318. මාර විදුහල්පති | සත්‍ය කතාවක්

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


එතකොට  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන විපුලෙගෙ අදහස?ඒ U.N.P. කාරයාගේ ප්‍රශ්නය. මේ රට ආර්ථික සාමාජික ආගමික ජාතික කියන සෑම අංශයකින්ම විනාශ කළේ ශ්‍රී.ල.නි.ප. ය. බල තණ්හාවෙන් පෙළුණ බණ්ඩාරනායක කළේ සමාජයේ එකිනෙකා කා කොටා ගන්නට සැලැස් වීම.  ඒ සඳහා ජාති, කුල, ආගම් භේද ඇති කළා. පාක්ෂිකයාට ධනවතෙකු වෙන්නට පාර නො පෙන්නා කළේ ධනපතියන් කෙරෙහි වෛරය ක්‍රෝධය ආඝාතය ඇති කරවිමයි. ලංකාවට නිදහස ලබා ගන්නට පවා හෘදයංගමව කටයුතු කළේ සිංහලයන්ට වඩා ද්‍රවිඩයන්; සිංහලයන් නායකත්වය දුන්නේ නිදහසින් පස්සෙ. තමන් බලයට පත් වීමට පිඹුරුපත් සකසා ගෙන 56 සිදුවුණා යැයි කියන අමන පෙරැළියෙන් ලැබුණ දායාදය තමයි රට අවුරුදු සියයකට ආපස්සට ඇද දැමූ යුද්ධය; යුද්ධයේ විෂබිජ තමයි භාෂා ප්‍රශ්නය. හොරකම වංචාව දූෂණයේ තිඹිරිගෙය ශ්‍රී.ල.නි.ප. ය. මෝලුන්ට දේශපාලන දොර විවෘත කර රාජ්‍ය ආයතන ගණිකා මඩම් බවට පත් කිරිමයි. ඊනියා සමාජවාදයෙන් වුණේ සමාජ වදයක්. එය ක්‍රමයෙන් වඩා වර්ධනය වෙලා දිසාපතිට සිදුවෙලා තියෙනවා මන්ත්‍රී කමට පත් හරක් හොරාටත් සර්කියන්න. උපරිම බල තණ්හාවෙන් පිපිරෙන පිරිසක් තමා ඔය හැතිකරය. බණ්ඩාරනායකගෙන් පස්සෙ සිරිමා, චන්ද්‍රිකා, අනුර, තුන් කට්ටුව අල්ලපු ජල්ලි මේ රටේ මිනිසුන් දන්නවා; එය පවුලේ ප්‍රශ්නයක් කියමු. මහින්ද රාජපක්ෂ කොහොමද තමන්ගේ බලය රැක ගන්නට අංචි ඇද්දේ, උප්පරවැට්ටි දැම්මේ. පෞද්ගලික හේතු නිසා මෛත්‍රිපාල පක්ෂයෙන් පනින කල් ඒකෙ එකෙකුටවත් හරි හමන් කොන්දක් තිබුණෙ නෑ. යර්ස් සර්කියාගෙන හොරි කහ කහ ගඩු මිරික මිරික සිටියා. එදා මහින්ද වෙනුවෙන් පණ දෙන්ට පෙනී සිටි බත් බැලයන් කොහොමද රනිල්ගෙ පය ලෙව කාලා ඇමතිකම් ගත්ත හැටි. කොටින්ම කියතොත් ශ්‍රී.ල.නි.ප.යටත් ඒකෙ පාක්ෂිකයන්ටත් විලිලජ්ජාවක් නැතැයි එදා කී කරුණුවලට අමතරව නූතන ස්වභාවය ද පෙන්වා දුන්නා.

U.N.P. ය ස්ථාවර පක්ෂයක්. එහි නායකයන්ට තිබුණා ආත්ම ගෞරවය හා පෞරුෂත්වය. ඔවුන් වටා සිටි ප්‍රබලයන්ටත් ඒ ගතිගුණ තිබුණා. එහි නායකයන් ආවේ රටේ ධනය හූරා කන්ට නො වෙයි. මොක ද ඔවුන්ට පරම් පරා ගත වස්තුව දේපළ තිබුණා. J.R.ගේ පාලනයේ මැද භාගයේ සිට ඒ තත්වය සහමුලින් විනාශ වුණා. නමුත් ඔවුන් තම ගෞරවය රැක ගන්නට එදා උත්සාහ ගත්තා. අද වෙන කොට නම් U.N.P.යත් මහ පචාරු පක්ෂයක් වෙලා තියෙන්නෙ.”

බලාගෙන යන කොට විපුලෙට හොඳයි කියන්ට පක්ෂයක් නෑනෙමම කීවා.

තියෙනවා.

මගෙ අම්මෝ ඒ මොකක් ද?”

LTTE ය; නායක ප්‍රභාකරන්.

ඕක කියල හිරේ යන්ටයි ඔය හදන්නේ!යි මිලිනා තහංචියක් දමන අටියෙන් කීවා.




"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll