බස්
රථයට අවශ්‍ය තෙල් ලබා ගැනීමට පිරවුම් පොළක දී මඳක් නැවතුණා. මගීන්ද එකා දෙන්නා බැස
සුළු සුළු ආහාර වර්ග ගත්තා. විපුලෙ කොන්දොස්තර සමග නගරයේ ටික දුරක් ගියා.
ඔහු ආපසු ආවේ සුළඟේ පාවුන ගමන් මල්ල බර කර ගනිමිනි. අවස්ථාවට අනුකූලව ක්‍රියා
කිරීමට තරම් පැසුණ බුද්ධියක් ඔහු සතුව තිබුණ බවට එය කදිම සාක්කියකි.
බසයට
නැගුන ගමන් අලුත් බෝතලය මහ පෙට්ටගමේ තැන්පත් කළ විපුලෙ අඩක් අවසන් කළ
බාගයක් දෙකකුල් අතර කුඩා දරුවෙකු සේ රුවා ගත්තා. භාගයේ ප්‍රථම කොටස විපුලෙ
ගත් අතර අවශේෂ කොටස මාවෙත පැවරුවේ ‘ජාඩියට මූඩිය’ කියන්නාක් වැනි බැල්මකින්.
“ඔය ගොල්ලො ආව වන්දනාවෙද එහෙම නැත්නම් ජොලියට ද?” මිලිනා විමසයි.
“ඔයා ආවෙ වන්දනාවෙද එහෙම නැත්නම් ... ...” විපුලෙ අසයි.
මිලිනාගෙ දෑසට
කදුළු පිරුණා. දෙතොල්පෙති සෙලැවුණා. පපුව ස්පොන්ජියක් මෙන් උස් පහත් වුණා. කෙළි
දෙළෙන් සිටි ගැහැණියකගේ හදවතට ඇගේ චරිතය අරබයා කරණ කුඩා සමචිචලයක් වුවද විශාල
වේදනාවක් ඇති වීම ස්වාභාවිකයි. එහෙත් විපුලෙ නරුමයෙකු සේ ප්‍රශ්නයකින් වුව
එල්ල කළ ප්‍රහාරය ඉතා බිහිසුණු ක්‍රියාවක් බව මට සිතෙයි. මිලිනාගේ හිත සමහන් කර ගනු වස් මෙසේ කීවෙමි.
“අවස්ථාවට අනුව කටයුතු කිරීම අප කාගේත් ස්වභාවයක් නේ. ඒක පන්සල ද පල්ලිය
ද කෝවිල ද කියා වෙනසක් නෑ. වන්දනා කරමින් බොන්නෙ නෑ නෙ. අනික අපේ වයස අනුව පැරණි
පුරුදු ක්‍රියා අනුව ටිකක් ගන්නවා. අරක්කු බීම තහනම් කරල නෑනෙ මොන ආගමකවත්. රටක
නීතියකවත්. පන්සිල්වල තියෙන්නේ “මජ්ජ පමා දට්ඨානා වේරමණී”
කියල නෙ. මත් වීමට, පමාවීමට, අකර්මන්‍ය වීමට හේතු වූ දෙයින් වැළකිම ගැනනේ. අපි අරක්කු බීවහම හොඳ
අදහස් සිද්ධීනේ කතා කරන්නේ. විපුලෙ මොනව හරි කියල ඔයා අවුස්සා ගන්ට හදන්නේ
වැඩි ආදරයට.”
“ඒක යකාගෙ ආදරයක්. කියන කතා පපුවට පිහියෙන් අනින්නා වගේ” මිලිනා කදුළු සලයි.
“ඔය දෙන්නා හරියට අළුත බැදපු ජෝඩුවක් වගේ.” මම
කියමි.
මිලිනා හදවත
කොනිත්තන බැල්මක් විපුලෙ දෙස හෙළුවාය. විනාඩි කීපයකින් දෙදෙනා සමගි
සන්ධානයකට පැමිණියහ.
“දැන් ඔක්කොම හරිනෙ නවත්පු තැන ඉඳල කතාව කියන්ට.” මිලිනා අයැදියි.
මං
දවසක් මගේ පෞද්ගලික අවශ්‍යතාවයකට නගරයට ගියා. දන්නා කියන ප්‍රදේශයේ වැදගත් බොහෝ
දෙනෙකුත් එහි දී මුන ගැසුණා. ඒ සියළු දෙනාම කීවේ තමන් ආවේ U.N.P. රැස්වීමකට - රාජෝපවනාරාමයේ
තියෙන්නේ. ආසනය වෙනුවෙන් මධ්‍යම බල මණ්ඩලයක් පිහිටුවා ගැනීම ප්‍රධාන අරමුණ කියලයි.
මාත් එතෙක් කිසිම දේශපාලන රැස්වීමකට සහභාගී වීවි නො තිබුණත්, U.N.P කාරයන්ගේ කෙරුවාව
බලන්ටත් එක්ක මාත් ගියා රාජෝප වනාරාමයට; හිටියා එතන සියයක් හමාරක් දේශපාලන
කැසිල්ල හැදුණ අයවලුන්.
සිරිමාවෝ
බණ්ඩාරනායක රජයෙන් ජනතාවට එල්ල කරණ පීඩනයත් ප්‍රදේශයේ මන්ත්‍රී සහ
ඔහුගේ සහචරයන්ගෙන් සිදුවන අකටයුතුත් එක්
එක් කථිකයා ගෙන් කියැවුණා. එ බැවින් කළ යුත්තේ U.N.P රජයක් පිහිටුවා ගැනීම බව
ඔවුන්ගේ කතාවල හරයයි. ඒ සඳහා අපේ මැතිවරණ කොට්ඨාශය ජයග්‍රහණය කළ යුතු බැවින් මධ්‍යම
බල මණ්ඩලයක් පිහිටුවා ගත යුතු බවට මූලාසනයෙන් යෝජනා කෙරුණා. එබැවින් ඊට සුදුස්සාගේ
නම් ඉදිරිපත් කරණ ලෙස කීවා.