්කෝලෙ කනවා.”
“ඒකට කමක් නෑ, ඔය අය නියමිත රාජකාරිය කරන්ට.”
“අලුතෙන් එකෙක් ඇවිත් ඉන්නෙ රණබිහු ද කියල”
“මාත් දැක්කා විමලා පෙරැත්ත කරකර එයාට
කවනවා”
“නඟයි අඹුවයි දෙන්නම ඔයාගෙ සින්නෙට තියාගෙන හිටිය නම්, ඔය මාරුත් නෑ.”
“අක්කෙ මේ මාරුවට මං එක අතකින් කැමතියි, ඒ
උරචක්‍රමාලාවන් ගෙන් ගැළවෙන්නට පුළුවන් වූ හන්දා. එහෙනම් මං යන්නම්. ඔය ගොල්ලන්ගෙ
පුද්ගලික හරි රාජකාරි ප්‍රශ්නයක් ඇති වුණොත් මට කියන්ට; හැකි සැම උදව්වක් ම දෙනවා.”