316. මාර විදුහල්පති | සත්‍ය කතාවක්

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


විපුලෙ වෙළඳසැලෙන් මුරුක්කු වර්ග කීපයක් ගෙනාවා. ලොකු පැකට්ටුවක් බසයේ සිටි තරුණියකට දී සියල්ලන්ට ම බෙදන ලෙස උපදෙස් දුන්නා. ඒ කිනම් කෑමකවත් අපේ කටට හුරු රසයක් ලැබුණෙ නෑ.

ඉතින් කියන්ටකෝ අනේ අලුත් ඉස්කෝලෙ තොරතුරුකියල මිලිනා විපුලෙව අතීතයට කැඳවා ගෙන ගියේ සියල්ලන්ම බස් රථයට නැග ගමන නැවත ඇරඹීමත් සමග. මඟුල් ගෙදර අවසන් වීමෙන් පස්සෙනෙ අලුත් තැනට ගියේ. යකඩො මෙන්න ඒ පාසලේ මුල්ගුරුවරයා ගිය ගමන්ම අතට දෙනවා ‘ස්ථාන මාරුව ගමන්  වියදම් සහිතව’ කියන ලියුම. ඔන්න ඕක තමයි කියන්නෙ අඬන්ට ඕනැලු කිරි එරෙන්ට කියල.

ඉතින් එයා ඇඬුවයැ? අඬවන්ට ගියේ අධ්‍යාපන ලොක්කෙක් නෙ”  මිලිනා කීවා.

ඔය වගේ අවස්ථාවලදී ඉහළ නිලධරයනුත් අසරණයි. කීවොත් සඟ නහී නො කීවොත් වෙහෙර නහී වගේ තමයි.

මොකද්ද අප්පා ඒ හරුපෙ

මොන හරුපෙ ද?”

අර නහී නහී ගෑවෙ

ආ ඒක මෙහෙමයි. කිතුල් හකුරු නිපදවන දායකයෙක් පන්සලකට බාරයකට ගෙනැත් දීල තියනවා හකුරුවලින් හදපු වෙහෙරක්. මේ හාමුදුරුවො තේ බොන කොට, කැඳ බොන කොට අර හකුරු වෙහෙරෙ යටින් කෑල්ලක් උගුලාගෙන කාලා තමයි බොන එකක් බොන්නෙ. පන්සලේ ආව-තේවයට හිටි උපසකයා දැක්කා හාමුදුරුවන්ගේ  මේ වෙහෙර ගිළීම. වෙහෙර පූජා කරපු දායකයා දවසක් ඇසුවා කොහොමද උපාසක මගේ වෙහෙර හොදින් තියෙනවද කුරා කූඹින්ගෙන් පරිස්සම්ද කියල. ඔන්න ඔය වෙලාවෙ තමයි උපාසකට ඔය වචන කියැවුණේ. හාමුදුරුවො වෙහෙර ගිලිනවා කීවොත් දායකයා කෝප වී සංඝයාට පදපලිච්චි කරණවා. නො කියා හිටියොත් වෙහෙර අතුරු දහන් වෙනවා.

ශාසනයම ගිලින උන්දැලාට හකුරු වෙහෙරත් කජ්ජක්ද? කියූ මිලිනා අලුත් පාසලේ විස්තරේ කියවන්නට උදව් කළා.

ෂඃ! නියම ස්කෝලෙ. ගුරුවරුන් අටයි ළමයි හයයි. මුල් ගුරා නියම බෙබේ. එයා උදේ ඉඳල ස්කෝලෙ වහන තෙක් ම කලේ ගම වටා ඇවිදිමින් බඩු දැමීම.

බඩු දානවා කියන්නෙ?” මිලිනා විමසයි.

කසිප්පු බොනවා කියන එක. කසිප්පු කියන එක පහත් වචනයක් නිසා ඒකට ආදේශ කරල තියන ගරු නාමය තමයි බඩුකියල කියන්නෙ.

තවත් බඩු ජාතිත් තියනවා.මම කීවෙමි.

ඒ මොන බඩු ද?”

 



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll