කිසිදු
ක්‍රම වේදයකින් තොරව තම තමන් දන්නා හඳුනන අයවලුන්ගේ නම් සභාවට ඉදිරිපත් කළා. නම්
කියැවුණ බොහෝ දෙනෙකුත් තනතුරු ප්‍රතික්ෂේප කළා. ඊට හේතු වශයෙන් දැක්වූයේ පවත්නා
මර්දනය තුළ ප්‍රසිද්ධ දේශපාලනයේ නිරත වෙන්නට තමන්ට නො හැකි බවයි.
මගේ
හිත කොණහන්නට පටන් ගත්තා. මේ ක්‍රමය වැරදියි. ජයග්‍රහණයක් ලබන්නට නම් ඊට සුදුසු
උපාය මාර්ග අනුගමනය කළ යුතු බව. ඒ නිසා අනාරාධනයකින් ම නැගී සිට මෙසේ කියාගෙන
ගියා.
“සභාපති තුමනි! සාමාජික වැරුනි! මේ මැතිවරණ කොට්ඨාශයේ වට ප්‍රමාණය
සැතපුම් වලින් සියයක් පමණ වෙනවා. ඈත එපිට ගම් යාමට ඊමට
හරි හමන් පාරක් තොටක් නෑ. හරිම කර්කෂයි; දුෂ්කරයි. එදා වේල සොයා ගන්න දුප්පතුන්
ගොවීන් තමයි ජීවත් වෙන්නේ. ඒ අය තමා අපේ ඡන්ද දායකයෝ.
මේ
අසරන ඡන්ද දායකයන්ට සැපතක් උදා කර දීමයි අපේ පරමාර්ථය විය යුත්තේ. එහෙම නැතිව
අපේක්ෂකයා දිනවීම පරමාර්ථය කර ගත්තොත්, දිනූ අපේක්ෂකයා ආපසු හැරී බලන්නේ නෑ - තමන්
දිනවූයේ කවුරුන්ද කියා. මේ නිසා මැතිවරණ කොට්ඨාශය ආවරණය වන පරිදි ශක්තිමත් පවුරක්
බඳින්නට ඕනෑ. ඒ සඳහා ගම් දෙක තුනකට තියෙනවා පන්සලක්. එම පන්සලේ සහයෝගය අවවාද
අනුශාසනා අත්‍යවශ්‍යයි. සෑම ගමකම ඉන්නවා වෙදුන්. ඒ අයත් සම්බන්ධ කර ගන්නට ඕනෑ. ගමේ
ම හෝ වෙන ප්‍රදේශවලින් ආ ගුරුවරුන් ඒ වගේම පක්ෂ දේශපාලනයට අකමැති එහෙත් පවත්නා
පාලනයට එරෙහි වූ ගම් ප්‍රධානයන් මිල මුදල් යාන වාහන ඇති අයත් රැස් කර ගන්නට ඕනෑ.
මෙතැන ඉන්න මහත්ම මහත්මීන් තමන්ගේ ගමේ ඒ කියූ උදවියගේ නාම ලේඛනයක් සකසා ගන්ට ඕනෑ.
ඒ වගේම බාහිර කරදරවලින් තොර නිදහසේ ක්‍රියා කළ හැකි තරුණ තරුණියන්ගේ ලේඛනයකුත් ඊට
ම එක්කර ගත යුතු වෙනවා. ඊලඟට අපට මුහුණ දෙන්ට ඇති ප්‍රධාන අවහිරතාව තමයි නගරයට
නිතර දෙවේලේ පැමිණීම. මේ නිසා මුළු මැතිවරණ කොට්ඨාශයම ආවරණය වන පරිද්දෙන් ප්‍රාදේශීය
බල මණ්ඩල පිහිටුවා ආසන්න ගම්වල සමිති සමාගම් එම ප්‍රාදේශීය බල මන්ඩල අනුයුක්ත
කරණවා. ඒ ප්‍රාදේශීය බල මණ්ඩල වලට නිලධරයන්ගෙන් තමා මධ්‍යම බල-මණ්ඩලය ස්ථාපිත කළ
යුත්තේ. එවිට මුළු මැතිවරණ කොට්ඨාශය ම එක මිටකට ගන්නට හැකිවේවි. එය මං මේ ගරු
සභාවට යෝජනාවක් වශයෙන් ඉදිරිපත් කරණවා.”
කියා
කට ගත නොහැකි විය. සාමාජිකයෝ අත්පුඩි ගසමින් එය හොඳ වැඩ පිළිවෙලක් බව තහවුරු කළහ.
පැමිණි සිටි ප්‍රබලයන් කීප දෙනෙකු සභාපති වරයා සමඟ කුටු කුටු ගානු පෙනිණ. ඒ අතර
සබාවේ සිටියෙකු නැගී සිටියා. ඔහු මෙසේ කීවා.
“මෙච්චර කාලයකට වුණේ එක්සත් ජාතික පක්ෂයේ පතාක යෝධයන් කියා හිතා ගෙන
හිටි කීප දෙනෙකුන්ගේ කියුම් කෙරුම්වලට කන් දී ගෙන සිටීම. ඒ අය පවතින ආණ්ඩුවෙනුත්
තමන්ගේ ඕනෑ එපා කම් පිරිමසා ගන්නවා. තවත් ඒ විදියට ම වැඩ කරණවා නම් මේ 1973,
හැත්තෑ හතේ, අටේ විතර පැවැත්වෙන
මැතිවරණයෙනුත් අපි පරදිනවා. ඒ නිසා අර මහත්මයෙකු දීර්ඝ විස්තරයක් කරමින් ගෙන ආ
යෝජනාව ස්ථිර කරණවා පමණක් නො වෙයි, ඒ මහත්මයා ම අපේ සංවිධානයේ මහා ලේකම් කමට
සුදුසු බවට ද යෝජනා කරණවා.”