317. මාර විදුහල්පති | සත්‍ය කතාවක්

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


අනුන්ගෙ මිනිසුන් පස්සෙ යන ගෑණුන්ට - ගණිකාවන්ට.

මිලිනා තෙරක් නො පෙනෙන වගා බිමක් දෙස බලාගෙන සිටියා. මාගේ තේරුම් කෙරුම ප්‍රමාණය ඉක්මවා ගිය බවක් දැනුණා. ඒ නිසා මෙහෙම කීවා.

මිලිනා නංගී ඒ වගේ කෙනෙක් නොවෙයි නෙ. මේක අන්තර්කාලීනව ඇති වුණ පටලැවිල්ලක්. ගණිකාවන් කියන්නෙ දුටු දුටුවන් එක්ක මස් වෙළදාමේ යෙදෙන පිරිසක්. ඔයාට මගේ වචනයෙන් හිත් රිදැවීමක් සිදුවුණා නම් අනේ මට සමාවෙන්ට.

නෑ මට තරහක් ගියේ නෑ. ආත්මානුකම්පාව කියන එක ඇතිවුණා. ඒ කතා අමතක කරමු. අපි කරගෙන ආ කතාව කරමු.

“එතන යමක් කරන්නට තිබුණෙ නෑ. හිටිය අය අතරේ එක J.V.P. කාරයෙකු හිටියා. ශ්‍රී ලංකා කාරයෙකු හිටියා. U.N.P. කාරයෙකුත් හිටියා. නිතර නිතර මේ තිදෙනා අතේ නොයෙක් තර්ක විතර්ක ඇති වුණා. මාත් ඒ අයගේ කතා අසමින් සිටියා. ශ්‍රී ලංකා කාරයා මගෙන් දවසක් ඔවුන්ගේ සාකච්ඡාවකදී ඇසුවා J.V.P. කාරයන්ගේ ස්වභාවය ගැන. පක්ෂ දේශපාලනයෙන් තොරව සිටි මං J.V.P. කාරයන්ගේ ගති ලක්ෂණ මෙහෙමයි විස්තර කළේ.

J.V.P. කාරයන් කියන්නේ ඔවුන්ගේ දැක්ම ගැන පූර්ණ අවබෝධයක් තියෙන පිරිසක්. ඒක බෞද්ධ, ක්‍රිස්තියානි, මහම්මත්, වගේ ආගම් අදහන බැතිමතුන් තමන්ගේ  ධර්මය විශ්වාස කරණවා වැනි හැඟීමක්. මේ නිසා ඔවුන් අන්තවාදීන් කියා හදුන්වන්ට පුළුවන්. ලෙනින්, මාක්ස්, චේ ගුවේරා වැනි අයගේ කීම් හා උපකල්පන ගෙඩි පිටින් බදාගෙන සිටින පිරිසක්. ඔවුන් විශේෂයෙන්ම නීතියකින් බැදී සිටින්නන්. ඔවුන්ගේ ක්‍රමවේද මේ රටට ගැළපෙන්නේ නෑ. ඔවුන් කළ යුත්තේ තමන්ගේ උපදේශනයන් ගේ දේශපාලන ධර්මයන් මේ රටට ගැළපෙන සේ උචිත සේ සකස් කර ගෙන ගමනක් යාමයි. හැබැයි කවදාවකවත් ම එය සිදුවෙන්නේ නෑ. හේතුව, ඔවුන්ගේ බුද්ධිය සිය දේශපාලන ගුරුවරුන්ගේ දේශන වෙනස් කිරීමට ඉඩ නො දීම. අනෙක, අලුත් යමක් කල්පනා කර හිතා මතා රටට ඔබින දර්ශනයක් ඉදිරිපත් කිරීමට නො හැකියාව. කතාවට දක්ෂයි; සංවිධානයට දක්ෂයි. දිරා කබල් වී ගිය වැදගත් කමක් නැති පොතකට ලස්සණ පිටකවරයක් දැමීම වගේ තමා J.V.P. කාරයන්ගේ හැම වැඩක්ම.

විපුලසේන සහෝදරයාගෙන් ප්‍රශ්න කිහිපයක් අසන්නට මට තියෙනවාJ.V.P. කාරයා කීවා.

හෝව් පොඩ්ඩක්, එක මට ඔය ‘සහෝදර’ වචනය අප්‍රියයි. අනෙක මං කළේ J.V.P.ය ගැන මගේ කිරා මැන බැලීම.”




"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll