“ඒ කොහොමද හිරේ යන්නෙ? මේ ප්‍රකාශය කරන්නෙ ලංකාවෙ
නොවෙයි ඉන්දියාවෙ. අනික මං ඕනම කෙනෙක් එක්ක තර්ක කරණවා ලංකාවේ මෑතක පහළ වූ
තම ජාතිය වෙනුවෙන් සටන් කළ එකම වීරයා වේළු පිල්ලේ ප්‍රභාකරන් බව. රාජ්‍ය බලයක්
නැතිව සිංහල පාලකයන් ඇඹිටිල්ලන් මීයන්ගේ තත්වයට පත් කර, තිස් අවුරුද්දක් යුද්ධ කළා
කීම ම ප්‍රශාකරන්ගේ ගෞරවයට හේතුවක්. සරත් ෆොන්සේකා හමුදාපති ධූරයට පත්වීමත්
සමග ඔහු කීවේ මගෙන් පස්සෙ මේ යුද්ධය කරන්නට ඉඩ තියන්නෙ නෑ කියල. ඒකට ම සරිලන සේ ත්‍රිවිධ
හමුදාත් පෙරමුණ ගත්තා. ඉදිරියට ගියොත් ‘ජොනී’ පසු බැස්සොත් ‘ෆොනී’ යි, අවදානමකට මුහුණ දෙමින් තමා මේ යුද්ධය කළේ. රට
සවාරියෙන් පසු ලංකාවට ආ ජනාධිපති සිත් පිත් නැති පොළොවට වැන්දේ තවත් කාලයක් යෙහෙන්
වැජඹෙන්නට අවස්ථාව උදාවීම නිසයි. නමුත් එදා ආරක්ෂක ඇමති වූයේ මෛත්‍රීපාල සිරිසේන
බව කිසිවෙකු කියන්නෙ නෑ. විදුලි පුටුවේ ඉන්දවන්නට යනවා වැනි තිරශ්චීන කතා නිර්මාණය
කළ කටු-ලොවින්නන් කළේ යුද්ධය පිට තබා ජීවිතාන්තය දක්වා සුරසැප විඳින්නට කටයුතු
කිරීම. අතීත කතාව තුළට වර්තමානය ද එක් වූයේ දේශපාලනඥයන්ගේ කුරිරු අදමිටු අමනකම්
නිසා විඳන්නට සිදු වූ අනේක දුංඛ දෝමනස්සයන් ගෙන් විඳි පීඩා එකිනෙක මනසට නැගුන
බැවින්. මගේ පෞද්ගලික පිළිගැනිම නම් ප්‍රභාකරන් හා රෝහණ විජේවීර මරා
දැමිය යුතු අය නොව, රට පාලනයට හවුල් කර ගත යුතුව තිබුණ සැබෑ වීර චරිත බවයි. කළයුතු
රාජකාරියක් කර ගන්නා වැටුපට නො කඹුරන්නට හැකි මගක් සෙවීම මගේ අරමුණ වුණා.
මුල්ගුරුවරයාට හා සෙස්සන්ට ඒ ගැන කියා සිටියත් කිසිවෙකුගේ උත්සාහයක් දකින්නට
ලැබුනේ නෑ. ඉවසිය නො හැකි තැන ගම වටා රවුමක් ගියේ පාසලට සිදු වී ඇති නස්පැත්තිය
දෙගුරුන්ට අවබෝධ කරවන්ට.”
“මොකද මහත්තයා මේ පැත්තේ?” පළමු වෙන් ම ගෙවැදුන
ගෙදර මනුස්සයා කෙළින්ම කතාවට බැස්සේ යටත් පිරිසෙන් ඉඳගන්නට වත් නො කියා.
“මේ ගෙදර ස්කෝලෙ යන ළමයි ඉන්නවද?”
“ඔවු ඇයි?”
“ඒ අය කොහාට ද යන්නෙ?”
“... .... ... ස්කෝලෙට”
“මොන පන්තිවල ද ඉගෙන ගන්නෙ?”
“කුඩාම එකී දෙකේ, ඊලඟ එකා හතරේ, ලොකු එකා හයේ”
“ඔය පන්ති මේ පාසැලෙත් තියනවනේ.”
“මොකද නැත්තේ තියනවා. ඇයි අපේ එවුන්ට ලොකු ස්කෝලෙකට යන්ට තහනම්ද?”
“අපෝ නෑ. මං අහන්නෙ ගමේ ම පාසලක් තියෙද්දි හැතැප්ම දෙක තුනක් දුර තැනකට
යවන්නෙ ඇයි කියල.”
“මේ
මහත්තයෝ මගෙන් සන්න සුරල් අහගන්නෙ නැතිව හොඳ හිතින් යනව ද?”
එදා
දවස තිස්සේ අවට ගම්මාන තුනක ඇවිද ලැබුණ පිළිතුරු එක සමාන විය. සපත්තු කලිසම් හැඳ
කරපටි පැළඳ පාසල් ලාංඡනය සහිත ඉරට මදින ලද ගවුම් හැඳ කිරි කොකුන් සේ පාසල් යන දූ
දරුවන්ගේ දර්ශනයෙන් මත් ව සිටි දෙමාපියනට ගමේ පාසැල ගම්වැසියන්ගේ වී වේලන, මිරිස් වේලන, හරකුන් බඳින මධ්‍යස්ථානයක්
වශයෙන් තමයි පරිහරණය කළේ.