314. මාර විදුහල්පති | සත්‍ය කතාවක්

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


පන්තිවලට ගොස් මං මාරු වී යන බව පමණක් ළමයින්ට කියා පාසලෙන් පිටවූවා.

සමුදීමේ උත්සවයක් තිබුණෙ නැද්ද?” මිලිනා ගේ ප්‍රශ්නයයි.

අහවල් සමුදීමක් ගැන අහනවා. ඇයි ගියවාරේ මං කළේ සමු ගැනීමේ උත්සවයක්. ඒ මදෑ.

ඇත්තට ම විමලා කතාවත් කළේ නැද්ද?”

නෝ ටෝක් නෝ ලාෆ්.

ඒක නම් මට පිළිගන්ට බෑ.

එහෙම කියන්ට එපා, විපුලගෙ කීම හරි. රණබාහු ඉන්න තැන විපුලෙත් එක්ක කතා කළා නම් රණබාහු හිතනව විමලගෙයි විපුලෙගෙයි ඇයි හොඳයියක් තියනවා, එහෙම නැත්නම් තිබුණා කියල. කතා නො කරම ඉදීමෙන් කෙළින්ම පෙන්නුවා, ඇයි හොඳයියක් තබා වචනයක් වත් කතා කරල නෑ කියල. කොහොමද ගෑණු ගැට!

අනේ  මේ හැම ගෑණියක් ම එහෙම නෑ.

සබ්බා නදී වංක ගතා ... ... ...

ඔය ගොල්ලන්ට ධර්මය මතක් වෙන්නෙත් අපිව පාගන්නට ඕන වුණහම තමයි

ආපසු ගෙදර එන ගමන් අධ්‍යාපන කන්තෝරුවට ගිහින් මං කීවා ස්ථාන මාරුවක් ලැබිල තියනවා. ඒකට ගමන් ගාස්තු ගන්ට ස්ථාන මාරුව ගමන් වියදම් සහිතව සකස් කර දෙන්ට කියා. ගත් කටට ම E.O. කියාපි මහත්තයගෙ ගෙදර ලඟ පාසලකට නෙ දාලා තියෙන්නෙ ආයෙ මොන ගමන් වියදම් දීමනා ද?” කියල.

ඇත්ත මං ගෙදරට හැතැප්ම දෙකකට ආසන්න ස්කෝලෙ ඉඳල හැතැප්ම හැටකට එපිට පාසලකට යැව්වෙ මොකාගෙ වුවමනාවට, මොකා දැයි මං ඇහුවා.

මහත්තයා කතා කරන්ට ඉගෙන ගන්නවා.

මහත්තයා වැඩ කරන්ට ඉගෙන ගන්නවා.

මං පොලීසියට කතා කරණවා.

“හරි ෂෝක්, හරිම ෂෝක්! තමුසෙට පොලීසියට කියන්ට තරම් දෙයක් මෙතැන සිදු වුණේ නෑනෙ. හිටපං උඹෙ කණ පලන්ට එතකොට හොඳ සාක්ෂියක්.කියල මං දකුණු පැත්තෙන් මේසෙ වටා යද්දී ඔහු වහා පුටුවෙන් නැගිට කාර්යාල දොරටුවෙන් කොරිඩෝවට පැන ගත්තා. බෑගයෙන් ගත් සුදු කරදාසියක මෙසේ ලියා මේසයේ බරුව යටින් තබා ආවා.

ගරු ප්‍රධාන අධ්‍යාපන නිලධාරී තුමා,




"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll