ගුරු
නිවාසයක් සහිත විශාල ශාලා දෙකක් ඇති, වත්ත පිටිය
යහමින් ඉඩකඩ ඇති මෙම පාසැල රජයේ වෙනත් ව්‍යාපෘතියක් වෙනුවෙන් යොදවා ගුරුවරුන්ගේ
සේවාව ලබා ගත හැකි පාසල්වලට ඔවුන් මාරු
කිරීම ජාතික ධනය විනාශ කරණවාට වඩා යෝග්‍ය බව ප්‍රධාන අධ්‍යාපන නිලධරයාට දැනුම්
දුන්නා. එපමණක් ද නොව ආසනයේ මන්ත්‍රීවරයාට එම ලිපියේ පිටපතක් යැව්වා.
ප්‍රදේශයේ
මනිත්‍රී සමග ඇයි හොඳයි කම් පවත්වාගෙන එන කේළම්කාර වන්දි භට්ටයෙක් දවස් කීපයකට පසු
නගරයේදී මුණ ගැහුනා. ඔහු ඈත සිට ම හිනාවක් දමාගෙනයි ආවේ.
“ආයුබෝවන් විපුලසේන මහත්තයා ... ...!”
“ආයුබෝවන් ආයුබෝවන්!”
“ආයෙත් මේ ළඟට ඇවිල්ල කියල ආරංචියි.”
“ඔව් ඉතින්”
“ඔය ස්කෝලෙ ඔය තියන විදියට තිබුණාවෙ. මහත්තයගෙ පාඩුවේ මහත්තයගේ වැඩක්
බලාගෙන ඉන්න එක හොදයි.”
“නැත්නම්?”
“ආයෙත් ඈතකට යන්න වෙයි.”
“ඔය ඉස්කෝලෙ ඔය විදිහට වැහෙන්න ඇරල තියෙන්නෙ ඇයි?”
“අපි
ඔතන ලොකු කුකුළු ෆාම් එකක් දාන්ට, ඒකයි මන්ත්‍රී තුමාම ළමයි
ටවුමේ ස්කෝලවලට යැව්වේ.”
හතලිස්
අවුරුද්දකට විතර පස්සෙ එම පාසල අසල පාරෙන් ගමනක් යද්දී අභාවයට ගිය බුද්ධි කේන්ද්‍රයක්
දැක ගන්නට ලැබුණා. එවන් අභාග්‍ය සම්පන්න ඉරණමකට එම පාසල ගොදුරු වූයේ දේශපාලනඥයන්ගේ
කුහකකම් වලට ඡන්දදායකයන්ගේ මෝඩ කම් හා අමනකම් එක් වීමෙන් බව කිය යුතු දෙයක්.
“ඇයි වදේ ඔයා යන යන හැම තැනම එක වගේ නෙ. ඒක කරුමයක් ද මන්ද?”
“එක වගේ කියන එකට වඩා හොඳ සමස්ත අධ්‍යාපන පද්ධතියම ඔය වගේ ද කියල අහන
එක. එහෙම ඇහැව්වොත් මං දෙන පිළතුර ඇත්ත වශයෙන්ම ‘ඔව්’ කීමයි”
“ඊට පස්සෙ මොකද කළේ?”
“කරපු අටංගෙඩියක් නෑ. මන්ත්‍රීටත් එපා නම් මං අහවල් කෙං ගෙඩියක් කරන්ට යැ. වැල යන පැත්තට මැස්ස ගැහීමේ න්‍යායය ජීවිතයේ පළමුවෙන්ම එතැනින් පටන් ගත්තා.”
ඔය
අතරෙ 71 විප්ලවය පටන් ගත්තා. ගුරු මණ්ඩලයේ අය භීතියට පත් වී සිටියත් මං තුට්ටු
දෙකකට ගණං ගත්තෙ නෑ. රාජ්‍ය අංශයේ වැරදිත් තරුණයන්ගේ වැරදිත් සමානව විග්‍රහ කළා.
රටේ පරිහාණියට හේතුව පාලකයන්ගේ අත්තනෝමතික හා අදාන්ත ක්‍රියා නම් ඒවාට වග කිව
යුත්තේ ගම්බද ඡන්දදායකයා නොව, රාජ්‍ය පාලකයන් නිසා මරා ගෙන කෑ යුත්තේ ඔවුන් බව
කීවා. ආරක්ෂක අංශය ගෝණිබිල්ලන් යොදවා කරණ ජන සංහාරය පිළිකුල් සහගත බව ප්‍රකාශ කළේ
පෞද්ගලික කෝන්තර පිරිමසා ගැනීමට ගෝණි බිල්ලන් ක්‍රියා කරණ බව පෙන්වා දෙමින්. වැස්ස,
සුළඟ, ඉඩෝරය, වසංගත
රෝග වැනි දෙයින් ආර්ථිකය පිරිහුණොත් ජනතාව නැගී නො සිටින බවත්, කාමසුඛල්ලිකානු යෝගය උදෙසා පාලකයන් ජාතික
ධනය කාබාසිනියා කිරීම මස්-ලේ ඇතිවුන් නො ඉවසන බවත් ප්‍රසිද්ධියේ ම කියා පෑවා.
කැරැල්ල අවසන් වන විට ජාතියේ ප්‍රණාළිය වූ තරුණයන් දස දහස් ගණනින් මෙලෙස සිත් පිත්
නැති පොළොවට එක් කළා. ඒත් සිදු වූ ප්‍රතිඵලයක් නෑ. ජාතික ධනයෙන් අඹු දරුවන් පෝෂණය
කරණ නිවට නියාලුවන්ගේ ආරක්ෂාව මැද තමනුත් පවුලක් රැකගත් පාලකයන් නැවත වරක් ජාතික ධනය
කාබාසිනියා කරමින් උඩ පිනුම් බඩ පිනුම් ගහන්නට පටන් ගත්තා. ‘නැටූ අඩව්වකුත් නැහැ
බෙරේ පලුවකුත් නැහැ’ කියන්නෙ ඔන්න ඕකටයි.